සිරිවිසුද්ධි හිමිට සන්නද්ධ හමුදා ආරක්ෂාවක් ලැබුණේ කෙසේද ?

Published in පුවත්
Monday, 22 June 2015 15:27

සිවුරු හොවා ගත් ජාතිවාදී මැරයන් බහුල මේ කාලයෙහි එහි මුල් කාලයේ ප්‍රමුඛයකු වූ අහුන්ගල්ලේ සීලවිසුද්ධි හිමිට වත්මන් යහපාලන ආණ්ඩුවෙන්ද හමුදා ආරක්ෂාව ලබාදීම මහත් ගැටලුවක්ව තිබෙන බව එම හිමි වැඩ සිටින විහාරස්ථානයේම දායකදායිකාවන් පවසා සිටිති.

ත්‍රිකුණාමලයේ ගෝමරංකඩවල රංගිරි උල්පත රාජමහා විහාරයේ විහාරාධිපතිව සිටින එහිමියන්ට මේ වන විට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ආයුධ සන්නද්ධ සෙබලුන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව හිමිව තිබේ. හමුදා ආරක්ෂක රථයක්ද ලබා දී තිබෙන අතර සීලවිසුද්ධි හිමි යනෙන සෑම තැනම එහිමිගේ ආරක්ෂාව සඳහා මෙම පිරිස යොදවා සිටී.

නැගෙනහිර පළාතේ එල්ටීටීඊ තර්ජන ඇති වකවානුවේදි හමුදා කණ්ඩයක්ම එම විහාරස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි නමුත් මේවන විට කිසිදු තර්ජනයක් නොමැති තත්වයක් හමුවේ මෙලෙස හමුදා ආරක්ෂකයන් යොදවා තිබීම විහාරස්ථානය ඇසුරේ සිටින බෞද්ධාගමිකයන්ටද මහත් හිසරදයක්ව පවතින බව වර්තාවේ.


මේ සම්බන්ධයෙන් ලංකා ඩේලී, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගෙන් කළ විමසීමකදී වහාම මේ සම්බන්ධයෙන් සොයා බලන බවත් මේ පිළිබඳව ඔහු දැන ගත්තේද අපගේ විමසීමෙන් පසුව බවත් පැවැසීය. අපගේ දැනුවත් භාවය අනුව ලංකාවේ වෙනත් කිසිදු භික්ෂුවකට හමුදා ආරක්ෂාවා ලබා දීමක් සිදු නොවේ.

මෙම හමුදා ආරක්ෂාව යටතේ මැරකම් ගනනනාවකටම මෙම හිමි පසු ගිය කාලයේ සම්බන්ධ වූ බවටද එම ජනතාව චෝදනා කර සිටී. එමෙන්ම මීට බොහෝ කලකට පෙර එනම් 1984 දී බලපිටිය ,වැලිකන්ද අහුන්ගල්ල ශ්‍රී සුදර්ශනාරාමය විහාරයට මැරයන් පිරිසක් සමඟ කඩා පැන එම විහාරස්ථානයේ විහාරාධිපතිට පොලුවලින් ගසා තුවාල කිරීම, විශාල දේපළ හානියක් සිදු කිරීම, මුදල් සොරකම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක්ද මෙම හිමිට එරෙහිව තිබිණි. මේ අධිකරණය විභාග වූ නඩුවක්ද වූ අතර පසුව පැමිණිළිකර පාර්ශ්වය සාමදානයකට එකඟ වූ බැවින් දඬුවම් නොලබා සිටීමට සීලවිසුද්ධි හිමි වාසනාවන්ත විය.

රාජපක්ෂවරුන්ගේ දේශපාලන සහයෙන් අමරපුර සිරි සද්ධම්ම මහ නිකායේ මහනායක පදවියටද මෙම හිමිනම පත්වූ අතර මෙම හිමිගේ ක්‍රියාකලාපය නිසා එම නිකායද දෙකඩ විය.

එ කෙසේ නමුත් මෑතකදී තමගේ නිකායේම භික්ෂූන්ට දේශපාලනය කිරීම තහනම් කිරීමේ තීන්දුවකද මේ හිමිගේ ප්‍රධානත්වයෙන් ගනු ලැබුවේය.ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි 'තරුණ භික්‍ෂුන් වහන්සේ පැවිදි දිවියට නොගැළපෙන ආකාරයේ නොයෙකුත් විරෝධතාවන්, උද්ඝෝෂණ, පෙළපාළි, ප්‍රසිද්ධියේ, ගිනිතබාගෙන සියදිවි නසා ගැනීම් ආදිය කරනවා. එමෙන්ම බිම වාඩි වෙනවා. පහරදීම් කරනවා. පරුෂ වචනයෙන් ගිහියන්ට බැනවදිනවා. අසාධාරණකම්වලට පෙනී සිටීම මෙයින් වැළැක්වීමට නෙවෙයි මේ දේ කරන්නේ. භික්‍ෂු විනය ආරක්‍ෂා කර ගැනීමටයි.'

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us