මංගල, ඔබ කාගේ විදේශ ඇමැති ද?

Published in පුවත්
Sunday, 26 April 2015 18:07

අද රටේ විදේශ ඇමැතිවරයාවූවට වඩා මංගල කෙරෙහි අපගේ ගෞරවයක් එදා සිටම තිබිණි. ඒ ප්‍රතිපත්තිගරුක දේශපාලකයකු ලෙස ඔබ මේ දේශපාලන බිමේ තවමත් ‍රැඳී සිටීමය. ඔබ ප්‍රාජතන්ත්‍රවාදියකු ලෙස අචලව නොබියව පෙනී සිටීමත් ඒ වෙනුවෙන් සටන් කිරීමත් නිසා මේ බිමෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පලවා හැරීමට හැකි විය. ඒ සටනේ ප්‍රධාන සෙන්පතියා වූයේ මංගල ඔබය. ඒ ගැන කිසිවකුට වාද කළ නොහැක.

එහෙත් මේ සටනේ ඔබ හා ජිවිත පරදුවට තබා කටයුතු කළ වුන් තවත් බොහෝ දෙනෙක් සිටියේය. රාජපක්ෂවරුන්ගේ තාඩනයට පීඩනයට මරණ තර්ජනයට ලක්වෙමින් සිටියද සටන අත්නොහැර සිටියවුන් ගනනාවක් සිටී. ඒ අතරීන් දැඩි මරණීය තර්ජන හමුවේ තාවකාලිකව මෙරටින් පිටව ගොස් වෙනත් රටවල ‍රැකවරණ පැතුවේය..අද නේපාලයේ භූ කම්පනයට හසුව තවත් ජීවිත තර්ජනයකට මුහුණපා සිටින මාධ්‍යවේදීන් කිහිප දෙනාද ඒ අතර සිටි අයයි.

මංගල, ඔබ විසින් ‍තෝරනු ලැබූ ඇතැම් ව්‍යපෘතිවල කොටස්කරුවන් වීම නිසාම රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්ව මේ පිරිසට නේපාලය බලා යන්නට සිදුව තිබුණු බව ඔබට අමතක කළ නොහැක.

රාජපක්ෂවරු බලයේ සිටිනතාක්කල් ඔවුන්ට මෙරටට එමට නොහැකිව සිටි අතර යහපාලන ආණ්ඩුව පත් වීමන් පසුව එනම් මෙරට අවම තරමින් ප්‍රජාතන්ත්‍රවාදයවත් තහවුරු වීමෙන් පසුව ඔවුන් අපේක්ෂා කළේ නේපාලයේ දුක් විඳි ජීවිතය අවසන් කරන්නටය. එහෙත් දඩ මුදලක් හරස් වීම හේතුවෙන් ඔවුන්ට මේ වන තෙක්ම මෙරටට පැමිණීමට හැකිවූයේ නැත.

විදේශ ඇමැතිවරයා ලෙස මංගලටත් ජනාධිපතිවරයාටත් අගමැති වරයාටත් ඔවුන් මුහුණ පාසිටින ගැටළුව අනෙක වාරයක ලිඛිතවම දන්වනු ලැබූ නමුත් කිසිවකුත් තඹ පයිසයකට ගනන් ගත්තේ නැත. වෙනත් උපක්‍රම, හිතවතුන් මාර්ගයෙන් මේ ගැන නැවත නැවත මතක කර දීම සිදු කළත් යහපාලන ආණ්ඩුවට වගේ වගක් නැති විය.

භූ කම්පනය සිදු වූයේ ඒ අතර වාරයේදීය. නේපාලයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානයක් අද දින එරටට යවා තිබුණු නමුත් එරට සිටින තනාපති නිළධාරියා ලෙස හඳුන්වන ජඩයා විසින් මේ මාධ්‍යවේදීන් කිහිප දෙනා අතහැර දමීමට කටයුතු කර තිබිණි. කුමක් හෝ හේතුවක් මත ඒ ඉතා දැනුවත්ව සිදු කර ඇති බව පැහැදිලිය.

මේ වැනි කාලකන්නි නිළධාරීන් හිටියේ රාජපක්ෂ යුඅගයේයැයි මංගල ඔබ විසින් ම කිහිප වතාවක්ම පෙන්වා දී තිබිණි. එහෙත් මේ යහපාලන යුගයේදී ඔබේ යටතේද මෙවැනි ජඩයන් සේවය කිරීම යහපාලනය කෙරෙහි අපුලක් දැනවීම වැලැක්විය නොහැකිය.

අප ඉල්ලා සිටින්නේ ඔබ කාගේ විදේශ ඇමැතිදැයි අපට අසන්නට ඉඩ නොතබා වහාම මේ වෙනුවෙන් මැදිහත් වන ලෙසයි. අද ඔවුන්ගේ දේශපාලන මති මතාන්තර ඔබේ මතිමතාන්තර හා නොගැල පෙන්වා විය හැකිය. එහෙත් ඔවුන් ට රටින් පලායන්නට සිදු වූයේ මෙරටේ හෙට දවස වෙනුවෙන් යම් කොන්ද පණ ඇති දායකත්වයක් දැක්වීම හේතුවෙනි. එදා ඔබේ සටන් පාඨ වූ 'ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරමු., අවනීතියට එරෙහිව සටන් වදිමු' යන්නට කිසිවකුත් එක් නොවන අවස්ථාවක කොන්දේසි විරහිතව සහය වන්නට ඉදිරිපත්වූ කිහිප දෙනාට මේ පිරිසද අයත්ය..

මංගල සමරවීර අපගේ හිතවතානෙණි, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුණු දේශපාලකයකු ලෙසත් මෙරට සියළු පුරවැසියන්ට වගකිව යුතු විදේශ අමාත්‍යවරයකු ලෙසත් මේ ගැටලුවට මැදිහත්වීම ඔබට මගහැර යා නොහැකි වගකීමක් බව අප අමුතුවෙන් ඔබට පැවැසිය යුතු නොවේ.. එහෙත් මේ නොපමාව ඉ‍ටුකරන ලෙස අප ඉල්ලා සිටිමු.

 

මේ ලංකා ඩේලි වෙබ් අඩවියේ ඉල්ලීමකි

Last modified on Sunday, 26 April 2015 18:22

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us