ඩී.වී උපුල්ව රහස් පොලීසිය විසින් ඊයේ(08) පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.
ඉදිරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගල් ගසා මරන බවට පසුගියදා තිස්සමහරාමයේ පැවැති රැස්වීමකදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සමාජජාල වෙබ් අඩවි වල පළව තිබුණි.ඒ අනූව ඩී.වී උපුල් මහතා ඊයේ පෙරවරුවේ රහස් පොලීසියට කැඳවා තිබිණ.