ආනන්දි සසිදරන් මැතිවරණය අත්හරියි

Published in පුවත්
Thursday, 16 July 2015 14:26

දෙමල ජාතික සන්ධායේ උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධින කණ්ඩායමකින් ඉදිරිපත් වූ නමුදු එම මැතිවරණ ව්‍යාපාරවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානයෙන් ඇයට නාම යෝජනා නොලැබීම නිසා ඇය මෙලෙස ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා ඉදිරිපත් කළාය.

එහෙත් පසුව දෙමල ජාතික සන්ධානය කොතෙක් ප්‍රජාත්නත්‍ර විරෝධී ලෙස කටයුතු කළත් මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් නොවිය යුතු බව කියමින් ඇය මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය විසින් නිවේදයක් නිකුත් කර ඇති අතර එහි පරිවර්ථය පහත දැක්වේ( එය ලංකා ටී නිවුස් වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී)

'මා පාර්ලිමේන්තු දේශපාලනයට ඇතුළුවීමට අදහස් නොකලෙමි. මාගේ ස්වාමිපුරුෂයා සහ අනෙකුත් අතුරුදහන් කල පුද්ගලයින් සොයාගැනීමට උත්සාහ කරමින් සිටින්නෙමි. පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානය සමග ඒකාබද්ධ වී ඔවුන් සොයාගැනීමේ කටයුතු වල නිරතවී සිටි අවස්ථාවේදී, මාගේ උත්සාහයට නිසි ප්‍රථිඵලයක් නොලැබුණෙමි.

මාගේ ස්වාමිපුරුෂයාගේ නම ප්‍රසිද්ධ නොවුනත්, ඔහු ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමකින් සහ උපදෙස් වලට අනුව හමුදාවට භාරවූවත්, මා ඔහුව සහ ඔහු සමග අතුරුදහන් කල පුද්ගලයින් සොයාගැනීමේ විශාල උත්සාහයක නිරතවී සිටි අවස්ථාවකදී, 2013 වර්ෂයේ පැවැති උතුරු පළාත් සභා මැතිවරණයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයට තරඟ කරන මෙන් ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඉල්ලීමක් කරන ලදි.

ඒ අනුව, මා එම මැතිවරණයට තරඟ කර, අපගේ ජනතාවගේ ඒකමතික සහයෝගය ඇතුව මනාප ඡන්ද ලබාගෙන දෙවන ස්ථානයට පැමිණීම, දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණයට එය සහයෝගි වූයෙමි. දෙමළ ජාතික සන්ධානය මගින් දේශපාලනයට පිවිසුණු මා ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ කාන්තා කණ්ඩායමේ ලේකම් ලෙස පත්කලෙමි. නායකත්වය කල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකිවීම හේතුවෙන්, මා එය පිළිගත්තෙමි. නමුත්, මා කිසිඳු අමාත්‍ය ධූරයක් හෝ වෙනත් තනතුරක් අපේක්‍ෂා නොකලෙමි.

දිනපතා සිත් වේදනාවකින් ජීවත්වෙමින් සිටි අවස්ථාවකදී, මාගේ ස්වාමිපරුසයාගේ සිහිනය වන දෙමළ ජාතිකත්වයට සහයෝගය ලබාදීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටට පත්වෙමින් සිටි අවස්තාවේදී, තම අවස්ථාව ඉටුකරගත් පසු, මුගටියෙකු මෙන් මා ඉවත්කර දැමීම සඳහා වන අදහස් ඉලංගෙයි තමිලරසු පක්‍ෂය අපේක්‍ෂාවෙන් සිටියහ.

ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීම පහසුවන අන්දමින්, 2015 වර්ෂයේ ජනවාරි මස ජනාධිපතිවරණය පැමිණයෙමි. සිංහල බෞද්ධ ජාතිවාදීන් විසින් වක්‍රාකාරව අපව නැවත මුලාකරමින් සිටින බව තේරුම්ගත් මා, ‘ජනාධිපතිවරනයේදී කිසිඳු පුද්ගලයෙකුට සහයෝගය ලබාදී ප්‍රයෝජනයක් නොමැත’ යනුවෙන් මාගේ මතය ප්‍රකාශ කළෙමි. මෙම අදහසට මා සමග එම පක්‍ෂයේ මධ්‍යකාරක සභාවේ ඇතැම් නියෝජිතයින් එකඟ වුනෙමි. මා එම අවස්ථාවේ ගත් තීරණය මේ වනවිට තහවුරු වී ඇත.

එය පක්‍ෂයේ නායකත්වයත් පිළිගෙන ඇත. නමුත්, එය පෙරාතුවම ප්‍රකාශ කල මා සහ අනෙකුත් පුද්ගලයින්ව පක්‍ෂයෙන් තාවකාලිකව ඉවත්කර ඇත. නමුත්, මේ ආකාරයෙන් තාවතාලිකව පක්‍ෂයෙන් ඉවත්කල අනෙකුත් පුද්ගලයින් පිළිබඳව කිසිඳු විනය පරීක්‍ෂණයක් නොමැතිව නැවත පක්‍ෂයට බදවාගෙන ඇත. මා පමණක් වරදකරුවෙක් වී ඇත්තෙමි. තමිලරසු පක්‍ෂය කාන්තාවන් වෙත දක්වන උනන්දුව මෙපමණද?

මාගේ මානසික පීඩනය පිටකර, ජාත්‍යන්තර ප්‍රජාවට මා හට සිදුවූ අසාධාරණය පැහැදිලි කිරීම සඳහා 2014 වර්සයේදී ජිනීවා වලට ගොස් සිටි අවස්ථාවේදී, එම පක්‍ෂයට ජාතික ලයිස්තුව මගින් ඇතුළු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, මට එහි කතා කිරීමට ඉඩනොදී නතර කලේය. මා එය එම අවස්තාවේදීම ලොවට අනාවරණය කළෙමි. නමුත්, මාගේ මිත්‍රයන්ගේ සහයෝගයෙන්, එම කාර්යය ඉටුකලෙමි. මේ මගින් අතුරුදහන් කල පුද්ගලයින් සම්බන්දයෙන් තමිලරසු පක්‍ෂය දක්වන උනන්දුව තේරුම්ගැනීමට හැකිය.

දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරගැනීම පිළිබඳව නඩු කතා කිරීමට තම පක්‍ෂයේ මුදල් නොමැති බව එම්.ඒ.සුමන්දිරන් මන්ත්‍රීවරයා වව්නියාවේදී ප්‍රකාශ කල බව මාගේ මිත්‍රයන් මා හට ප්‍රකාශ කලෙමි. දෙමළ දේශපාලන රැදවියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් එම පක්‍ෂය දක්වන උනන්දුව මෙයයි. මෙපමණ අඩුපාඩු රාශියක් තමන් සතුව තබාගෙන මා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට උත්සාහ කරමින් සිටියි.

මා පාර්ලිමේන්තුවට යවා, මාගේ හඬ ශක්තිමත් කරන මෙන් මාගේ මිත්‍රයින් සහ අතුරුදහන් කල පුද්ගලයින්ගේ ඥාතීන් මාගෙන් ඉල්ලීමක් කළෙමි.

ඒ අනුව, මා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළෙමි. නමුත්, මා මෙම මැතිවරණයට තරඟ කලහොත්, තම පාර්ලිමේන්තු ආසන සිහිනය විනාශවනු ඇතැයි යන්න තමිලරසු පක්‍සයේ ඇතැම් පුද්ගලයින් බියට පත්විය. මේ හේතුව මත මා පක්‍ෂයෙන් තාවකාලිකව ඉවත්කර ඇති බව මේ වනවිට තහවුරු වී ඇත. ඒ කෙසේ වෙතත්, මාගේ හඬ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල තිබිය යුතු බව සිතා, වෙනත් දේශපාලන පක්‍ෂයකින් හෝ ස්වාධීනව මෙම මැතිවරණයට තරඟ කිරීමට තීරණය කලෙමි.

දෙමළ ජාතිකත්වය වෙනුවෙන් උනන්දුවක් දක්වන මිත්‍රයින්ගේ ඉල්ලීමකට අනුවත්, ඉලංගෙයි තමිලරසු පක්‍සයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි කටයුතු හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය පරාජය නොවිය යුතු බව සිතා, මාගේ තීරණය වෙනස් කර, මෙවර මැතිවරණයෙන් ඉවත් වුණෙමි.

මා මාගේ පවුල් පසුබිම මූලික කරගෙන, මැතිවරණයට තරඟ නොකර ඉවත්වූ බව ඇතැම් මාධ්‍යයන් පුවත් පලකර තිබුණි. මේ සඳහා ඔවුන් භාවිතා කල වචන හේතුවෙන්, මාගේ සිත දැඩිලෙස වේදනාවට පත්වූ බව මේ අවස්ථාවේදී සඳහන් කිරීමට කැමැත්තෙමි.

මෙයට

අනන්දි ශෂිදරන්

උතුරු පළාත් සභා මන්ත්‍රිනී

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us