දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ වැඩ මෙහෙමයි

Published in පුවත්
Wednesday, 17 June 2015 05:37

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු පිළිබඳ මහජනතාව නොමඟ යවන ආකාරයෙන් සිතා මතා සිදුකරනු ලබන ප්‍රකාශ හා ඒ අනුව පළ වන විවිධ මාධ්‍ය වාර්තා පිළිබඳ මෙම කාර්යාලයේ අවධානය යොමුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙ‍ෙස්ද සඳහන් වේ.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015.02.19 දින ස්ථාපිත කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි. මෙම කාර්යාලයේ සේවයට තෝරාගෙන ඇත්තේ රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතනවල පළපුරුදු අවංක දක්ෂ නිලධාරින්ය. තව ද විවිධ ක්ෂේත්‍රයන් හි ප්‍රවීණ උපදේශකවරු කිහිපදෙනෙක් පූර්ණකාලීනව සේවය කරන අතර ඊට පරිබාහිරව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණ නීතිඥයෝ සහ විගණන නිලධාරිහු කිහිපදෙනෙක් ද සම්පත් දායකයෝ ලෙස මෙම කාර්යාලයේ කටයුතුවලට අවශ්‍ය අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් සහාය ලබා දෙති. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයකුගේ නීතිඥ සහාය ද මෙම කාර්යාලය සඳහා ලබා ගැනේ.

විවිධාකාර දූෂණ සහ වංචා, බරපතළ මුල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි 215ක් පසුගියදා (15) වන විට මෙම කාර්යාලයට ලැබී තිබුණු අතර ඉන් පැමිණිලි 137ක් අධ්‍යයනය කොට පහත විමර්ශන ආයතන වෙත විමර්ශන සඳහා එම තොරතුරු භාර දී ඇත.

පොලිස්පතිතුමා - 07, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය - 95, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 11, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම - 23, පොලිස් නීති කොට්ඨාසය - 01.

විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් පසු එම විමර්ශනයන්ට අදාළව ලැබෙන අමතර තොරතුරු ද එම විමර්ශන ආයතනයන් වෙත යොමු කරනු ලැබේ. ඉහත තොරතුරුවලට අදාළ පැමිණිලි 137ක් ලැබී තිබුණේ පහත සඳහන් ආයතන සහ පුද්ගලයන් වෙතිනි.

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය ආයතන 19,

දේශපාලන පක්ෂ සහ අනෙකුත් සිවිල් සංවිධාන.

I. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 06

II. එක්සත් ජාතික පක්ෂය - 04

III. ජනතා විමුක්ති පෙරමුණ / දූෂණ විරෝධී හඬ - 11

IV. ජාතික හෙළ උරුමය - 10

V. පුරවැසි සංවිධානයන් - 1

වෘත්තීය සමිති 07

මහජනතාව (පැමිණ සහ තැපැල් මඟින්) – 79

මුළු එකතුව - 137

ඊට අමතරව මෙම කාර්යාලයට වෙනත් කිසිදු මාර්ගයකින් පැමිණිලි ලැබී නොමැත.

එමෙන්ම පරිපාලන අක්‍රමිකතා පිළිබඳ ද මෙම ආයතනයට පැමිණිලි 193ක් ලැබුණු අතර, ඒ අතුරෙන් පැමිණිලි 162ක් පහත සඳහන් ආයතන වෙත සුදුසු ක්‍රියාමාර්ග ගැනීම හෝ වැඩිදුර වාර්තා ලබාගැනීම සඳහා යොමු කොට ඇත. එය පහත පරිදිය.

අධිකරණ සේවා කොමිෂන් සභාව - 01, දකුණු පළාත් ආණ්ඩුකාරතුමා - 1, රාජ්‍ය සේවා කොමිෂන් සභාව - 03, අමාත්‍යාංශ ලේකම්වරු - 39, දෙපාර්තමේන්තු ප්‍රධානීන් - 57, පොලිස්පතිතුමා - 29, යුද හමුදාපතිතුමා - 04, දිස්ත්‍රික් ලේකම්වරු - 15, ප්‍රාදේශීය ලේකම්වරු - 10, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම - 03.

මෙම ලේකම් කාර්යාලයේ කටයුතුවලට කිසිදු දේශපාලනඥයකු විසින් බලපෑම් නොකෙරෙන අතර රටේ සිදුවූ මූල්‍ය අපරාධවලට එරෙහිව විමර්ශන සඳහා කාර්යක්ෂම සහ ඵලදායි ප්‍රවේශයක් ලබාදීමට මෙම කාර්යාලය සමත් වී ඇත. එහි සියලු කටයුතු පූර්ණ ලෙස ම නීත්‍යානුකූල සහ අපක්ෂපාතී අයුරින් සහ රටේ සාමාන්‍ය නීතියට අනුකූලව සිදුවන වන අවධාරණය කරමි. එබැවින් බරපතළ මූල්‍ය අපරාධ, වංචා හා දූෂණ පිළිබඳ ඔබගේ පැමිණිලි කිසිදු පැකිලීමකින් තොරව ලබා දෙන ලෙස මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.

දුරකථන අංක 0113010162, 0113010161, 0755404040, ෆැක්ස් 0112393295, 0114354708

ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

dinamina

Last modified on Wednesday, 17 June 2015 05:52

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us