බැසිල්ව වීරයෙක් කිරීම එජාපයේ වැඩක්. ඩලස්ලා විමල්ලා අවුලෙන්

Published in පුවත්
Monday, 25 July 2016 15:28

මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කිරීමේ සිහිනයේ වෙලී සිටින දූෂිතයන්ගේ පාද යාත්‍රාව කොළඹට එන අගෝස්තු 01 වනදා බැසිල් රාජපක්ෂට ඇප ලබාගෙන වීරයකු ලෙස වේදිකාවට ගොඩකිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් එම කණ්ඩායමේ බහුතරයකගේ විරෝධය මහින්ද රාජපක්ෂ වෙත මේ වන විටත් දන්වා ඇතැයි වර්තාවේ. බැසිල් රාජපක්ෂව අත් අඩංගුවට ගැනීම මෙන්ම එළඹෙන අගොස්තු පළමුවෙනිදා අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ සැලසුම එක්සත් ජාතික පක්ෂයේ සහයෙන් සිදුවන කටයුත්තක් බවට මේවන විට තොරතුරු හෙළිවීම මත මේ විරෝධය එල්ල වී තිබේ.

බැසිල් රාජපක්ෂ එජාපයේ හා ඉන්දියාවේ රෝ සංවිධානයේ සහයෙන් ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත් ඊට කිසි සේත්ම ඉඩ ලබා දිය නොහැකි බවත් ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ආදීන්ගේ විරෝධය එල්ල වී තිබෙන බව දැන ගැනීමට තිබේ. ශ්‍රි ලනිපය දෙකඩ කිරීමන් තමුන්ට අනාගාතයක් නැති බවත් එමඟින් සිදුවනේ එජාපය තවදුරටත් ශක්තිමත් වීම බවත් බැසිල් විරෝධීන් දිගින් දිගටම මහින්ද රාජපක්ෂ ට පෙන්වා දුන්නද මේ වන තුරුත් මහින්ද රාජපක්ෂ ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ තමනගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව තිබෙන දූෂණ හා අපරාධ චෝදනා වලින් යම් සහනයක් ලබා ගැනීමට නම් අගමැතිවරයාගේ වුවමනාවන් සන්තර්පනය කිරීමට සිදුව ඇති බවය.

ඒ කෙසේ නමුත් බැසිල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජීම සමයේ අධිකරණ පද්ධතියම කෙලෙසු බවට චෝදනා ඇති නීති ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු මුල්වී මේ පිළිබඳ සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති අතර ඊට සහභාගීවූ නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකු පවසා ඇත්තේ තම සම්බන්ධතා මත අදාළ දිනයේදී ඇප ලබාගැනීමේ හැකියාව ඇති බවය. ඒ වෙනුවෙන් පසුගිය ජූලි 22 වනදා බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඇප අයදුම්පතක් ගොනු කරන්නට නීතිඥයින් කණ්ඩායමක් කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

මේ වන විට බැසිල් රාජපක්ෂ සිර දඬුවම් වෙනුවට වෛද්‍ය වාර්තා ලබාගෙන රෝහල් ගතව සිටින අතර තමන්ගේ අගෝස්තු 01 වන දා ඇප ලබාගැනීමේ අවස්ථාව ආවරණය කර ඊට පුළුල් ප්‍රචාරයක් ලබා දීම වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක්ද රෝහලේ සිටින අතර තුර සංවිධානය කර ඇති බවද දැනගන්නට ඇත.

බැසිල් රාජපක්‍ෂව මුල්‍ය අපරාධ කොට්ටාශය මඟින් පසුගිය 18 වනදා අත්අඩංගුවට ගනු ලැබුණේ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන වැය ශීර්ෂ ගිණුමෙන් රුපියල් මිලියන 36.5ක් වැය කර ජී.අයි. බට ගෙන ඒවා පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පළාත් පාලන ආයතන වෙත බෙදා දුන් බව පවසන සිද්ධිය සම්බන්ධයෙන් පළමු වගඋත්තරකරු ලෙස නම් කරමින්ය.

පසුව එදිනම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අගෝස්තු 01 වැනිදා තෙක් බැසිල් රාජපක්‍ෂව රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නියෝග කරනු ලැබීය.

මේ අතර රාජපක්ෂ පාලන සමයේ සිදුවූවා යයි පැවසෙන වංචා දුෂණ කිහිපයක් සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපයතුලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us