මත්තල ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්වේ

Published in පුවත්
Friday, 26 June 2015 11:07

දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මත්තල ගුවන් තොටුපොළ වැඩිදියුණු කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකයන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පුහුණු කරවීමට අපේක්ෂිත බවත් ඒ සදහා සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියාවට, නඩත්තුව ඇතුළු කාර්යයන් සිදුකිරීම සඳහාද මත්තල සූදානම් කරන බවත් තීරුබදු රහිත වෙළෙඳ නගරයක් මත්තල ආශ්‍රිතව ගොඩනංවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. ඒ අනුව ඉන්දියාව වැනි රටවල සිට සාප්පු සවාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට අපේක්ෂිතය.

එසේම මත්තල ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us