මහින්දට දිගටම අඬන්න වෙයිද ?

Published in පුවත්
Monday, 01 February 2016 12:27

සිය ධුර කාලය තුළ ඉවක් බවක් නොමැතිව පවුල් පිටින් රාජ්‍ය බලය අපහරණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මාධ්‍ය ඉදිරියේ වැඩි වැඩියෙන් කඳුළු සලා අනුකම්පාව දිනාගැනීමට අවස්ථාව දිගින් දිගට ම හිමිවන ලකුණු පෙනෙන්නට තිබේ.


පසුගිය සතියේ ඔහුගේ දෙවැනි පුත් යෝශිත රාජපක්ෂ CSN නාලිකාවේ අයථා ගණුදෙනු කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබ අත් අඩංගුවට ගැණුනු අතර අද (01) ඔහුගේ බිරිඳ නැවතත් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට හමුවට කැඳවා ඇත. ඒ ඇයගේ ලේකම් වරයකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබා දීමට ජාතික නිවාස අධිකාරියට 'නියෝග' කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමට ය.


"මෙන්න පලිගන්නවෝ" කියමින් සිය පතිභාපූර්ණ රංගන හැකියාව හරහා දැනට අවලංගු කාසියක් වෙමින් යන සිය ප්‍රතිරූපයේ වටිනාකම නැවත ඉහළ දමා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකිවනු ඇති අතර ඔහුගේ කඳුළු වලට සැබෑ වටිනාකමක් ඇත්නම් ඇති එකම තැන වනු ඇත්තේ දැනට බලයේ ඉන්නා උදවිය අනාගතයේ තමුන්ට මෙසේ නොවන්නට බලය අයථා පරිහරණයෙන් වැළකී සිටින්නට ඉගෙන ගන්නවා නම් පමණි.


පුවත පහතින් 

හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(01) දිනයේ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය ජනාධිපති කොමිසම වෙත කැඳවා ඇති බව සඳහන්ය.

එම නිවස අදාළ මාධ්‍ය සම්බන්ධීකාරවරයාට ලබා දෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නියෝගයක් ද සිදු කර තිබේ.

එම නිවස රුපියල් ලක්ෂ 05ක වටිනාකමක් පෙන්වා මාධ්‍ය සම්බන්ධීකාරවරයාට ලබාදී ඇති බව කියැවෙන අතර එම නිවසේ සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ 55ක් වන බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය සදුදා දිනයේ ද කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදු කර තිබුණි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us