ආණ්ඩුව , ලෝක බැංකුව හා මුල්‍ය අරමුදල අතර එකඟතා 5 මෙන්න.

Published in පුවත්
Tuesday, 07 June 2016 09:17

ආණ්ඩුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති ගිවිසුම් හා ඒ තුළින් ඉදිරියේදී මෙරට කම්කරැවාට මුහුණ දීමට සිදු වන අභාවාචකයන් හා එකී කප්පාදුන්ට එරෙහි අරගලය පිළිබද අදහස් දැක්වීමට කම්කරැ අරගල මධ්‍යස්ථානය විසින් අද 06 දින මාධ්‍ය හමුවක් කැ‍දවා තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ කම්කරැ අරගල මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව සහෝදරයා


මේ ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කරනවා ඔවුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව සමග කිසිම කොන්දේසියකින් බැඳිලා නෑ කියලා. නමුත් ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු වාර්තාවේ මෙහෙම තියෙනවා. මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ ජුනි මාසේ 04 වෙනිදා. මේ නිවේදනයේ දෙවෙනි පිටුවේ ලංකාවේ මහ බැංකුව සහ මුල්‍ය අරමුදල අතර ඇතිවූ එකඟතාවන් පිළිබඳ සඳහන් කරනවා.


2016 මැයි මස ආණ්ඩුව හා අත්සන් කරපු ගිවිසුමට අනුව තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වෙන්නේ ඩොලර් බිලියන 1.5 ක ණය මුදල ලබා දෙන්න.

මේ ලේඛනය අනුව ඉතා පැහැදිළිව ඉදිරිපත් කරනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එකඟවූ කොන්දේසි පහක්.

1. බදු ප‍්‍රතිපත්තිය හා බදු කළමණාකරණය සඳහා මූලික සහ පුළුල් ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර එමඟින් රජයේ ප‍්‍රධාන සංවර්ධනය හා සමාජීය වැඩසටහන් ව්‍යාප්ත කිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇත.

මේකෙන් කියන්නේ බදු ප‍්‍රතිපත්ති හා බදු කළමණාකරණය පිළිබඳව. ඉන් දැනට ක‍්‍රියාත්මකවෙමින් තිබූ බදු ප‍්‍රතිපත්තිය තමයි 20% , 80% ප‍්‍රතිපත්තිය. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගෙන් 80%ක් බදු ගහනවා. ඉහළ ආදායම් ලාභීන්ට පැණවුවේ 20%ක බදු මුදලක්. පහුගිය කාලේ වික‍්‍රමසිංහලා කිව්වේ මේක වෙනස් කරනවා කියලා. ඔවුන් සමාජ වෙළෙඳපොල ආර්ථිකයක් ගැන කතා කළා. නමුත් දැන් ඇත්තටම කරලා තියෙන්නේ 20%,80% තිබුණු එක 16%යි, 84% දක්වා වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගෙන් 84%ක් බදු ගහනවා. 16%යි ඉහළ ආදායම් ලාභීන්ගෙන් ගන්නේ. මේක තමයි මේ කියන ප‍්‍රතිසංස්කරණය.

2. 2020 වන විට අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 3.5% දක්වා අඩු කිරීම.

දැනට සාමාන්‍යයෙන් කියනවා 7%ක අයවැය හිඟයක් තියෙනවා කියලා. මෙය 3.5% දක්වා අඩු කරනවා කියලා තමයි කියන්නේ. දැන් මේ තරම් ණය තියෙනවා නම්. ණය ගෙවාගන්න විධියක් නැතිනම් කොහොමද අඩු කරන්නේ. මේක කරන්න යන්නේ අධ්‍යාපනයට සෞඛ්‍යට යොදන මුදල් කප්පාදු කරලා. ඒ වගේම දැනට ඉතිරිවෙලා තියෙන රාජ්‍ය ආයතන විකුණලා. ඒ වගේම බදු වැඩිකරලා. ඒ අනුව අධ්‍යාපනය සෞඛ්‍ය අතුලූ වියදම් ජනතාව මත පැටවෙන ප‍්‍රතිපත්තියක් තමයි ක‍්‍රියාත්මක වීමට නියමිත.

3. රාජ්‍ය ආයතන වල වාණිජමය ශඛ්‍යතාවක් ඇති කිරීමේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්ම කිරීම.

මේ කියන්නේ දැනට ඉතිරිවෙලා තියෙන රාජ්‍ය ආයතනටිකත් එක්කෝ පූර්ණ වශයෙන් විකුණන්න, නැත්නම් අර්ධ වශයෙන් විකුණන්න. එහෙමත් නැත්නම් ඒවායේ කළමණාකරණය පෞද්ගලික අංශයට පවරන්න.

4. අනෙකුත් මූලික ව්‍යූහාත්මක ප‍්‍රතිසංස්කරණ තුළ වෙළෙඳ ආරක්ෂණය අඩු කිරීම සහ නව වෙළෙඳ ගිවිසුම් වලට එළඹීම තුළින් ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සැපයීම.

මොකක්ද මේ කියන වෙළෙඳ ආරක්ෂණය අඩු කිරීම. කාගේ වෙළෙඳ ආරක්ෂණයද අඩු වෙන්නේ. මේ කියන්නේ ලංකාවේ මොණවාහරි මට්ටමින් නිෂ්පාදනයක් කරන සුළු පරිමාණ වෙළෙන්දාගේ ආරක්ෂණය තමයි මේ නැති වෙන්නේ. මේ කියන්නේ ඉට්කා වගේ ගිවිසුම් ගැන. 90 දශකයේ ගෙනාපු ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඉන්දියාව හා ලංකාව අතර වෙළෙඳ ක්ෂේශය 10 ගුණයකින් වැඩි වුණා. දැන් බදු වැඩිවීමට හේතු විධියට ආනයන අපනයන අතර පරතරය වැඩි වීම හේතුවක් විධියට කියප ආණ්ඩුව ලෝක බැංකුවත් එක්ක ගිවිසුම් ගහනව ඒ තත්ත්වයන් තවත් වර්ධනය වෙන විධියට.

5. නම්‍යශීලී විනිමය අනුපාත පවත්වාගෙන යාම.

මේ කියන්නේ තවදුරටත් රුපියල පාවෙන්න හරිනවා වගේ මුල්‍ය ප‍්‍රතිපත්ති පවත්වාගෙන යාම.
දැන් අපිට ආරංචියි ආණ්ඩුව හරි හරියට මේ කොන්දේසි ක‍්‍රියාත්මක කරන්න නීති සකසමින් ඉන්නවා කියලා.


ආර්ථිකය පැත්තේන් ගත්තම මේ වන විට පොලී වාරික වැඩි වෙලා තියෙනවා. මේකෙදී නිවාස ණය ලබා ගැනීමේ පොළිය 9.4% සිට 12.8% දක්වා වැඩි වෙලා තියෙනවා. පර්සන්ල් ලෝන් නුත් ඒ විධියටම වැඩි වෙලා. ඒ නිසා නිවාස ණය ගත්ත අය ඉවරයි. රජයේ සේවකයින්ට පෞද්ගලික අංශ සේවකයන්ට වැඩි වුණා කියන වැටුප් වැඩිවීම් මේ අනූව වැඩක්නැති තත්වයකට පත්වෙලා තියෙනවා. මොකද ඒවා එක්කෝ බදු විධියට හරි නැත්නම් බැංකු පොලී විධියට පොකට් ගහනවා.

දැන් මේ බදු වැඩිවීම හරහා ආණ්ඩුව කියනවා බිලියන 100 උපයනව කියලා.

අපි ගාව තියෙනවා පසුගිය අවුරුද්දේ ලංකාවේ ඉහළම ව්‍යාපාරිකයන් 100 ලාභය. ශූද්ද ලාභය බිලයන 200යි මේකත් ඇත්ත ආදායම නෙවෙයි. මොකද දැන් ඔය චාටර්ඞ් අකවුන්ටන්ලා දාලා කරන්නේ ආදායම් අඩු කරලා පෙන්වීම. ඒ අනුව මේ ඇත්ත ලාභය බිලියන 300 ක් විතර වෙනවා.
දැන් අපිට තමයි කැපකිරීම් කරන්න කියන්නේ. පරාක‍්‍රමබාහු රජුගේ කාලේ ඉඳලා සාමාන්‍ය ජනයා බදු ගෙවලා තියෙනවා. ජංගම දුරකතනයට 100 දාන පෙම්වතෙක් තම පෙම්වතියට කතා කරනකොට ආණ්ඩුවකට රුපියල් 50 ක් දෙනාවා.

දැන් මොකද මේ ධනපතියන්ට කැපකිරීමක් කරන්න කියන බැරි. මෙවැනි ආර්ථික අර්බුධයක් ඇතුලේ ඇයි රවී කරුණානායකලාට ඒ අයගෙන් අඩුම තරමින් භාගයක් ගන්න බැරි. දැන් අපි මෙහෙම කිව්වම රවීල කියයි එහෙම උනොත් ආයෝජනය කරන්න ඒ අයට මුදල් නැතිවෙයි කියලා. අපි අහන්නේ එහෙම ආයෝජනය කරන්න මුදල් නැතිනම් පහුගිය කාලේ මේ අය පැනමා පේපර් වල දැම්මේ මොණවාද කියලා. පැනමා පේපර් කියන්නේ එකක් විතරයි. තව ස්විස්ටර්ලන්තේ වගේ තැන්වල ඕනෑ තරම් මේ විධියට මුදල් යොදවලා තියෙනවා. ඒකෙන් පැහැදිළියි මේ ආණ්ඩු සැබෑ ලෙස ආරක්ෂා කරන්නේ කව්ද? පෙනී ඉන්නේ කාවෙනුවෙන්ද කියලා.

මේ අනුව දැන් පැහැදිළියි ඇයි ආණ්ඩුව පාඩු විඳින්නේ කියලා. අපි බදු ගෙවනවා. දඩ ගෙවනවා. හැබැයි සමාගම් ලාභ ලබනවා. මේ අය කවදාවත් මේ අය වැය හිඟය පියවන්නේ නෑ. මොකද එහෙම වුනොත් මුල්‍ය අරමුදලට කොන්දේසි දාන්න හේතු නැතිවෙනවා.


මේ නිසා මේ අවුරුද්දකින් මේක විසඳනවා කියන්නේ බොරු. මෙතනදී වෙන්නේ තව තවත් ලංකාවේ මිනිස්සුන්ට පිටි තද කරගන්න වෙන එක. මේ යටතේ විශ‍්‍රාම වැටුප් කප්පාදුව. ඔය කියන දායකත්ව විශ‍්‍රාම වැටුපට අදාල පනත් දැන් සැකසමින් තිබෙනවා. සමහරු හිතන් ඉන්නවා මේක ක‍්‍රියාත්මක වෙන්නේ මේ අවුරුද්දේ ඉඳලා ආපු අයට කියලා. නමුත් මේ 2006 සිට බඳවා ගත් අයට එනවා. ඒ වගේම අනිත් කාරණය තමයි කම්කරු නීති සංශෝධනය. දැන් ඔන්න නීතියේ ආධිපත්‍ය හදන්න යනවා. කම්කරු නීති විතරක් නෙවෙයි ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට පනත් තුනක් ගෙනෙනවා. ඉන් එකක් තමයි අත්‍යවාශ්‍ය සේවා පවත්වාගෙනයාමේ පනත. මේක ඉතා පැහැදිළිව ගේන්නේ වැඩ වර්ජනය කිරීමේ අයිතියට වලකපන්න.

සේවය අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීමට නියමිතයි මේ අනුව වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයන් ආදියට රැුකියාවලින් එලියට දාන්න පහසු වෙනවා. රාත‍්‍රී වැඩ වල යෙදවීමේ පනත සංශෝදනය කරන්න යනවා. ලංකාවේ විශේෂයෙන් කාන්තාවන් රාත‍්‍රී වැඩ වල යෙදවීමට එරෙහිව නති තියෙනවා. දැන් ඔය වෙළඳ කාලාප වල ඒවා තියනේනේ ඒවා කම්කරු අයිතීන්වලින් ඉවත් කරලා තියෙන්නේ. මේක කරේ ජේ ආර් ජයවර්ධන. දැන් මාමා නිදහස් වෙළෙඳ කළාප වලට කරපු වැඬේ බෑනා මුළු රටටම කරන්න යනවා.

මේ නිසා දැන් මේ වෙන්න යන දේ පැහැදිළියි. අපි කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි මේක වෙන්නේ දැන් මේ වෙනකොට ප‍්‍රංශේ යන ප‍්‍රධාන අරගලය තමයි මේ කම්කරු නීති සංශෝධනයට එරෙහි අරගලය.

ඒ නිසා ලොක ආර්ථික අර්බුදයට සාපේක්ෂව ලංකාව තුලත් මේ ක‍්‍රියාත්මක කරන්න තතනනන්නේ ඒ දේම තමයි. ඒ නිසා ඉදිරියේදී කම්කරු අරගලය මධ්‍යස්ථානය විධියට අපි මෙකී කම්කරු නීති සංශෝධනයන්ට එරෙහිව, බදු වැඩි වීම් වලට එරෙහිව වගේම ඊනියා දායකත්ව විශ‍්‍රාම වැටුප නමින් ගේන විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව දැනුවත්කිරීම් හා උද්ඝෝණ පවත්වමින් විරෝධතාවය දක්වනවා.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ හෙළිදරව්ව....

Last modified on Tuesday, 07 June 2016 10:07

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us