අරුන්ට දෙන්න පුලුවන් නම් ඇයි මට දෙන්න බැරි ? දුමින්ද මෛත්‍රීගෙන් අහයි

Published in පුවත්
Monday, 13 July 2015 12:30

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නාමයෝජනා ලබාදෙන්නැයි ඉල්ලා බලකරමින් භික්ෂූන් ඇතුළු විශාල පිරිසක් ශ්‍රීලනිප නාමයෝජනා අත්සන් තබනා මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට රැස්ව සිටි බව වාර්තා වේ.

විවිධ චෝදනාවන්ට ලක්ව සිටි දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන සහ සජින් වාස් ගුණවර්ධන යන හිටපු ඇමති සහ මන්ත්‍රී වරුන්ට මෙවර නාමයෝජනා ලබා නොදීමට ශ්‍රීලනිප නාමයෝජනා මණ්ඩලය තීරණය කර තිබේ. එහෙත් දූෂණ, අපරාධ, කුඩු ජාවාරම්, එතනෝල් ජාවාරම්, මිනිමැරුම් චෝදනා එල්ල වී ඇති විශාල පිරිසකට මෛත්‍රී මහින්ඳ හවුලෙන් නාම යෝජනා ලබා දී තිබේ. ඒ අනුව දුමින්ද සිල්වා අසන්නේ අරුන්ට දෙන්න පුළුවන්නම් ඇයි මට දෙන්න බැරි කියාය. මේ කිසිවකුට එරෙහිව නීතිය තවම ක්‍රියාත්මක වී නොමැත. එම නිසා දුමින්දගේ තර්කය සාධාරණය

දුමින්ද සිල්වා දේශපාලනයට පිවිසෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අපේක්ෂයකයකු ලෙසය. කෙසේ ඉපයූයේදැයි නොදන්නා අතිවිශාල මුදල් සම්භාරයක් වියදම් කරමින් සහ තම සොයුරාට අයත් ඒ බී සී මාධ්‍ය ජාලයේ අසීමිත ප්‍රචාරක ඉඩක් ලබා ගනිමින් සියල්ලන්ගේම අවධානය දිනා ගැනීමටත් විශාල මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමටත් ඔහු පළමු වරම සමත් විය.

ඉන් පසුව ඔවුන්ට අයත් ගුවන්විදුලි නාලිකාවක බලපත්‍රය තහනම් කිරීමේ සිද්ධියක් මත ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් විය. ඒ වනවිටද බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනා ඔහුට එල්ල වී තිබිණි. එමෙන්ම නිළි අනර්කලී ආකර්ශාව රාත්‍රී සමාජශාලාවකදී පැහැර ගෙන යාමට තැත්කිරීමේ චෝදනවාටද ඔහු ලක්විය.

ඊළඟ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රී ලෙසද තනතුරක් ලැබූ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙසද හැඳින්විණි.

ඉන්පසුව ජනාධිපති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිවරණ දිනයකදී මහදවල් මහමඟ වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන විත්තිකරුවකු වූ මොහු එම සිද්ධියෙන් ම තුවාල ලද බව පවසා ආරක්ෂක ලේකම් ගේ මැදිහත්වීම මත කිසිදු නීතිමය කාර්යයකට පෙරම සිංගප්පූරුව බලා පිටත් විය.

බරපතළ තුවාල ලබා මතකය අහිමිවූ තත්වයක සිටිබව කියැවෙද්දීත් පාර්ලිමේන්තුවෙන් දිගින් දිගටම නිවාඩුද අනුමත කරගත් ඔහු අවසන දීර්ඝ කාලයකට පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ, අත් අඩංගුවට පත් නොවී අධිකරණයට ද ඉදිරිපත් ව, නාමික රිමාන්ඩ් භාරයක (නවලෝක රෝහලේ) පසූවී ඇපමත නිදහස් වීමට සමත් විය.

මත්ද්‍රව්‍ය ගෙන්වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් වෙලේසුදා නම් තැනැත්තා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධවද ප්‍රකාශ කළ බවට පොලිස් වාර්තා මුලින් පළවුවද මැතිවරනය ආසන්න වෙද්දී එම වාර්තා සාවද්‍ය බවට පොලීසියම ප්‍රකාශ කලේය.

කෙසේවෙතත් පසුගිය රජය විසින් ආණ්ඩුවට එරෙහි ජනතා උද්ඝෝෂන බියගැන්වීම හා කඩාකප්පල් කිරීම සඳහා දුමින්ද සිල්වාගේ මැරයින් ද භාවිතා කළේය.

අද එම දුමින්ද සිල්වාට නාමයෝජනා ඉල්ලා තම පාක්ෂිකයින් ලවා උද්ඝෝෂන කරවීමට සිදුවී ඇති අතර මුදලට සහ ජනමාධ්‍ය හිමිකාරීත්වයට ලංකාවේ දේශපාලනය තුල හිමි තැනට අනුව දුමින්දගේ දේශපාලන අනාගතය මෙතැනින් කෙළවර වේයැයි නම් උපකල්පනය කළ නොහැක.

Last modified on Monday, 13 July 2015 13:18

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us