චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ශ්රීලනීපයේ මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවීම බාර දීම නිසා මෙම තීරණයට එළඹුණු බව ඔහු පැවසීය. එම තත්වය මත මත තම කණ්ඩායම ට අවශ්‍ය පරිදි මැතිවරණ කටයුතු සිදු කිරීමට නොහැකි වන පරිදි තම අපේක්ෂකයන්ට බාධාකාරී දේ සිදු විය හැකි බවත් එම කණ්ඩායමේ අදහස වී තිබෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදීද බණ්ඩාරනායක මහත්මියට සමීප කොටස් තමන් සමඟ සිටිමින් තම පිළ පරාජයට පත් කිරීම සඳහා කටයුතු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.