අල්ලස් කොමිසම දිල්රුක්ෂි ඩයස් නිදහස් කරයි

Published in පුවත්
Friday, 29 May 2015 11:03
අල්ලස් හා  දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට  එරෙහිව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරියක් ලෙස දීමනා ලබාගැනීම සම්බන්ධයෙන්  වූ   චෝදනා අසත්‍ය බව  අල්ලස් කොමිසම තීරණය කොට  තිබේ.
 
 ඇයට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් කොමිසමේ සභාපතිවරයා  වෙත  පසුගිය  අප්‍රේල් මස පැමිණිල්ලක්  ඉදිරිපත් කර  තිබුණි.  
 
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ 2003 - 2008 කාල වකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේද නීති උපදේශකවරියක් ලෙස දීමනා ලබාගැනීම සම්බන්ධයෙන්  ඇයට එරෙහිව  චෝදනා එල්ල විය. 
 
 කෙසේවෙතත් එම  පැමිණිල්ල පිළිබඳ  විභාග කිරීමට  කොමිසමේ සභාපති  ජගත් බාලපටබැඳි ගේ ප්‍රධානත්වයෙන්  පත්කළ  කමිටුව  එම  චෝදනා අසත්‍ය බව තීරණය කර  තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us