එහිදි එකී මාධ්‍යවේදියා විමසන්නේ දේශපාලනික වශයෙන් වැදගත් කමක් ඇති පිරිසකගේ හමුවිමක් ගැන සහ බැසිල් රාජපක්ෂ ගැන මිස සුසිල් ප්‍රේම්ජයන්ත් නම් මිනිසාගේ පුද්ගලික තොරතුරක් නොවේ.
නමුත් ඔහුට ලැබෙන පිළිතුර "කුණුහරුප අහගන්නඑපා" සහ "මින් පස්සෙ ඔයාලට නිව්ස් දෙන්නෙ නෑ" යන තර්ජනයයි.
මින් පෙර මෑත අවස්ථාවකදී රාජිත සේනාරත්න ඇමතිවරයාද මෙසේ කුපිත වී මාධ්‍යයට දෙහිකපන අයුරු දැක ගන්නට ලැබුණි. ඔවුන් ඔය තනතුරු වලට තේරී පත්වන්නේ ජනතාවගේ ඡන්දයෙනි.
නමුත් ඔවුන්ට අනුව තනතුරු ලද පසුව ජනතාව දැනගත යුත්තේ ඔවුන් තෝරා බේරා කියනා යමක් පමණි. පිළිතුරු නොදී සිටීම ඔහුගේ අයිතියක් නම් එය පවා සුහදව නිහතමානීව කිරීමේ හැකියාව තිබියදී මේ උද්දඡ්ච හැසිරීම් පානා දේශපාලකයින් යළි තමන්ගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නවාද යන්න ජනතාව දෙවරක් සිතිය යුතුය.
වීඩියෝව පහතින්