ටී බි ගේ පැමිණිල්ලකට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගේ ගෙදරට පොලීසිය පනී

Published in පුවත්
Monday, 17 August 2015 23:00

ජනාධිපති මාධ්‍ය අංශයේ අංශ ප්‍රධානියාගේ නිවස ඊයේ දිනයේදී (16) පොලීසිය විසින් පරීක්ෂා කර ඇති බව වාර්තා වේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන විසින් සිදුකරන ලද බොරු පැමිණිල්ලක් හේතුවෙනි.

ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂක ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතාට අයත් පොල්පිතිගම ප්‍රදේශයේ පිහිට ඔහුගේ මහගෙදර මෙසේ පොලිස් පරීක්ෂාවට ලක්ව තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ටී.බී. ඒකනායක විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂාව සිදුකර තිබේ. අදාල පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ අද පැවති මැතිවරණයට අදාල නිළ ඡන්ද පත්‍රිකා තොගයක් සහ ඡන්ද පෙට්ටි ධර්ම ශ්‍රී ඒකනායක මහතාගේ නිවසේ සඟවා ඇති බවටයි. පොල්පිතිගම පොලීසියට සිදුකර ඇති පැමිණිල්ලට අනුව පොලීසිය අදාල නිවස පරීක්ෂා කොට ඇති අතර ඡන්ද පත්‍රිකා හෝ එවැනි කිසිවක් සොයාගැනීමට පොලීසිය අපොහොසත් වී තිබේ.

පොල්පිතිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ටීබීගේ ඥාතියෙකු වන අතර එම ඥාතීත්වය හේතුවෙන් අදාල අසත්‍ය පැමිණිල්ල මත ධර්ම ශ්‍රී මහතාගේ නිවස පරීක්ෂාවට ලක්කර තිබේ.

දැඩි මහින්ද හිතවාදියකු වන බැවින් ජනාධිපතිවරයා අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් පොලීසියට සිදුකර තිබේ. මෙම ටී.බී. ඒකනායක යනු කුප්‍රකට ජිනා මැඩම්ගේ තිප්පොලේ ප්‍රධාන ගනුදෙනුකරුවකු වන අතර ජිනා මැඩම් නීතියට හසුවීමෙන් පසු ඇය ගලවාගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් ගත් පුද්ගලයෙකි.

Last modified on Tuesday, 18 August 2015 01:44

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us