කාන්තාවන්ට 50% ක නියෝජනයක් දෙන්න -අජිත් පී පෙරේරා(audio)

Published in පුවත්
Monday, 11 May 2015 13:05

ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් වූවත් පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය පසුගාමී තත්වයක පවතින බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

වර්තමානය වන විට සියලු දේශපාලන පක්ෂ අලුත් ක්‍රමයක් උදෙසා මූලික ප්‍රතිපත්තිමය එකගකාවයකට පැමිණ ඇති බවත් ,එමගින් අලුත් මැතිවරණ ක්‍රමයකට යාමට විවිධ යෝජනා ඉදිරිපත් වන බවත් අජිත් පී පෙරේරා පවසයි. නමුත් මෙම යෝජනා වල බරපතල ප්‍රශ්නයක් ඇති බවත්, පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීම සදහා අවශ්‍ය වන්නාවූ ප්‍රතිපාදන කිසිවක් කිසිම යෝජනාවක අන්තර්ගත නොවන බවත් හෙතෙම පවසා සිටියේය.

අද වන විට ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් බවත් වැදගත් සෑම වෘත්තියකම බහුතරය නියෝජනය කරන්නේ කාන්තාවන් බවත් අමාත්‍යවරයා පැවසුවේය.තත්වය මෙලෙස පවතිද්දී පාර්ලිමේන්තුව තුළ පමණක් කාන්තා නියෝජනය පසුගාමීව පැවතීම පිළිබදව අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා සදහන් කළේය.

මනාප ක්‍රමය ඉවත් කිරීම තුළ මෙම ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බවත් මනාප ක්‍රමය ඉවත් කරන අතරම කාන්තා නියෝජනය අවම මට්ටමක හෝ පවත්වා ගෙන යාමට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන යෙදීමට යෝජනා කරන බවත් පැවසුවේය.

පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය පවත්වාගෙන යාම සදහා ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නාවූ මන්ත්‍රීධූර වලින් 50% ක් කාන්තාවන්ට වෙන් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සෑම පක්ෂයක්ම එම නියෝජනය තහවුරු කළ යුතු බවත් මෙය යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් අවබෝධය සපිරි කාන්තාවන්ගේ අදහස් වැදගත් බවත් ඒ සදහා කාන්තා නියෝජනය පවත්වාගෙන යාමට ඇති ප්‍රායෝගික ක්‍රමය වන්නේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීධූර වලින් 50% ක් කාන්තාවන්ට ලබාදීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ajith-p-perera2015-05-11-112040{/soundcloud}

Last modified on Monday, 11 May 2015 13:10

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us