මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස මුල් සතියේදී මෙම වාර්තාව ප්රසිද්ධ කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළුව එවකට යුද හමුදාවේ ප්රධාන තනතුරු හෙබවූ නිලධාරීන් 40කගේ පමණ නම් යුද අපරාධකරුවන් ලෙස නම් කොට එහි අඩංගු කර තිබේ.
මෙවර ද මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන සිංහල බෞද්ධ ප්රජාව පදනම් කරගෙන ජාතිවාදී මුහුණුවරකින් සිදු කෙරෙනු ඇත.
මෙහිදී දෙමළ ඩයස්පෝරාව සමඟ වන සාකච්ජාව නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් පිළිබඳ ප්රශ්නය ඇතුළුව දෙමළ හා මුස්ලිම් විරෝධී සටන් පාඨ රැසක්ද සූදානම් කෙරෙමින් පවතින බව දැනගැනීමට ඇත.
(සත්හඬ)