මහින්දගේ ප්‍රජාඅයිතිය අහෝසියට ආණ්ඩුව කරන්න හදන වැඩේ..නීති මහාචාර්ය හෙළිකරයි

Published in පුවත්
Wednesday, 21 March 2018 09:02

මහින්ද රාජපක්ෂට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පදනම් කරගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ආණ්ඩුවේ සැලසුම ගැන පොහොට්‍ටු පක්ෂයේ නායක මහාචාර්ය ජී එල් පීරිස් අණාවරණය කරයි. ඊයේ (20)ඇන් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.

ඒ අනුව පසුගියදා සංශෝධින ඉදිරිපත් කළ අධිකරණ සංවිධාන පනත පාවිච්චි කර පිහි‍ටුවනු ලබන මහාධිකරණ පිහි‍ටු වීමේ මූලික අරමුණ වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටය.

ඉදිරි මැතිවරණයකදී මහින්ද රාජපක්ෂව පරාජය කළ නොහැකි නිසා ආණ්ඩුව මෙම පියවර ගෙන අති බවද ඔහු පවසයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළෙත් මෙලෙස බවද ඔහු පෙන්වා දෙනු ලැබීය. එසේම හොරු ඇල්ලීමට විශේෂ අධිකරණ අවශ්‍ය නැති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

කෙසේ නමුත් මෙම නව සංශෝධිත පනත් කෙ‍ටුම් පත මඟින් සිදුකරනු ලබන්නේ, නඩු ඇසීමට ගතවන දීර්ග කාලය අඩු කිරීම වෙනුවෙන් පවතින මහාධිකරණ පද්ධතිය තුලම තවත් ශාලා කිහිපයක් වැඩි කර ත්‍රී පුද්ගල විනිසුරු මඩුලු 3ක් හරහා නඩු ඇසීම වේගත් කිරීමය. එසේ නොමැතිවන් නව නීති පැනවීමක් හෝ වෙනත් කුමන්ත්‍රණකාරි දෙයක් මෙහිදී සිදු නොවන බව පැහැදිලිය.

ඒ අනුව මෙම පනත් කෙ‍ටුම්පත ගැන මෙලෝ අවබොධයකින් තොරව නන්දොඩවනවා හෝ බලයට ඇති කෑදරකම හෝ මෙම නීති මාහාචර්ය වරයා රට නොමග යවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us