ගෝත්‍රික මහින්දගේ අලුත් ප්‍රතිපත්තිය ''නවීන දේශයක්- අදීන ජාතියක්- සුහද සමාජයක් '' Featured

Published in පුවත්
Thursday, 18 June 2015 15:33

සන්ධානය ශක්තිමත් කරමින්, ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා ශ්‍රී.ල.නි.ප ප්‍රබලයින් 'මෛත්‍රී- මහින්ද' සමගි කිරීමට වෙහෙසෙද්දී, 'මහින්දවාදීන්' කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයා ගේ මූලිකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයට වෙනම තරඟ කිරීම සඳහා ප්‍රතිපති ප්‍රකාශනයක් ද කෙටුම්පත් කර මුද්‍රණයට සුදානම් කර තිබේ.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, ''නවීන දේශයක්- අදීන ජාතියක්- සුහද සමාජයක් '' නමින් යුතු එම ප්‍රතිපත්ති ප්‍රකාශය කෙටුම්පත් කොට ඇත්තේ, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මුලිකත්වයෙනි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ද එම ප්‍රතිපත්ති ප්‍රකාශන කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබේ.

රාජපක්ෂ පවුලේ ගෝත්‍රික වුවමනාවන්ට මෙරට ජනතා අභිලාෂයන් යටපත් කරමින් වසර 9ක් තිසේ ගෙන ගිය මිලිටරි ඒකාධිපති දූෂිත පාලනය මෙරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව යළි අලුත් වෙස් මුහුණක් බැඳගෙන ජනතාව ගොනාට අැන්දීම සඳහා මේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය සකසා ඇත.


නවීන දේශයක්- අදීන ජාතියක්- සුහද සමාජයක් යන අරමුණු ත්‍රිත්වයේ මුලික වගකීම හා යුතුකම සපුරාලමින් දිනූ දේශය යලි ගොඩනැගීම සඳහා දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන බව එහි කෙටුම්පත් සම්පාදකයින් පවසති.

2015 මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් කෙටුම්පත් කර ඇති එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිටු 19 කින් යුතුවේ.

දේශපාලන පලිගැනීම සඳහා, යහපාලන ආණ්ඩුව පවතින නීතියෙන් පරිබාහිරව පිහිටුවන ලද ආයතන සියල්ල විසුරුවා හරින බවත්, දේශපාලන අධිකාරිය විසින් යට ගසන ලද මහා බැංකු ණයකර වංචාව වැනි මහ පරිමාණ දුෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා පවතින නීති රාමුව තුල දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත පළවේ.

scan000101

scan000102

scan000103

scan000104

scan000105

scan000106

scan000107

scan000108

scan000109

scan000110

scan000110

 

scan000111

 

scan000112

 

scan000113

 

scan000114

scan000115

scan000116

 

scan000117

scan000118

scan000119

 

Last modified on Thursday, 18 June 2015 16:12

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us