ශ්‍රීලනීපය යළි ගොඩ නැඟීම කළ හැකිද ?

Published in පුවත්
Sunday, 13 September 2015 10:41

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටී. අවසන් වරට පළාත් පාලන ආයතන වලින් තුනෙන් දෙකකට වැඩි බලයක් තිබුණේ ශ්‍රීලනීපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. මේ වන විට තුන්සිය තිස් පහක්වන පළාත්පාලන අයතන කිහිපයක හැර සියල්ලේම නිල කාලයන් අවසන්ව තිබේ. ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසවලදි මෙම මැතිවරණය, කොට්ඨාෂ හා සමානුපාත ක්‍රමයේ මිශ්‍රණයක් ලෙස පැවැත්වෙනු ඇති බවත් පැවැසේ.

කෙසේ නමුත් මේවන විට දිස්ත්‍රික් වශයෙන් ශ්‍රිලනීපයේ ප්‍රාදේශීය නායකයන් කැඳවා ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම වෙනුවෙන් නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුත්තක ශ්‍රීලනීපය යෙදී සිටී. මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ශ්‍රි ලනීපය දෙකට බෙදීයාම හේතුවෙන් තවමත් ශ්‍රිලනීපය පැහැදිලි ස්ථාවරයක් සහිතව ඒකරාශි ඉරීමේ අර්බුදය සමනය වී නැත. එමෙන්ම ශ්‍රීලනිපය එජාපය සමඟ හවුල් ආණ්ඩුවකට යැමද ශ්‍රිලනීපයේ බොහෝ පාක්ෂිකයට ඉවසුම් නොදෙන්නක් වී තිබේ. මේ තත්වය මත ඉදිරි මාස 6 තුල විශේෂයෙන්ම ශ්‍රිලනීප පාක්ෂිකයා වත්මන් දේශපාලනය, එනම් යුගයේ දේශපාලනය කුමක්ද යන්න තේරුම් නොගතහොත් අනාගත ජයග්‍රහණයද වලක්වා ගැනීම සිදුවනු ඇත. කෙටිකාලිනව බලය අත් පත් කර ගැනීමේ මෝඩ කල්පනාවන් ඉවතලා දීර්ගකාලින ජයග්‍රහණයක් වෙනුවෙන් මේ මොහොත අත්නොහැරියහොත් ශ්‍රිලනීපයේ ගමනක අවසානය මිස වෙනකක් සිදුවන්නේ නැත.

සන්ධානය සමඟ ගනුදෙනු කළ ඇතැම් සුළු පක්ෂ වල නායකයන් හා 'දේශපාලය'යනු කුමක්දැයි පුළුල් අර්ථයකින් තේරුම් ගැනීමේ නොහැකියාවෙන් පෙළෙන ශ්‍රීලනීපයේ ඇතැම් නායකයන්ගේ ලනු කා පක්ෂය විනාශ කර ගැනීමට පාක්ෂිකයා අවනත නොවිය යුතුය. මහින්ද රජපක්ෂ විසින් පක්ෂයත් රටත් විනාශ කර නොදැම්මා නම් ශ්‍රී ලනිප පාක්ෂිකයාට අද මෙම උභතෝකෝටිකයට මුහුණ පාන්නට සිදු නොවේ. ජනාධිපති සිරිසේන මහතා පැහැදිලිවම උත්සහ ගනිමින් සිටින්නේ විනාශ වූ රටත් පක්ෂයත් නැවත ගොඩ නැගීම වෙනුවෙනි. ඒ ගැන කිසිදු තර්කයක් නොමැත. මේ මොහොතේ එජාපයට ඉඩ දී ඔහු බලා සිටින්නේ රටට අවශ්‍ය කරන විශාල පිම්මක් එජාපය මඟින් ලබා ගැනීම වෙනුවෙනි. ඊට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් සුදුස්සකු නැති බව ජනාධිපතිවරයා හොඳින් දනී. කඩා වැ‍ටුනු ආර්ථිකය හා ජාත්‍යන්තර බලපෑම ජය ගත හැක්කේ රනිල් වික්‍රසිංහට මිස ශ්‍රිලනිපයේ රාජපක්ෂ ක්‍රමයට හැඩ ගැසුනු ගොබ්බයන්ගේ වැඩ වලින් නොවන බව ඔහු දනී.

මේ වසර කිහිපයක සංක්‍රාණ්තික යුගය පසු කිරීමට ශ්‍රීලනීප පාක්ෂිකයා දේශපාලන වශයෙන් මුහුකුරා නොගිය හොත් යළි එජපයෙන් බලය අතට ගන්නවා බොරුය. එජාපය විසින් ඉ‍ටුකළ යුතු යුග මෙහේවර ඉක්මනින් අවසන් කරන තෙක් ඉවසිය යුතුවේ. ඊට ඉඩ දෙන්න. සහය දෙන්න. ශ්‍රීලනීපයට අවස්ථාව ලැබෙන්නේ ඉන් අනතුරුවය. මන්ද යුග කාර්ය භාරය අවසන් වූ පසුව එජාපයද රටේ අනාගතය සම්බන්ධයෙන් වෙනස් තීරණයක් ගත යුතුය. ඒ මොහොතදී ශ්‍රීලනීපයට ප්‍රබල නායකත්වයක් අනාගතවාදී දැක්මක් පුළුල් සංවිධාන ශක්තියක් නොමැති වුවහොත් එජාපය පහසු ජයග්‍රහණයක් අත් කර ගන්නවා නියතය.

මේ ඉතා හොඳින් දන්න වීරවංශලා වැනි වර්ගවාදීන් උත්සහ ගනිමින් සිටින්නේ රට මේ මොහොතේ යම් ජයග්‍රහණයක් අත්පත් කරමින් සිටිනවාද ඒ විනාශ කිරීමටය. මන්ද ඔවුන්ගේ බල පෙරේත කම මෙරට දෙකෝටියක් වන ජනතාවගේ යහ පැවැත්මට වඩා වැදගත් ලෙස කල්පනා කරන නිසාය. සැබැවින්ම බණ්ඩාරනායක මහතා සඟ වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය ඒකරාශී කර ශ්‍රිලනීපය නැමැති ප්‍රගතිශීලී පක්ෂය ගොඩ නැඟුවේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මිස මේ කාලකණ්නි වර්ගවාදී බඩගෝස්තරවාදීන්ගේ ප‍ටු වුවමනාවන් ඉ‍ටු කිරීමට නොවන බව සැබෑ ශ්‍රීලනීප පාක්ෂිකයා නොදන්නවා නොවේ. මේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගිය යුතු කාලයකි. බණ්ඩාරනායක මහතා ද විනාශ වූයේ මෙවැනි වර්ගවාදීන් හුරතල් කිරීමේ ප්‍රතිවිපාකයක් ලෙසිනි. රජපක්ෂ මහතාද ශ්‍රි ලනීපය විනාශ කළේ මේ වර්ගවාදීන් වැද්ද ගැනීම නිසාය. ඒ වැරද යළි වෙන්නට ඉඩ නොතැබිය යුතුය.

- කළණමිත්‍ර

Last modified on Sunday, 13 September 2015 10:56

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us