සුනාමි මුදල් කොල්ලකෑ බවට චෝදනා ලැබූ ටිරාන්ට මන්ත්‍රීකමක් දෙන්නැයි ශිරාල් වලිකයි

Published in පුවත්
Wednesday, 19 August 2015 23:58

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිතුවේ නම සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට යලි මන්ත්‍රීධුරයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයකු හා ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාචාර්යවරයකු යැයි කියන නීතිඥ ( දික්කසාද නඩු සඳහා විශේෂඥයකු යැයි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ) ශිරාල් ලක්තිලක මහතා විශේෂ මහන්සියක් දරමින් සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. ලක්තිලක මහතාද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මෙවර නියත ලෙසම පත්වන බවද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් ලක්තිලක, ටිරාන් අලස්ගේ සමිපතම හිතවතකු වන අතර රනිල් වික්‍රමසිංහව පන්නා එජාපයේ නායකත්වයවයට සජිත් ප්‍රේමදාස නැමැති දේශපාලන ගොබ්බයා පත්කර ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තැබූවෙකි. මේ වන විටත් ඒ වෙනුවෙන් කුමන්ත්‍රණය කරමින් සිටින්නේකි. ඔහු සිරස හිමිකරු කිලී මහරජාගේද සමීපතම හිතවතකි. සන්ධාන ජාතික ලැයිස්තුව සඳහා මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කළ එකම පුද්ගලයා වන්නේද ටිරාන්ය.

කෙසේ නමුත් ටිරාන් අලස් මහතා පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාඩා ආයතනයට ලැබුණු සුනාමී ආපදා ආධාර මුදල් කෝටි ගනනක් ගසා කෑම සම්බන්ධ චෝදනාවකට නම ගෑවී සිටී. එම චෝදනාවෙන් ටිරාන් බේරා ගැනීම සඳහාද ශිරාල් ලක්තිලක විශේෂ මහන්සියක් දැරූ බව ජනාධිපති කාර්යාලයේ ප්‍රසිද්ධ රහසකි.

එමෙන්ම ටිරාන් අලස් රාජපක්ෂවරුන්ගේ දේශපාලන ගේම් වෙනුවෙන් අත දිග හැර අනුග්‍රහය දැක්වූ බව ද ප්‍රසිද්ධ කතාවකි. 2005 වසරේදීත් එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එල්ටීටීඊය ලවා උතුරේ ඡන්දය වර්ජනය කරවීම කුමන්ත්‍රණයද ටිරාන් අලස්ගේ මැදිහත් වීම මත සිදු කළ එකක් බව ඔහු විසින්ම පසුව හෙළි කරන ලදී. වත්මන් ජනාධිපතිවරයාව ජනාධිපතිවරණයේදී පරාජය කීම සඳහාත් පසුව ඔහුව අපහසුතාවයට පත් කිරීම සඳහාත් ටිරාන් තමන්ගේ 'මව්බිම' මඩ පුවත්පත යොදා ගත්තේය.

මේසා චෝදනා ලැබ තිබෙන ටිරාන් අලස්ට සන්ධානයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා දීම සඳහා ශිරාල් ලක්තිලක මහතා වෙහෙසෙන්නේ කුමකටද යන්න රහසක්ව තිබේ. පසුගිය වසර පහේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුව තුල කතා කරනු ලැබුවේ එකම එක අවස්ථාවක් පමණය. ඒද රනිල් වික්‍රමසිංහ මහතාට මඩක් ගැසීම වෙනුවෙන් පමණි. එහෙත් ඊට පහුවදා රනිල් වික්‍රසිංහ මහතාගෙන් ලැබුණු කණ කිස්කන පිළිතුරෙන් පසුව කිසි දිනෙක පාර්ලිමේන්තුවේදී වැරදීමකින් හෝ වචනයක් කතා කර නොමැත.

ශිරාල් ලක්තිකල වැනි ලෝකෙටම එකයි වර්ගයේ දේශපාලන න්‍යාචාර්යවරයකු මහජන නියෝජිතයකු ලෙස සත පහකට වැඩක් නැති ටිරාන් අලස් වැන්නකු පත් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම කරන්නේ අපි නොදන්නා වෙනත් රහස් හේතුවක් නිසා බව පැහැදිලිය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us