වැට් එහෙම්මමයි, විමල් ගොන් පාට් වෙයි

Published in පුවත්
Tuesday, 12 July 2016 13:32

වැට් බදු වැඩිකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය පදනම් කරගෙන ජනතාව හමුවේ ව්‍යාජ රංගනයක් දියත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු නඩයේ සැලැස්ම මේවන විට අලවී පොඩී වී කක්කගොඩක් බවට පත්ව තිබේ.

වීරවංශලා සුදානම් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමන් ලබා ගත්තෙ වැට් බද්දට විරුද්ධව බවත් නැවත වැට් බද්ද පැනවීමට කටයුතු කිරීම ආණ්ඩුව උත්සහ කරනවා නම් එය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසළකා හැර වත්මන් ආණ්ඩුව කරන නීති විරෝධී කටයුත්තක් බවට ප්‍රචාරයක් ගෙන යාමය.

ඒ වෙනුවෙන් ඔවුන්ගේ මාධ්‍ය හසුරවන පිරිස් කැඳවා දැනුවත් කිරීමක් සිදුකෙරිණි. එහිදී අදාළ ප්‍රචාරය ගෙන යාමේදී නීතිමය අර්බුදයක් මතු නොවන ලෙස එය සිදු කළ යුතු ආකාරයත් එහිදී සැලකිලිමත් විය යුතු ආකාරය ගැනත් ඔවුන්ව දැනුවත් කිරීම් සිදුකොට ඇති අතර ඒ වෙනුවෙන් නීතිඥවරයෙකුවද සහභාගී කරගෙන ඇත.

මෙකී සැලැස්ම අප හමුවේ අනාවරණය වී ඇති බැවින් දැන් ඒ උදවියගේ සැලැස්ම මෙන්ම ජනතාව ගොනාට අන්දවා පහත දේශපාලන වාසියක් ගැනීම වෙනුවෙන් කැපකළ ශ්‍රමයද අපතේය. ඒ ගැන අපට කරන්නට දෙයක් නැත.

සැබවින්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වුයේ වැට් බද්ද තහනම් කිරීම සම්බන්ධ කාරණයක් නොවේය. එහිදී විභාග වුයේ රජය විසින් පසුගියදා වැට් බද්ද ඉහල නංවනු ලැබු ක්‍රමවේදය සම්බන්ධ ගැටලුවකි. එනම් අය වැය මඟින් වැට් බද්ද ඉහළ දැමීම සිදුකල හැකිද යන කාරණයයි.

එහිදී පැමිණිල්ල වෙනුවනේ පෙනී සිටි නීතිඥ මනෝහරද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම වැට් බද්ද පනවා ඇත්තේ පාර්ලිමේන්තුවේ වැට් බදු පනත සංශෝධනය නොකර බැවින් නීති විරෝදී බවයි. මෙය රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් මහ ජනතාවගෙන් බදු අය කිරීමක් යයිද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

මේ වෙනුවෙන් රජය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය පෙන්වා දුන්නේ පනත සංශෝධනය නොකලද බදු සංශෝධනය සඳහා අයවැයෙන් අවසර ලබාගෙන ඇති බවත් ආදායම් බදු කොමසාරිස්වරිය කර ඇත්තේ එය ක‍්‍රියාත්මක කිරීම පමණක් බවත් නිසා මෙම බදු වැඩි කිරීම නීත්‍යානුකූල බවයි.

කෙසේ වුවත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය සිය අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වැට් බද්ද සංශෝධනය කර එය ක්‍රියාත්මක කළ නොහැකි බව දැනුම් දෙමින්ය. ඊට අදාළ නෛතික කරුණ වන්නේ වැට් බද්ද සංශෝධනය කරනවා නම් ඒ සඳහා අදාළ පනතට සිදුකරණ සංශෝධනයක් ලෙස එය ගෙන ආ යුතු බවය.

මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලිකාර පාර්ශවය ගොනුකර ඇති පෙත්සම දෙසැම්බර් 17 යළි සලකා බැලීමට නියමිතව ඇත.

මේ අතර ආණ්ඩුව පසුගිය 08 වනදා වැට් සංශෝධනයට අදාළ පනත සම්මතකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය දෙවන වර කියවීම ලබන (23) සිදුකිරීමට නියමිතව ඇත.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ පැහැදිළි බහුතරයක් ආණ්ඩුව සතුව ඇති නිසා එම පනත මේ මස අවසන්වීමට ප්‍රථම සම්මත කරගත හැකි බවත් ඊට අනුව පසුගිය මැයි 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වැට් සංශෝධනය ක්‍රියාත්මක කළ හැකි බව ආණ්ඩුවේ අදහසය. ඒ අනුව පැනවූ වැට් බද්ධ අහෝසිවීමක් සිදු නොවේ.

අනෙක් අතට වැට් බද්දෙන් මෙන්ම ජාතිය ගොඩනැගීමේ බද්දෙන් පැහැදිළිවම අත්‍යාවශ්‍ය භාණ්ඩ 15ක් නිදහස් කරන බවත් ඒ හරහා මෙකී බදු හේතුවෙන් ජනතාව වෙත එල්ලවන පීඩනය අවම කරන බවත් ආණ්ඩුව දැනුම් දී ඇත. එම භාණ්ඩ අතර සීනි, මයිසූර් පරිප්පු, අර්තාපල්, ලූණු, මිරිස්, සැමන්, මුංඇට, සුදු ලූණු, කඩල, හාල්මැස්සන් යනාදිය ඇතුළත්ව තිබේ.

ඒ අනුව දිගින් දිගටම දේශපාලන පරාජයන් ලබමින් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන්න ඔන්න මෙන්න සිටින උපවාස වංශයේ නඩයේ සුදානම කුමක්ද යන්න සැවොම නිවැරදිව වටහා ගත යුතුව ඇත.

මේ අය දේශපාලනය කියා කරමින් සිටින්නේ ජනතාවට ලනු ගිලින්න දී තමන්ගේ සුඛ විහරණය සකසා ගැනීමය. වයස අඩුකර බිරිඳට ආගමන විගමන බලපත්‍ර කිහිපයක් හැදුවෙත් තමන්ද කිහිපයක් සාදාගත්තෙත් ඒ වෙනුවෙන්ය. ලෙමන් පෆ් කමින් මාරාන්තික උපවාස ජෝක් කළේද කන්ඩම් වෙනුවට කොන්ඩම් යනුවෙන් නොදන්නා ඉංග්‍රීසි ලියාගෙන සුද්දන්ට විරෝධය පළකරන්නට ගොස් හත්පොළේ ගාගත්තේද ඒ වෙනුවෙන්ය. එහෙත් මේ උදවියට ඒ ගැන ගානක් නැත.

ඇත්තටම නම් මේ අයට ලජ්ජා නහර කියා දෙයක් නැත. ඒ නහර මේ අය කපා ගෙන දැන් බොහෝ කලක් ගතව ඇත. එනිසා මෙවැනි නඩු තීන්දු විකෘති කිරීම මේ නඩ වලට සිම්පල් ප්ලෑන් ය. වැට් සංශෝධනය ගැන පමණක් නොව රජයේ වාහන රජයටම කුලියට දී බඩ වඩාගත් මුසාමිල්, වීරයාට ඇඳ රාජ්‍ය දේපල අවභාවිතයේ යෙදවීම නිසා වැටුණු මාංචු උස්සා පෙන්වන්නේ එනිසාය. අනුන්ගේ සමාගම් කොටස් හොර දිවුරුම් ප්‍රකාශ හරහා නීති විරෝධී අයුරින් අයිතිකර ගන්නට ගොස් හිරේ ලගින්න සිදුවූ ගම්මන්පිලව මැන්ඩෙලා කෙනෙක් බව කියනෙත් එනිසාය. කෝටි ගණනක් වටිනා ඉඩමක් විදේශීය සමාගමකට ලබා දීම සඳහා රුපියල් කෝටි 7 ක මුදලක් කප්පම් හෝ කොමිස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය අත්අඩංගුවට ගත් නාමල් දේශපාලන සිරකරුවකු බව කියන්නේද ඒ අනුවය.

ඇත්තටම මොවුන් ජනතා වාදී දේශපාලනයක නිරත වෙන අය නම් මේ මොහොතේ රට හමුවේ ඇති ආර්ථික අභියෝගය පැහැදිළිව රටට කිව යුතුව ඇති අතර ඒ තුළ ආණ්ඩුව කවුන්ට් කළ යුතුව තිබෙන්නේ ඒ වෙනුවෙන් ක්‍රමවේද සැකසීමට ආණ්ඩුවේ ඇති නොහැකියාව හෙළි කරමින්ය. එහෙත් මේ නඩය එවැනි කිසිවක් යෝජනා කරන්නට සමත් නැත. ඒ පැහැදිළි බැරිකම මිස තක්කඩි කමක් නොවන බවද පැහැදිලිය. දෙකට දෙකේ ඒවා බිංදුවයි ලෙස ගණන් හදන මේ අයට ඊට අදාලව අනුකම්පා කළ යුතුව ඇත.

ඒ පසුබිමේ අද මොවුන් බලා සිටින්නේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩයාමට මිස ජනතාව වෙනුවෙන් යමක් කරන්නට නොවේය. එල්ලෙන්න වැල් නැති මේ හාදයන් කාගේ එකේ එල්ලී ගොඩ ගියත් අපට එය අදාළ නැත. අප ප්‍රශ්න කර සිටින්නේ ඒ වෙනුවෙන් ජනතාව ගොනාට අන්දන ජඩ වැඩ ගැනය.

අඩුපාඩුකම් රැසක් හමුවේ වුවත් 2016 වසරේදී පුනරාවර්ථන වියදම් ජාතික ආදායමෙන් ගෙවීමට ආණ්ඩුව සමත්ව ඇත. එයින් ආර්ථිකය අර්බුදය මුළුමනින්ම ජයගැනීමට ආණ්ඩුව සමත්වී ඇතය කියා මොඩචුන් ගැනීමක් නොකළත් එය සාධනීය තත්ත්වයක් බව කිව යුතුව ඇත. කෙසේ වුවත් රාජපක්ෂ රෙජීමය ජනතාව ගැන සිතා රට ණය උගුලක ගසා ගෙදර ගොස් ඇති අතර ඒ ණය මල්ල රුපියල් ට්‍රිලියන 9.5 ක් පමණය. ඒ පසුබිමේ විමල්ගේ නඩේ මේ කඩේ යන්නේ කා වෙනුවෙන්ද? යන්න තේරුම් ගැනීම සිදුකළ යුතුය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us