20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණි. එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.
කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සුළු පක්ෂ ඇමතිවරු තම පක්ෂ වලට මේ හරහා අසාධාරණයක් සිදුවන බව පවසා ඊට විරෝධය පළ කර ඇත. ජනාධිපතිවරයා අදාළ සංශෝධන සිදුකර මෙම ගැටලුව විසඳීමට එකඟ වී තිබේ.