ශ්‍රීලනීපයේ සියලුම මන්ත්‍රීවරුන් මෛත්‍රීගෙන් නාමයෝජනා ඉල්ලලා

Published in පුවත්
Saturday, 13 June 2015 07:42

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට මේ වනවිට ඉල්ලුම් කර ඇතැයිද නාමල් රාජපක්‍ෂ මහතා ද නාමයෝජනා ඉල්ලා ඇතැයි ද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

කෙසේ නමුත් ඊයේ දිනයේදීද මාතර පැවැති රාජපක්ෂවාදීන්ගේ ‍රැළියේදී අවධාරණය කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහි‍ටුවනු ලබන නව පක්ෂයකින් ශ්‍රීලනීපයේ විශාල පිරිසක් තරගකිරීමට සූදානමින් සිටින බවය.එමෙන්ම සිංහල ජාතිවාදී කොටස්වල සහයෝගයෙන් පමණක් අගමැතිධුරය ලබගත හැකි බව මෙම කණ්ඩායම විශ්වාස කරයි.

එහෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පක්‍ෂයේ ඡන්දවලින් පමණක්‌ ජයග්‍රහණය කර තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි බවත් ජයග්‍රහණය කිරීමට නම් සුළු ජාතික ඡන්ද වගේම, තරුණ ඡන්ද, පාවෙන ඡන්ද, උගතුන් බුද්ධිමතුන්ගේ ඡන්දත් පක්‍ෂයට ලබාගත යුතු බවත් සේනාරත්න ඇමැතිවරයා කීය.

ඉදිරි මහ මැතිවරණයේ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ දිනවල ගනිමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

Last modified on Saturday, 13 June 2015 07:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us