විමල්, විපක්ෂ නායක ධුරයට වලිකයි

Published in පුවත්
Saturday, 22 August 2015 09:28

දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක කම ලැබීම වැලැක්වීමේ සිංහල ජාතිවාදී වුවමනාව පදනම් කරගෙන විමල් වීරවංශ මහතා නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමාවෙත තබා ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක දියත් කරමින් සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'ජාතික ආණ්ඩුව'ක් සඳහා කැමැත්ත පළ කළද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ ඊට කැමැත්තේ පළ කර නැත. මේ වන විට ශ්‍රි ලනීප නොවන සෙසු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනෙකු පාර්ලිමේන්තුව නියොජනය කරයි. වීරවංශ මහතාගේ නියෝජිතයන් 5 ක් දිනේෂ් ගුණවර්ධනගේ නියෝජිතයන් 3 ක්, උදය ගම්මන්පිල මේ සඳහා එක්වී සිටින අතර දෙමල ජාතික සන්ධානය ලබා ගෙන තිබෙන මන්ත්‍රී ධුර 16 ඉක්මවා යැම සඳහ අවශ්‍ය මන්ත්‍රී ධුර ප්‍රමාණය, ශ්‍රී ලනිපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගෙන් පුරවා ගැනීමට අපෙක්ෂකරයි. මේවන විටත් කුමාර වෙල්ගම, රංජිත් සොය්සා, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි 'ජාතික ආණ්ඩුව'ට විරුද්ධ මතයක් සිටී.

එමෙන්ම මෙම  කුමන්ත්‍රණය සඳහා මහින්ද රාජපක්ෂගේද සහය හිමිව ඇත. ඔහු බලා පොරොත්තු වන්නේ යම් තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂයට යෑමය. ඒවෙනුවෙන් විපක්ෂය තමාට හිතවත් නායකයකු යටතේ පවත්වාගෙන යෑම ඔහුගේ සලසුම වී ඇත.

 

ඊයේ (21) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප‍්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා විපක්ෂ නායක ධුරය දෙමළ සන්ධානයට යෑම වලක්වන බවට ඉඟියක් සැපයීය


එහිදී දෙමල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීම බරපතල පාවාදීමක් බවත්, එහෙයින් ඊට කිසිඳු ඉඩක් නොතබන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා අවධාරණය කර සිටියි.

ජාතික ආණ්ඩු සංකල්පයට එකඟ නොමැති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් සමග එක්වී විපක්‍ෂයේ සැබෑ භූමිකාව ඉටු කිරීමට ජාතික නිදහස් පෙරමුණ සුදානම් බවත් ඔහු කියා සිටියි.

.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

'' ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවකට ගැට ගහපුවාම අත්වන ප‍්‍රතිඵලය තමයි ආසන 16ක් හිමි දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් විපක්‍ෂනායකවරයා බවට පත්වීම. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව සැප්තැම්බර් අග නිකුත් වෙනවා. ඒ වාර්තාව ලැබෙන අවස්ථාවේ ආර්. සම්බන්ධන් මහත්තයා විපක්‍ෂ නායක පුටුවේ ඉන්නවා කියන්නේ කුමක්ද? ‘ඒ වාර්තාවේ තිබෙන කරුණු සත්‍යයි’ කියන මතය හැදීමට දෙමළ ජාතික සන්ධානයට ලෝකය වටේ යැමට ‘නිල වාහනයක්’ ලබාදීමක්.

ඒ නිසා අපි මේක අනුමත කරන්නේ නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එජාපය සමග ගැට ගැසීමේ එක් අරමුණක් තමයි සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරය ලබාදීම. මේක බරපතල පාවාදීමක්. ඒ නිසා අපි කිසිසේත්ම ජාතික ආණ්ඩු සංකල්පයට එකග නැහැ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික ආණ්ඩු සංකල්පයට එකග නැති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සමග අපි විපක්‍ෂයේ සැබෑ භූමිකාව ඉටු කරනවා. එයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නායකත්වය ලබා දෙනවා’’

 

Last modified on Saturday, 22 August 2015 09:54

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us