මහින්ද මනාප ලක්ෂ 8 ක් ගන්නවලු ! ගනන් බැරි බයියන්ට මරු කතාවකි.

Published in පුවත්
Saturday, 25 July 2015 12:50

බැසිල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ධර්මන් වික්‍රමරත්න මහතා සම්පාදනය කරන ලද ලිපියක අපූරු තොරතුරක් රාජපක්ෂලාගේ මුදලින් නඩත්තුවෙන මඩ වෙබ් අඩවියක පල කර තිබෙනු දැක මේ ලියන්නට සිත් විය. මේ මෝඩ හා ආවේග ශීලි ප්‍රකාශයෙහි බොහෝ කරුණු කාරණා අඩංගු වුවද එහි කිසි වැදගත්කමක් නොවුනත් මේ විහිළු සහගත හා මොඩ ප්‍රකාශය ගැන යමක් සටන් කළ යුතුය.

ධර්මන් කියන්නේ මෙහෙම කතාවකි.


ඇතුගල හොල්ලන මහින්ද සටනට ලක්ෂ 8ක ආසන්න වාර්තාගත ඡන්ද ප‍්‍රමාණයක්!


.. කුරුණෑගල දිස්ත‍්‍රික්කෙන් ඉදිරිපත්වන මහින්ද රාජපක්ෂ පිටගම්කාරයෙක් යැයි පවසා කරන චෝදනා, වැල වරකා වැනි දෙලොවටම නැති කථාය. චන්ද්‍රීකා කුමාරණතුංග 1994 ගම්පහ දිස්ත‍්‍රිකයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් තර`ගකර ඡන්ද 464,588ක් ලබා ගත්තාය. බැසිල් රාජපක්ෂ 2010දී ගම්පහ දිස්ත‍්‍රිකක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර ඡන්ද 425,861ක් ලබා ගත්තේය. එජාප නායකයා වශයෙන් 2004දී කොළඹ දිසත‍්‍රික්කයෙන් තරඟ කර රනිල් වික‍්‍රමසිංහ ඡන්ද 329,524ක් ලබා ගත්තේය.

මෙවර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,266,443කි. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ සන්ධානයෙන් තරඟ කරමින් ලක්ෂ 8ක ආසන්න වාර්තාගත ඡන්ද ප‍්‍රමාණයක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ලබාගනු ඇත. එබැවින් කුරුණෑගලට මහින්දගේ ආගමනය ගැන දොස් දෙවොල් තබන අයට අගොස්තු 18වැනිදා සිදුවනු ඇත්තේ වැල වහල්ලේ කෝදුරුවෝ මෙන් ඒකටම වැදී දේශපාලන වශයෙන් අනාථ වීමටය... "


කුරුණගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව දොලොස් ලක්ෂයම මෙදා පොටේ ඡන්ද දෙනු ඇතැයි කියන උපකල්පනයෙන් යුතුව මේ කතාව පටබැඳීමට තරම් ධර්මන් මෝඩයකු වීම ගැන මුළින්ම කණගා‍ටු වෙමු.

සාමාන්‍යයෙන් මේ රටේ මැතිවරණ ඉතිහාසයේ කෙදිනකවත් සමස්ථ ඡන්ද ප්‍රමාණය පාවිච්චි වූ කිසිදු මැතිවරනයක් වූයේ නැත. වඩා උණුසුමම මැතිවරණයක් වූ පසුගිය ජනාධිපතිවරණයේදී ද කුරුණගල දිස්තික්කයේ පාවිච්චි වූයේ සියයට 83 ක ඡන්ද ප්‍රමාණයකි. ගනනින් ලක්ෂ 10 කට ආසන්න විය. ඉන් 556,868 ක් මහින්ද රාජපක්ෂටත් 476,602ක් මෛත්‍රීපාල සිරිසේනටත් හිමි විය.

එය ජනාධිපතිවරණයක ඡන්ද ප්‍රතිපලයි. මහ මැතිවරනයක දී ඡන්ද දායකයාට වෙනත් ‍තෝරා ගැනීම් තිබේ. ඒදා සන්ධාන ආණ්ඩුවක්ම බලාපොරොත්තුවෙන් හෝ, රටේ ජනාධිපතිධුරයට මහින්දම ඕනෑ යැයි සිතූවන් මෙන්ම එදා ප්‍රචාරක ව්‍යාපාර හා විවිධ අල්ලස ලබා දෙමින් පොළඹවා ගත් පිරිසක් හා නොදන්නාකමට හෝ පුරුද්දට මහින්ද වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට තීරණය කෙරුණත්. මහ මැතිවරණයකදී ඡන්ද දායකයා හිතන්නේ වෙන විදිහකටය.

2010 මහ මැතිවරණය යනු මහින්ද රාජපක්ෂගේ උපරීම ජනප්‍රියත්වය තිබූ යුගයකි. මේ යුධ වීරයාගේ පක්ෂයට 'රණ විරුවන්' බහුලම දිස්ත්‍රික්කය වූ කුරුණෑගලින් එදා ලැබුණේ ඡන්ද 429,316 කි . එයද එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂ කණ්ඩායම අතිෂය දුර්වල බේදී වෙන්වී සිටියදීය. එමෙන්ම විපක්ෂයේ ඡන්ද දායකයන් ‍රැසක් එදා ඡන්ද පොළට ගියේද නැත. ඒ දිනන්න බැරි බව දන්නා නිසාය. එදා කුරුණෑගල සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් වැ‍ටුනේ සියයට 61 කි. එනම් ලක්ෂ 7 කට වඩා පොඩ්ඩකි.


දැන් ධර්මන් කියන්නේ මහින්ද ඡන්ද ලක්ෂ 08 ක් ගන්නා බවය. මේ ලක්ෂ 08 ල්බා ගන්න නම් අඩුම තරමින් මහින්ද 2010 දී ලබා තිබූ ජනප්‍රියත්වයට වඩා දෙගුණයක ජනප්‍රියත්වයක් තිබිය යුතුය. ඔහු කෙරෙහි දෙගුණයක විශ්වාසයක්, ආදරයක්, බලාපොරොත්තුවක් ජනතාව කෙරෙහි තිබිය යුතුය. එහෙත් එහෙම පිස්සුවක් කුරුණෑගල මිනිසුන්න්ට නැති බව රටම දනී.

අනෙක් කරුණ කුරුණෑගල විපක්ෂයක් නැතිනම මේ කියන ඡන්ද ලක්ෂ 08 කොම්පියුටර් ජිල්මාර්ට් එකකින් හෝ හදා ගැනීමේ පහසුව තිබිණි. එහෙත් මේ යුගය යනු එජාපයේ ශක්තිමත්ව නියත ලෙසම තමන්ගේ බහුතර ආණ්ඩුවක් පිහි‍ටුවන්නේ යැයි බලාපොරොත්තු ඇතිව මැතිවරණ ව්‍යාපාරයට ට අවතීරණ ය වී ඇති මොහොතකි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණද අලුත් ජවයකින් මැතිවරණය එක්ව සිටී. විශේෂයෙන්ම පසුගිය කාලයේ ගෙදරට වී සිටි යූඑන්පී කාරයා දැන් පාරට බැස උනන්දුවෙන් තම පක්ෂයට ඡන්ද එකතු කරමින් සිටී. මේ තත්වය 2010 දී තිබුණේ නැත.

දැන් ඇත්තේ කරට කර සටනකි. කුරුණැගල යනු සන්ධානයට වාසිදායක දිස්ත්‍රික්කයක් නිසා සන්ධනය ජයග්‍රහණය කරනු ඇතැයි උපකල්පනය කරත්තත් ධර්මන්ගේ මනෝ විකාර අනුව මහින්දට ලක්ෂ 08 ක ඡන්ද ලබා ගත නොහැකි බව සාමන්‍ය බුද්ධියකට වටහා ගත හැක.

එනෙම මහින්දට එල්ල වී ඇති දුෂණ අක්‍රමිකතා හා ඔහු මේ දිනවල කෙළින පිස්සු නිසා මහින්දව වඩා වේගයෙන් අප්පිරිය වී යමින් පවතින්නේ සන්ධාන පක්ෂිකයටම බවත් මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණකි. එමෙන්ම කුරුණැගල මහින්ද සමඟ තවත් අපෙක්ෂකයන් 17 ක් තරග වදින අතර ඔවුන් අතරේද මේ මනාප බෙදි යයි. සන්ධානයට ඡන්දය පාවිච්චි කරන හැම ඡන්ද දායකයාම මහින්දට මනාපයක් දෙනු ඇතැයි උපකල්පනය කළ නොහැක. මහින්දට කොහොමත් ඡන්දෙ ලැබෙනවා නේ කියමි තමන් දන්නා හඳුන්න අපෙක්ෂකයන් තෙදෙනෙකු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කෙරෙන වුන්ද බහුල වනු ඇත. එමෙන්ම මහින්ද දින්නත් අගමැති කමක් හෝ ඇමැති කමක්වත් නොලැබෙන බව දනටම ස්ථිරය. වඩා වැදගත් දේ නම් මහින්ද දිනුවාට කුරුණෑගලට වැඩක් නැති බව මේ ජනතාව දැන ගෙන සිටීමය.

මේ ආදී සාධක නිසා ලක්ෂ 08 කෙසේ වෙත්තත් ලක්ෂ 3ක් හෝ ඉක්මවා යෑම අසීරු කටයුත්තකි. ධර්මන් නොදන්නවාට ඒ බව මහින්ද නම් දනී. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගන්නනින් වැය වෙන්නේ ඒ නිසාය. දිස්ත්‍රික්කයේ සියලූම අපෙක්ෂකයන්ගේ පොස්ටර් කටවුට් වල තමාගේ අංකයත් මූණත් තහඩුවත් තිබිය යුතු බවට නියෝග පැනවෙන්නේ ඒ නිසාය.

ඒ නිසා ධර්මන්ට කියන්න තියෙන්නේ , ඔය ලක්ෂ 08 කතාව කුරුණෑගල මෝඩ බයියන්ට චූන් වෙන්න මරේ මරු උනත් සිහිබුද්ධියක් ඇති සන්ධන පාක්ෂිකයෙක්වත් ඔවා පිළිගන්නේ නැති බවය. සමහට විට තවමත් බොරුවෙන්ම දිනන්න හදනවා කියා ඒ ඡන්දෙත් සන්ධානයට නැතිවන්නටද ඉඩ තිබේ.


- ජනතා පාක්ෂිකයා

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us