බදුරලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි පොලිස් පරීක්ෂක ගුණසේකර මහතා එම පොලීසියේ සිටියදීම ප්රධාන පොලිස් පරීක්ෂක යූ කේ ඩී පී එල් උඩවත්ත නම් නිලධාරියාව පොලිස්පතිවරයා විසින් නිකුත් කළ 1/MD/ADM/1302/2015 දරණ අංකය යටතේ වන ලිපියෙන් පත් කර තිබේ. ඇල්පිටිය පොලිස් කොට්ඨාෂයේ සේවය කළ මෙම නිළධාරියාව මෙම පොලිස් ස්ථානය වෙත මාරු කර ඇත්තේ මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීමට බවද පැවසේ.
කෙසේ නමුත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගියදා ප්රකාශ කර සිටියේ මැතිවරණ සමයේදී පොලිස් මාරුකිරීම් කිසිවක් සිදු කිරීමට ඉඩ නොදෙන බවය.