විමල්ගේ පක්ෂ කාර්යාල වසා දමයි.

Published in පුවත්
Thursday, 11 June 2015 12:08

විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල සියල්ලම පාහේ මේවන විට වසා දමා ඇති බව වාර්තාවේ.

කාර්යාල හා ඊට අනුයුක්ත කර සිටි දිස්ත්‍රික් සංවිධායකවරුන් නඩත්තු කිරීමට නොහැකි වීම නිසා මෙලෙස කාර්යාල වසා දැමීමට හේතු වී තිබේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී විමල් වීරවංශ මහතා නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිව සිටියදී තම පක්ෂයේ නඩත්තු කටයුතු සිදු කළේ රජයේ වියදමින්ය. පක්ෂයේ සාමාජිකයන්ට ඔහු යටතේ වන ආයතයන්හී ‍රැකියා හා දේශපාලන පත්වීම් ‍රැසක් ලබා දී තිබු අතර පක්ෂය නඩත්තු කිරීම කිරීම සඳහා ඇතැම් ව්‍යාපෘති හරහා මුදල් ඒකරාශී කරගත් බවටද චෝදනා එල්ලවී ඇත.

මේ වන විට එම ආදායම් මාර්ග අහිමි වීම නිසා පක්ෂය පවත්වාගෙන යාම අසීරු වී ඇත. සුළු සාමාජිකයන් පිරිසක් සිටින ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස ‍රැකියාව කරන්නෙකුට මාසිකව රුපියල් තිස් දහසක වැ‍ටුපක් ගෙවු බවද වාර්තාවේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us