ගම්මන්පිල ආයෙත් ඇදගෙන නායි

Published in පුවත්
Tuesday, 08 September 2015 14:14

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසුනු පක්ෂ නායකයකු යැයි කියන උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා, සන්ධාන මිස එහි හවුල්කාර පක්‍ෂ පාර්ලිමේන්තුවේදී පක්‍ෂ ලෙස පිළිනොගන්නේ නම් කථානායකවරයා විසින් එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුවද පාර්ලිමේන්තුවේදී පිළිගත නොහැකි බව පවසා කතානායකවරයාට තමන් ලොකු අභියෝගයක් කළ බව පසුගියදා මධ්‍ය හමුවකදී පාරම් බා තිබිණි..

සන්ධානයේ සෙසු පක්‍ෂ පාර්ලිමේන්තුවේදී පිළිනොගන්නේ නම් ශ‍්‍රීලනිපයද මෙම මැතිවරණය සඳහා තරඟ කළ පක්‍ෂයක් නොවන නිසා එය සමඟ එජාපය එළැඹි ගිවිසුම අනුව ජාතික ආණ්ඩුව පිළි ගැනීමද කළ නොහැකි බව පෙන්වා දෙන මන්ත‍්‍රීවරයා හවුල් ආණ්ඩුව පිළිගන්නේ නම් එම පදනමින්ම සන්ධානයේ හවුල්කාර පක්‍ෂ දේශපාලන පක්‍ෂ ලෙස පාර්ලිමේන්තුවේදී පිළිගත යුතු බවත් කියා සිටියේය.

එනම් කථානායකවරයාට පාර්ලිමේන්තුවේදී පිළිගැනීමට, ගිවිසුමක් අත්සන් කළ යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්‍ෂය අතර මිස ශ‍්‍රීලනිපය හා එජාපය අතර නොවන බවය.

මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්‍ෂය අතර කිසිදු ගිවිසුමක් අත්සන් කර නැති බවත් එවන් කිසිදු ගිවිසුමකට යාමට ජනවරමක් ලැබී නැති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය....


ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන්නට පටන් ගැනීමෙන් පසුව ඇදගෙන නාන දෙවන අවස්ථාව මෙයය. පාර්ලිමේන්තුවේ මංගල කතාව කරන්නට ගොස් නා ගැනීමෙන් පසුව දැන් ජාතික ආණ්ඩුව ගැන නන්දොඩවන්නට ගොස් නොදන්නාකම ප්‍රදර්ශනය කර ඇත.

එජාපය හා ශ්‍රී ලනීපය ගිවිසුම් ගැසුවේ පාර්ලිමේන්තුව තුල නොව එළියේදිය. එය පාර්ලිමේන්තුවට හෝ , මැතිවරණ කොමසාරිස්වරයාට හෝ දැන්විය යුතු දෙයකුදු නොවේ. ඒ ජනතාව ඉදිරියේ වූ සම්මුතියකි. පාර්ලිමේන්තුව තුල ජාතික ආණ්ඩුව ගොඩ නැගෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය(ඊපීඩීපී) සමඟය. එතන ශ්‍රී ලනීප කතාවක් නැත. ඒ සම්මුතිය පාර්ලිමේන්තුව තුලද තවුරු කර ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ දෙක දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණය. මේ අනුව සන්ධානය නියෝජනය කළ සියළුම පක්ෂ ජාතික ආණ්ඩුවට එකඟය. එසේ නොවේ නම් එම පක්ෂ වල නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනය කටයුතු කළ හැක.

එජනිසට ජාතික ආණ්ඩුවක් සඳහා ජනවරමක් නැතැයි කිව නොහැක. පාර්ලිමේන්තු නියෝජිතයන් යනු මහජනතාවගේ නියෝජිතයන් වන අතර ඔවුන් කටයුතු කරන්නේ ඒ අනුවය ව්‍යවස්ථාදායකය තුලදී ඔවුන් තීන්දු තීරන ගන්නේ ඒ අනුවය. ඒ ගන්නා තීන්දුවලට යළි යළිත් පක්ෂයක් ලෙස ජනතාවගේ කැමැත්ත විමසීම විය යුතු නැත. එමෙන්ම පක්ෂයක් යනු පාක්ෂික ජනතාවගේ සංවිධානයක් වන අතර එම පක්ෂය ගන්නා තීන්දු එම පාක්ෂිකයන්ගේම තීන්දු තීරණ වේ. ඒ ජනවරමය. යළි අමුතු ජනවරමක් විමසන්නට වුවමනා නැත. උදය ගම්මන්පිලටනම් කවර තීන්දුවක් ගත්තත් අමුතුවෙන් ජනවරම විම්සන්නට වීම වියයුතුය. මන්ද ඔහුගේ පක්ෂයේ සිටින්නේ ඔහුම පමණක් නිසාය. ඔහුට මනාප ලැබෙන්නේ අනුන්ගේ පක්ෂයකිනි. ඒ නිසා සන්ධානය ගන්නා තීන්දු තීරන ගැන ඔහුට කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක්ද නැත. විමල් වීරවංශටද ඒ එකසේම අදාලය.

අනෙක් කරුණ සන්ධානය නියෝජනය කළ නමුත්, මෙලෙස ස්වාධින වීමට යන මන්ත්‍රීවරු හෝ අනෙක් පක්ෂ වෙනම පක්ෂ ලෙස නොපිලිගැනීම නිසා හටගෙන තිබෙන නහයෙන් ඇඬීම ගැනය.

පාර්ලිමේන්තුව හැමදාම පිළිගත්තේ මහ මැතිවරණය තරග කරන පක්ෂ පමණය. එනම් එජනිස, එජාප, ජවිපෙ ආදි ලෙසය. එජනිස තුල ශ්‍රි ලනිපය තිබුනද එය පාර්ලිමේන්තුව වෙනම පක්ෂයක් ලෙස පිලිනොගනී. පක්ෂ නායකයන් ලෙස පිලිගන්නේ එම පක්ෂ නායකයන් පමණි. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායය.( එහෙත් ඇත්තම කතාව එජනිස යනු ශ්‍රිලනීපයම මිස වෙනකක් නොවේ, අනෙක් පක්ෂ ශ්‍රී ලනිපයේ වල්ගේ එල්ලී ගොඩ යෑමට බලා සිටින්නෝය.)

මිට පෙර ද විමල් වීරවංශ හෝ දිනේශ් ගුණවර්ධන හෝ වාසුදේව නානායක්කාර හෝ පක්ෂ නායකයන් ලෙස පාර්ලිමේන්තුව පිළිගත්තේ නැත. ඔවුන් පක්ෂ නායකයන් ලෙස පෙනී සිටියේ මහින්ද වෙනුවෙන් වු නියෝජිතයන් ලෙසය. එම සන්ධානය වෙනුවෙනි. ඉදිරිපෙල අසුන් පැනවුණේ ඇමැතිකම්වල ජේෂ්ඨත්වය සලකා මිස පක්ෂ නායකකමක් සලකා නොවේ.

මෙවර වීරවංශලාව ගම්මන්පිලලාව පක්ෂ නායකයන් ලෙස පිළිනොගැනීම, සම්ප්‍රදාය කඩා දැමීමක් ලෙස කියන්නේ නම් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොව මහින්දගේ රූකඩ සම්ප්‍රදාය කඩා දැමීමක් ලෙස පැවැසීම වඩා නිවැරදිය.

 

- ජනතා පාක්ෂිකයා

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us