ජූලි මස සිට බල පැවැත්වෙන ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව රෝගියා වෙත ඖෂධ වර්ගයේ නාමය, සන්නාම නාමය සහ භාවිතා කරන ප්‍රමාණය මෙන්ම සම්පූර්ණ පිරිවැය එම බිල්පතේ ඇතුළත් කළ යුතුවේ.
ප්‍රතිකාර සඳහා භාවිතා කරන සියලූ වෛද්‍ය උපකරණ සහ ඒ සඳහා පිරිවැය අඩංගු විස්තරයක්ද රෝගීන් සඳහා නිකුත් කරනු ලබන අදාළ බිල්පතේ දැක්වීම අනිවාර්ය කර තිබේ.