වෙනම රටක් ඉල්ලපු උන්, පෙඩරල් ඉල්ලීමේ විහිළුව

Published in පුවත්
Monday, 27 July 2015 20:41

දෙමළ ජාතික සන්ධාන මෙවර මැතිවරණ ප්‍රකාශයෙන් උතුරේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා පෙඩරල් විසඳුමක් අපේක්ෂා කරන බව දක්වා ඇත.

අද දින ඇතැම් පුවත් පත් හී මේ කතාවට ලොකු තැනක් ලබා දී ඇති අතර සිංහල බෞද්ධ ජාතිවාදී කොටස් මෙන්ම එහි අනුග්‍රාහකයන් වන මහින්ද රාජපක්ෂ ඇතුළු හොර කල්ලියේ හිතවතුන්ද සමාජ ජාලාවල මේ පුවත ප්‍රචාරය කරමින් ඔන්න යහපාලනයේ පිහිටෙන් කොටියා රට බෙදන්න සෙට් වෙනවා යැයි අදහසක් පතුරුවමින් සිටී.

අපට නම් ගැටළුව ඇත්තේ උතුරේ දෙමළ දේශපාලනය 'වෙනම රාජ්‍යක්' කියන සටන් පාඨය අකුලාගෙන පෙඩරල් විසඳුමක් අපේක්ෂා කිරීම දක්වා පල්ලම් බැසීම ගැනය.

උතුරේ ගටලුවට පෙඩරල් විසඳුමක් අවශ්‍ය බවට උතුරෙන් හඬක් නැගෙන්නේ අද ඊයේ සිට නොවේ. ඒ නවසිය විසි ගනන්වල සිට කෙරෙන ඉල්ලීමකි. කොටින්ම උතුරේ ගැටලුවට විසඳුම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින්ද පිළිගත් මතයක් වන අතර ඒ වෙනුවෙන් හඬක්ද නගන ලදී. නමුත් ඒ සිංහල ජාතිවාදය බදාගෙන 52 මහ මැතිවරණයට වෙස් මාරු කර ගැනීමට පෙරය. එහෙත් ඇත්ත විසඳුම පෙඩරල් බව ඔහු දැන සිටියේය. චෙල්වනායගම් ලා සමඟ ඇතැම් දේශපාලන එකඟතාවයන්ට බණ්ඩාරනායක ආවේ මේ පෙඩරල් විසඳුම ඔලුවේ තබා ගෙනය. එහෙත් මෝඩ සිංහල බෞද්ධකම විසින් ඒ පරාජය කරන ලද අතර එහී ආදීනව ලෙස 33 වසරක කුරිරු යුද්ධයක් මෙරටට ලැබිණි.

කොළඹ සිංහල ආණ්ඩුව සමඟ දේශපාලන විසඳුම් අපේක්ෂා කිරීම තවදුරටත් ‍රැවටිල්ලකට ගොදුරු වීමක බව තේරුම් ගැනිමෙන් දෙමළ ජනතාව වෙනම රාජයක් වෙනුවෙන් සටන් කළහ. ඒ අතිශය සාධාරණ ජාතික විමුක්ති අරගලයකි. එයද සිංහල ජාතිවාදී පාලකයන් විසින් ත්‍රස්තවාදී ලේබලය ගසා තිරශ්චීන ලෙස පරාජය කරනු ලැබීය.

එම පරාජය හමුවේ උතුරේ දේශපාලනය ද ශත වර්ශයකින් පමණ පසු බැස ඇත. දෙමළ ජතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාද පසුගියදා පවසා තිබුණේ අපි අරගලය පරාජය වූ බවත්. මේ මොහොතේ ඊට යළි පණ දිය නොහැකි බවය. ඔවුන් සතුව තිබෙන එකම සටන් පාඨය දැන් පෙඩරල් විසඳුමය. වෙනත් ලෙසකින් කියන්නේ නම් ඒකීය රාජයක් තුල උතුරේ ස්වයං පාලන තත්වයකි.

මේ තත්වය, ජාතිවාදී සිංහල බෞද්ධයාට නම් සැබැවින්ම සතු‍ටු වියහැකි තත්වයක් වූවත් ඔවුන්ට අර ප්‍රභාකරන් 'සිංහලයාට සති දෙක යනකොට සියල්ල අමතකයි" යනුවෙන් කි කතාව සේම උතුරේ ජනතාව සටන් කරනු ලැබුවේ වෙන්ම රාජ්‍යයක් වෙනුවෙන් බව අමතකව තිබේ. මේ නිසා දැන් හීනෙන් බිය වූවා සේ මොර දෙයි.

අනෙක් කරුණ නම් මෙම පෙඩරල් විසඳුම යනු දෙමළ ජනතාවට හිතු මනාපේ ලබා ගත හැකි විසඳුමක් බව මොඩ සිංහල බෞද්ධ ජාතිවාදීන් කල්පනා කිරීමය. දෙමල ජනතාව මේ විසඳුම ඉල්ලන්නේ රටේ දේශපාලන බලය පිහි‍ටුවන කණ්ඩායමෙනි. එමෙන්ම රටේ සමස්ථ ජනතාවගෙනි. රටේ බෞහුතරය ඊට එකඟ නොවේ නම් පෙඩරල් ඔවුන්ට තවත් කාලයකට සිහිනයක් පමණි. එම නිසා දෙමල්ලු පෙඩරල් ඉල්ලනව යැයි කියමි කෑ මොර දීමේ තේරුමක් නැත.

මේ මරි මොඩ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට නොතේරෙන අනෙක් කරුණ නම් මේ මැතිවරණ කාලයක් බවය. තමන්ගේ නියෝජිතයන් වැඩි දෙනෙකු පාර්ලිමේන්තුවට යවා ගැනීමට නම් දෙමළ ජනතා සන්ධානය ,දෙමල ජනතාව අපේක්ෂා කරණ ප්‍රමුඛ වුවමනාවන් ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. තමන්ගේ වූ ස්වයං පාලනයක් අවශ්‍ය යැයි හැඟීම උතුරේ බහුතර දෙමළ ජනතාවගේ අපේක්ෂාවයි. දෙමල ජාතික සන්ධානය ඒ වෙනුවෙන් පෙනී සිටී. එය හුදු මැතිවරණ පොරොන්දුවක් පමණක් විය හැකිය. මන්ද අද කොළඹ සිංහල ආණ්ඩුව සමඟ මේ පවතින දේශපාලන ව්‍යුහය තුල තමන්ගේ ප්‍රශ්න බේරාගත හැකි බව ඔවුන් අත් දැකීමෙන්ම දන්නා බැවිනි. සම්බන්ධන්, විග්නේශ්වරන්, සුමන්දිරන් වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් ඒ වඩා හොඳින් දනී. ජාතිවාදය ආගම්වාදය වැනි ගෝත්‍රික සංකල්පයන් නූතන වෙලඳපොළ ක්‍රමය හා මේ තොරතුරු තාක්ෂණ යුගයේදී විකාරයක් බව ඔවුන් හොඳාකාරවම දන්නේය.

රාජපක්ෂලාවරු තම පැවැත්ම වෙනුවෙන් සිංහල ජාතිවාදීන් මොඩයන් කර, සිංහල ජාතිවාදය සටන් පාඨය කර ගත්තා මෙන් දෙමල නායකයෝද දෙමල ජාතිවාදය සිය බල දේශපාලනයේ වුවමනාවන් වෙනුවෙන් යොදා ගනී. එහි සීමාවද ඔවුන් පාලනය කර ගනී. ඉතිහාසය පුරාම එය සිදු විය. ඒ නිසා එය ඒ අමුතු අනතුරක් නොවුනත් සීමාව පැන්නූ විට තත්වයන් භයානකය. ඒ එසේ නොවන්නට වගබලා ගැනීමේ වැඩි වගකීම ඇත්තේ කොළඹ පාලකයන්ටය. ඒ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි නොකර සිටීමය. එනම් මොඩ සිංහලයාව ජාතිවාදයෙන් නො ඇවිලවීමය. එවිට අනෙකාට ගන්නට ආයුධ හමුවන්නේ නැත.

එමෙන්ම දෙමළ පක්ෂ පෙඩරල් විස්ඳුමකට ගියද, දෙමල ජනතාවට ස්වයං තීරන අයිතිය ඇති බවත් ඒවෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින දකුණේ සිංහල ජාතිකත්වය නියෝජනය කරන පිරිසක් තවමත් සිටී. වෙනම රාජයයක් සඳහා ඔවුන්ට අයිතියක් ඇති බවත් ඒ වෙනුවෙන් කළ අරගලයය යුක්ති සහගත බවත් ඔවුන් පෙන්වා දුන්හ. වත්මන් තත්වය තුල උතුරේ සටන් පාඨය පල්ලම් බැසීමෙන් සැබැවින්ම අර්බුදයට ගොස් ඇත්තේ මේ පිරිසයි.දෙමල සන්ධානය පෙඩරල් ඉල්ලීමේ ලොකුම විකාරය ඇත්තේ මෙහිය.


- සුජය

Last modified on Monday, 27 July 2015 20:46

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us