කිසිම ආණ්ඩුවක් නොකළ වැඩ කොටසක් දින 100 න් අපි කළා - අගමැති

Published in පුවත්
Thursday, 18 June 2015 16:36

දින 100 වැඩසටහන වැනි  සාර්ථක වැඩසටහනක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ ඉදිරි සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධයෙන් දිසාපතිවරුන් ඇතුලූ රජයේ නිලධාරීන් සමග අද(18)  කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකළ සම්පුර්ණ කතාව පහත දැක්වේ. 

 

නව රජයේ දින 100 වැඩසටහන සාර්ථකව අවසන් කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබාදුන් මේ දිසාපතිවරුන් ඇතුලූ සියලූම රාජ්‍ය නිලධාරීන්ට පළමුවෙන්ම මම මගේ ස්තූතිය පුද කරනවා. දින 100 වැඩසටහන පිළිබඳව කරුණු කාරණා දැනුම් දී වැඩ ආරම්භ කිරීම සඳහා මම මේ නිලධාරීන් මුලින්ම කැඳවූයේ මාර්තු මස 20 වැනි දා වන අතර අප්‍රේල් මස අවසන් වන විට ඒ වැඩ කටයුතු බොහෝ දුරට අවසන් කිරීමට අපට හැකි වුණා. අවශ්‍ය මුදල් සොයා ගැනීමට තාවකාලිකව නොහැකි වූ නිසා සමහර වැඩ කටයුතු කල් ගියත් ඒ මුදල් කෙසේ හෝ ලබාදීමට අප අවශ්‍ය පියවර ගත්තා. 

මේ දින 100 වැඩසටහන වගේ සාර්ථක වැඩසටහනක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක කර නොමැති බව කිව යුතුයි. දින 100 වැඩසටහන යටතේ මේ තරම් වැඩ කොටසක් අප කළේ ඒ දින 100 න් මුල් දින ගණනාවම නව රජයේ පිළිගැනීමේ උත්සව ඇතුලූ ඒ ඒ අවස්ථා වෙනුවෙන් ද කැප කරමිනුයි.

මේ දින 100 වැඩසටහනේ ආදර්ශය ගෙන අනාගතයේ දී මීට වඩා කාර්යක්‍ෂමව ඒ මොහොතේම වැඩ ආරම්භ කර නිම කිරීමට අප පියවර ගත යුතුයි. එක්සත් රාජධානියේ නව රජය බලයට පත් වූයේ මේ අවුරුද්දේ මැයි මාසයේ වන නමුත් මේ වන විට ඒ අය සිය අනාගත වැඩ සටහන ඇතුළත් අයවැය යෝජනාවලිය ද ඉදිරිපත් කර තිබෙනවා.

යුරෝපය ඇතුලූ ලෝකයේ ඒ දියුණු රටවල් වැඩ කටයුතු කරන ආකාරයට අප ද කටයුතු කරමින් රට නගා සිටුවිය යුතුයි. ආණ්ඩුවකට සාමාන්‍යයෙන් සංවර්ධන වැඩ කටයුතු කළ හැකි වන්නේ පළමු

අවුරුදු තුනක පමණ කාලය ඇතුළතදීයි. 

දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ද ඇතැම් අවස්ථාවල දී අපට මුදල් නොතිබූ අතර පැවැති ආණ්ඩුව ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් නොමැතිව රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබීම ද විශාල ප්‍රශ්නයක් වුණා.

ඊට අමතරව රට පුරා මාර්ග 28 ක් ඉදිකිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් රුපියල් කෝටි 5500 න් කෝටි 2800 ක් ම වියදම් කර තිබුණේ මාර්ග ඉදිකිරීමට නොව, වෙනත් වියදම් පියවීම සඳහායි.

ඒ හේතුවෙන් මුදල් අර්බුදයක් යළිත් ඇති වූ නමුත් දින 100 වැඩසටහන කෙසේ හෝ සාර්ථක කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව ඒ අවිච්ඡේද මාර්ගවල වැඩ කටයුතු අවසන් කිරීම කෙරෙහි ද අපේ විශේෂ අවධානය අප මේ වන විට යොමු කර තිබෙනවා. මේ ස්ථානයට ඔබලාව කැඳවූයේ ඒ ඒ වැඩ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය තක්සේරු කර ඒ මුදල් ලබාදීම සඳහායි.

මේ මුදල් ලබාදුන්නාට පසුව ඒ සංවර්ධන වැඩ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන්නැයි අප ඔබලාගෙන් ඉල්ලා සිටිනවා. මේ මුදල් අප ලබා දෙන්නේ මේ අවිච්ඡේද මාර්ගවල ඉදිකිරීම් කටයුතු වහාම අවසන් කිරීම සඳහායි.

මේ මුදල් අප ලබා දෙන්නේ මේ අවිච්ඡේද මාර්ගවල වැඩ කටයුතු අවසන් කිරීමට වන නිසා පරණ බිල් ගෙවීම සඳහා මේ මුදල් කිසිසේත් නොයෙදවිය යුතුයි. පරණ පව් ගෙවීම පසෙක තබා මේ මුදල්වලින් අවිච්ඡේද මාර්ගවල වැඩ කටයුතු අවසන් කළ යුතුයි. මේ අවිච්ඡේද මාර්ග වැඩ කටයුතු අවසන් කළාට පසුව 2014 සහ 2015 ආරම්භ කළ වැඩසටහන් ද අප අවසන් කරනවා.

ඊට පසුව ආණ්ඩුවට තිබෙන්නේ පරණ බිල්පත් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට වන අතර ඒ වෙනුවෙන් ද අප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනවා. මේ සියල්ල එකට මිශ්‍ර කර ගතහොත් මාර්ග ඉදිකිරීමේ වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වන නිසා ග්‍රාමීය මාර්ග ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට අප ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි.

පරණ බිල් ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් සමග අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ වන විටත් වැඩ ආරම්භ කර තිබෙන මාර්ග ව්‍යාපෘති ද, ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති ද අවසන් කරන අතරම නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යයට ද වැඩිපුර මුදල් යෙදවීමට අප කටයුතු කරමින් සිටිනවා.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය රටේ බොහෝ ප්‍රදේශවල බොහෝ දුරට අඩපන වී තිබෙන අතර හොඳ අධ්‍යාපනයක් රජයේ පාසලෙන් ලබාගත නොහැකි නිසා සෑම තැනකම ජාත්‍යන්තර පාසල් ආරම්භ වෙමින් පවතිනවා.

එම නිසා ඉදිකිරීම් කටයුතු කරන අතරම විශ්ව විද්‍යාලවලට වැඩිපුර මුදල් යොදවනවා වගේම ගමේ ආර්ථිකය ගොඩනගමින් ගමේ පාර ඉදිකර වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අප ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ වගේම වැඩිහිටියන් වෙනුවෙන් ගෙවන දීමනා සඳහා ද මේ වන විට අප අවශ්‍ය මුදල් සොයා ගෙන ඒ වෙනුවෙන් යොදවා තිබෙනවා.

යම් ක්‍රමවේදයකට සහ ඇස්තමේන්තුවකට අනුව මේ යල කන්නයේ වී මිලදී ගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම මහ කන්නයේ දී වී මිලදී ගැනීමේ ක්‍රමවේදයත් සකස් කරමින් සිටිනවා. වී මිලදී ගැනීම සඳහා වන මේ විධිමත් සහ නව ක්‍රමවේදය ක්‍රමානුකූලව සකස් කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඊළඟ යල කන්නය වන විට වී මිලදී ගැනීම සඳහා වන මේ විධිමත් සහ නව ක්‍රමවේදය හඳුන්වාදීමට අප කටයුතු කරනවා. 

මහ මැතිවරණයෙන් පසුව රට පුරා සුවිශාල සංවර්ධනයක් සීඝ්‍රයෙන් ආරම්භ කිරීමට අප සියලූ කටයුතු යොදා තිබෙනවා. ඒ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රධානතම යාන්ත්‍රණය වන්නේ දිස්ත්‍රික්කය වන අතර ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සැලසුම් අධ්‍යක්‍ෂකවරුන් ඇතුලූ කණ්ඩායමට මෙහිදී විශාල කාර්යභාරයක් පැවරෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ද මම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. සියලූම මහජන නියෝජිතයින් ද සම්බන්ධ කර ගෙන මේ මහා සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයෙනුයි.

මේ සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන ආකාරය ගැන තවත් අදහස් සහ යෝජනා ගණනාවක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අප අවසන් තීරණයක් තවම ගෙන නැහැ. බිම් මට්ටමේ සිටින නිලධාරීන් කාර්යාල කාමරවලට සීමා නොකර බිම් මට්ටමේ ඒ ඒ වැඩ කටයුතු සඳහා යෙදවිය යුතු යැයි අදහසක් තිබෙනවා. දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග 1977 දී වැඩ කටයුතු කරද්දී අප ඒ සියල්ල කළේ අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහායි.

රජයේ සේවයේ සිටින සියලූ දෙනාටම හොඳ පුහුණුවක් ලබා දී ඒ අයගේ අනාගතය තහවුරු කිරීමට ද අප කටයුතු සැලසුම් කරමින් සිටිනවා. එමෙන්ම මධ්‍යම ආණ්ඩුවෙන් සහ පළාත් සභාවෙන් නියෝග ලබා දෙන විට ඒ නියෝග නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද අප මේ සියලූ දෙනා දැනුම්වත් කළ යුතුයි. සෑම දිස්ත්‍රික්කයකම අනාගතය දෙස බැලිය යුත්තේ ඒ දිස්ත්‍රික්කය ආර්ථික සහ සමාජයීය වශයෙන් දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ කාරණය මතයි. දළ දේශීය නිෂ්පාදනයෙන් 45% ට වැඩි ප්‍රමාණයක දායකත්වයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබෙන විට මධ්‍යම, වයඹ සහ දකුණ යන පළාත්වල දල දේශීය නිෂ්පාදනයෙන් 80% ක් තිබෙනවා. එහෙත් කුරුණෑගල දිස්ත්‍රික්කය ගතහොත් මුදල් තිබෙන්නේ කුරුණෑගල නගරය සහ කුලියාපිටිය නගරය එකට එකතු කර ඉරක් ගැසුවොත් ඊට උතුරු පැත්තේ නොව, දකුණු පැත්තේයි.

එසේ නම් මේ කරුණු කාරණා සියල්ල පිළිබඳ සලකා බලා ඒ ඒ දිස්ත්‍රික්ක දියුණු කරමින් රට වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍යය ද නගා සිටුවීමට අප කටයුතු කළ යුතු අතර පරිසරය ද ආරක්‍ෂා කිරීමට පියවර ගත යුතුයි. මේ ප්‍රදේශ මධ්‍යම කාලීනව සහ දීර්ඝ කාලීනව දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප අපේ අවධානය යොමු කළ යුතුයි.

 

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us