නාලන්ද විදුහල්පති හිරේ නොගිහින් බේරුනේ තිලංග නිසා !

Published in පුවත්
Monday, 11 July 2016 18:35

කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර එම පාසලේ ගුරුවරයෙකුට පහරදීම සඳහා සිසුන් මෙහෙයවීම සම්බන්ධව අද (11) බොරැල්ල පොලිසියේ අත්අඩංගුවට පත්වුවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ බලපෑම මත නිදහස් කර යවා ඇතැයි වාර්තා වෙයි.

මේ අයුරින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබුණේ අදාළ පහර කෑමට ලක්වූ නාලන්ද විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කරන වන සුසන්ත හේරත් මහතා 2016.08.08 දින සීඅයිබී 2/159/84 අංකයෙන් බොරැල්ල පොලීසියට කළ පැමිණිල්ලට අදාලවය.

මෙම ප්‍රහාරය සඳහා සිසුන් මෙහෙයවීම ඉතාම සැලසුම් සහගතව විදුහල්පතිවරයා සිදුකරවුවක් බවට මේ වන විට එම විදුහලේ හපුආරච්චි ගුරුතුමියගේ ඇසින් දුටු සාක්ෂිය තහවුරු කර ඇත. එම සාක්ෂිය ඇතුළුව හේතු කිහිපයක්ම මුල්කර ගනිමින් විදුහල්පතිවරයා මුදා හැරීම නීත්‍යානුකූල නොවන අයුරකින් සිදුවී ඇති බව මේ වන විටත් තහවුරුව ඇති නිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට සිදුව ඇති බව වාර්තා වන නමුත් තිලංග ඇතුළු වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයින් කිහිපදෙනෙකු සමඟ ජයසුන්දරට ඇති සමීප සම්බන්ධය නිසා එය මඟ හැරීමේ ප්‍රබල මැදිහත්වීමක් මේ වන විට සිදුවෙමින් ඇත.

මේ අතර විදුහල්පතිවරයාගේ මෙම නීච හැසිරීම ලංකා ගුරු සංගමයද දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක ඇත. එසේම මේ සම්බන්ධව පාසල් සිසුන්ගේ දෙමාපියන් මෙන්ම ආදී සිසුන් පෙන්වා දෙන්නේ මේ වන විට නාලන්දාවේ මතුව ඇති තත්ත්වය එහි කීර්ති නාමයට බලවත් හානියක් මෙන්ම සමස්ථ පාසල් පද්ධතියටම වැරදි ආදර්ශ සපයන තත්ත්වයක් බවත් ඒ හේතුවෙන් බලධාරීන් මැදිහත්ව ඊට කඩිනමින් විසඳුම් සැපයිය යුතු බවය.

කෙසේ වුවත් මෙරට ප්‍රසිද්ධ ජාතික පාසලක මතුව ඇති තත්ත්වය පිළිබඳ අධ්‍යාපන බලධාරීන් ඇතුළුව වගකිව යුතු පාර්ශව හැසිරෙන ආකාරය ඉතා සෝචනීය මට්ටමක ඇත. විශේෂයෙන්ම මෙම ජයසුන්දර දුෂණ චෝදනා ලබා ඇති අවස්ථාවේ ඊට අදාළ සාක්ෂි වසන්කරන්නට සහ සාක්ෂි කරුවන් මර්දනය කිරීම සඳහා දිගින් දිගටම යොදාගත්තේ මේ වන විටත් පාසලේ ඉගෙනුම ලබමින් සිටින සිසුන්වය. මේ වන විටත් සමාජ ජාල හරහා විදුහල්පතිවරයාගේ පැටිකිරිය විවේචනය කරන පිරිස් වෙත පිළිතුරු දීම සඳහා විදුහල්පතිධුරයට කිසිසේත්ම නොගැලපෙන අයුරින් ජයසුන්දර පාසල් සිසුන් මෙහෙයවමින් සිටින බවද අප වෙත වාර්තා වී ඇත.

වැඩිදුරටත් අප වෙත වාර්තා වන අන්දමට අදාළ පහර කෑමට ලක්වූ ගුරුවරයා සමඟ ජයසුන්දරගේ වෛරය ඇතිව තිබෙන්නේ එම ගුරුවරයා වත්මන් විදුහල්පතිගෙ දුෂණ අක්‍රමිකතා රැසකට එරෙහිව නැගී සිටි නිසාය. එයද ප්‍රමාණවත් නොවීම නිසා අදාළ ගුරුවරයා විදුහල්පතිගේ දුෂණ අක්‍රමිකතා අල්ලස් කොමිසමට හෙළිකිරීමට මුලිකත්වය ගෙන ඇත.

ඒ වෙනුවෙන් ජයසුන්දර ඔහුගෙන් පළමු පලිය ගන්නේ කිසිඳු වග විභාගයකින් තොරව ඔහුගේ වැඩ තහනම් කිරීමෙන් වන අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින ජයසුන්දරගේ ගජ මිතුරෙකු වන හේමන්ත ප්‍රේමතිලකද සහය දී ඇත.

එසේම පසුගිය ජනාධිපතිවරණය අභිමුව මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට සහයක් වනු පිණිස 89 වන සංවත්සරය 90 වෙනි සංවත්සරය ලෙස පැවැත්වීමට කටයුතු කිරීම තුලම ජයසුන්දරගේ අසුන්දර පැටිකිරිය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. එදා එම අවස්ථාව සංවිධානය කරන්නට ආදී සිසුවකු ලෙසත් නිවාස අසළ පිහිටීම සහ බොරැල්ලේ සංවිධායක ලෙසත් මහින්දගේ කුණු මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් තිලංගද රෙද්ද පැත්තක තබා කඩේ ගියේය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නොව එවකට ඒ කවුරුත් කෑ මහින්දගේ ඉඳුල් කෑමේ අවස්ථාව තවදුරටත් තබා ගැනීමටය.

අද තිලංග ජයසුන්දර වෙනුවෙන් මරාගෙන මැරෙන ලෙස මැදිහත් වන කාරණය ඒ අනුව පැහැදිලිය. පසුගිය සමයේ මහින්ද වෙනුවෙන් ජයසුන්දර ලවා සියඹලා ගෙන්වා ගත් නිසා ඊට හිලවු ලෙසය. ඉතින් මේ දෙපිටිකාටු හාදයන් ජනතාව වෙතින් බලය ගත් අය නොවන අතර මෛත්‍රී ජනාධිපතිට පිං සිද්ධ වෙන්න පිං මන්ත්‍රීකම් ලැබුවන්ය. කෙසේ වුවත් මේ වන විට ඒ පිනට මන්ත්‍රීකම් ගත් උදවිය සිය තනතුරේ අභිමානය ගණිකා වෘත්තියේ යොදවා මහින්දට කඩේ ගිය දුෂිතයින් රකිමින් සිටියි. ඒ ද නිකං නොව යහපාලනයේ අනුහසින්ය.

පසුබිම එසේ හෙයින් මේ ලෙස දඩාවතේ යමින් සිටින විදුහල්පතිවරු මෙන්ම පිං මන්ත්‍රීලා නියම තැන තැබීම නාලන්දා විදුහල ඇතුළු සමස්ථ රටේ අධ්‍යාපන සංස්ථාවට පමණක් නොව යහපාලන නායකයින්ටද වැදගත්වනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us