ජනාධිපති කාර්යාලය වෙත පැමිණි හිටපු ඉන්දීය ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපතිවරයා එතුමා සමග සුහද කතා බහක නිරත විය.
අමාත්‍ය පාඨලි චමිපික රණවක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දේශිය ආහාර නිෂ්පාදනය නඟාසිටුවීම, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉන්දීය හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා සිය ප්‍රසාදය පළකර තිබේ.