ජාතික ආණ්ඩුවකට යමු. මහින්දවාදින්ගෙන් ජනපතිට ඉල්ලීම් පිට ඉල්ලීම්

Published in පුවත්
Wednesday, 19 August 2015 12:51

මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පර්ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත්ව ජයගෙන සිටින විශාල පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට පණිවිඩ එවමින් එක්සත් ජාතික පක්ෂය හා එකතුව ජාතික ආණ්ඩුවකට යමු යැයි ඉල්ලීම් කරමින් සිටින බව වාර්තාවේ.

තමන් මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාත ලෙස කටයුතු කළේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් බවත් පිට ඉල්ලීම් කා රාජපක්ෂ විරෝධීන් ලෙස කටයුතු කළ සියලු දෙනාම පරාජයට පත්ව තිබීමෙන් තමන් විසින් අනුගමනය කළ උපක්‍රමය සාර්ථක බවත් ඔවුන් කරුණු පෙන්වා දී ඇත.

නව පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරායාට පක්ෂපාතව සේවය කිරීමට සූදානම් බවත් ඔවුන් දැනුම් දි තිබේ. එම පිරිස අතර සන්ධානය නියොජනය කළ පක්ෂ නායකයන් කිහිප දෙනෙකුම සිටින බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අතර පසුගිය කාලයෙහි ඇමැතිවරයකු ලෙස කටයුතු කළ තමන්ට දැන් විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමේ දැඩි අපහසුවක් තිබෙන බවත් විශේෂයෙන්ම තමන් අඹුදරුවන් හා ගෙවූ ජීවිතය යළි පහළ තත්වයකට ඇද වැටීම දරා ගැනීමේ අපහසුවට තම පවුලේ සාමාජිකන්ද මුහුණ පා තිබෙන බවටද කරුනු දැක්වූ හිටපු ඇමැතිවරයකුද සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.

Last modified on Wednesday, 19 August 2015 16:49

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us