සිරිසේන කියන්නේ පොළොන්නරුවේ ගැමියෙකි. ග්‍රාමසේවක ලෙස කටයුතු කළ අයෙකි. ඒ ගමේ ඡන්ද දායකයාගේ සිතුම් පැතුම් සමග ජීවත් වීම නිසා ඔහුව ගමේ ජනතා නියොජිතයා ලෙස මොකක්දෝ වාසනාවකට තේරී පත් විය. ඔහු පාර්ලිමේන්තු පැමිණ සිදු කළේද ඒ ගමේ දේශපාලනයයි. දීර්ඝ කාලයක් මුළුල්ලේ ජනතා නියෝජිතයකු ලෙස කටයුතු කිරීම නිසා ගොඩනඟා ගත් ප්‍රතිරූපය හැර ඔහුගේ දේශපාලන ජීවිතයේ ලොකු සළකුණු නැත. ඔහුට ඇමැති වගකීම් පැවරුණේ බොහෝ පසුකාලීනවය. ශ්‍රිලනිපයේ වගකීම් බාර දුන්නේ නායකත්වයට පාලනය කරගත හැකි පඹ ගතිය නිසාය. එහෙත් ශ්‍රීලනිප ලේකම් වරයා ලෙස ශ්‍රිලනීපයේ උන්නතිය වෙනුවෙන් ගත් කිසිදු සාධනීය පියවරක් නැත.
2015 එජාපය ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂක යොජනාව පිළිගත්තේ චන්ද්‍රිකා මැදිහත්ව තමන්ට පාලනය කර ගත හැකි මේ සිරිසේනව යෝජනා කිරීම සමගය. සිරිසේන කියන්නේ නූගත් අවංක ගැමියකු මිසක වෙන කවුරුවත් නොවන බව සියලු දෙනා පිළිගත් පොදු කරුණක් විය. ඒ අනුව ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් සියලු දෙනා කැප වුනේ ඔහුව දිනවීමට නොව ඔහු හරහා දිනවිය යුතු වැඩ පිළිවෙල වෙනුවෙනි.
සිරිසේනට දන්නා දේශපාලනය මැතිවරණ කාලෙට ඊට ඉදිරිපත් වීමත් , ජනතා නියොජිතයකු ලෙස ගමේ වැඩක් පළක් කර දීම පමණය. ඊට වඩා රට ලෝකය ගැනවත් ඔහු දැන ගෙන සිටියේ නැත. ඒ බව ඔහු ගේ පැරණි කතා අහන විට පැහැදිලි වෙයි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන විට එහි ඇති දේශපාලන බර එහි වුවමනව ගැන සිරිසේන හාංකවිසියක දෙයක් දැන ගෙන සිටියේ නැත,
දින සීයේ වැඩපිළිවෙලෙහි තිබුණේ මොනවාදැයි කියා තමන් නොදන්නා බව වරක් ප්‍රසිද්ධියේ කිමට තරම් ඔහු ඔහුගේ නිවට නියාලුකම පෙන්වීය.
අද සිරිසේන පාර්ලිමේන්තු හන්දියේ සිට දෙසූ දේශනාව ඔහුගේ ග්‍රාම්‍ය අසික්කිත බව මිසක් වෙන කිසිවක් පෙන්වා දීමට සමත් වූයේ නැත. මෙහි ඇති සුවිශේෂී බව වන්නේ තමන්ගේ ඇති අවුල ඔහුටම කියන්න සිදු වීමය.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා තමන්ට හේතු සාධක වූයේ වෙන කිසිදු ගැටලුවක් නොව මේ සංස්කෘතික වෙනස බව ඔහු පැහැදිලි කළේය. රනිල් වික්‍රමසිංහ කතා කළේ නූතන ශිෂ්ටසම්පන්න දියුණු ලෝකය ගැනය. යහපාලනය ගැනය. සිරිසේනට ඒවා දිරවාගන්න හැකි වූයේ නැත. ගමේ අශිෂ්ඨකම පරම්පරා උරුමයක්, ජාතික උරුමයක්, ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස විශ්වාස කරන සිරිසේනට අනෙක් සියල්ල අසම්මත අසංස්කෘතික විකාර දේවල්ය.
වරක් තන පටක් ගැන කියමින් පෙන්නු විකට හැසිරීම, ලිංගිකත්වය සම්බන්ධයෙන් වෙනස් කොට සැලකීම පිටු දැකිය යුතු බව කියන කොට සමලිංගිකත්වය නීතිගත කරන්න හදනවා යැයි කියමින් නටපු නාඩගම, සුළු උදාහරණ දෙකකි. සිරිසේනට ඉංග්‍රීසි බැරි වීම අනෙක් ලොකුම ගැටලුව විය. ඒ ගැන බරපතල හීනමානයකින් ඔහු පෙලිණි. පසුගිය කාලයේ ඔහු ලෝක නායක ඇසුරට වැටීම ගැන මහත් උත්කර්ෂයෙන් ඔහුගේ මාධ්‍ය නඩය ප්‍රචාරයන් කළත් ඇත්තට වූයේ , හරියට දඟකාර පොඩි එකෙකු වැඩිහිටියන්ගේ අවධානය ගන්නවා සේ වැඩකි. ලෝක නායකයන්ට මෛත්‍රී හුරතල් පොඩි එකෙකු විය. රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසක් ලංකාවේ දේශපාලන පෙරළිය සිදු කළ බව ලෝකයට රහසක් නොවේ. එහෙත් මෛත්‍රී එය දැනගෙන සිටියේ නැත. කටුස්සාගේ කරේ රත්තන් බැන්දා සේ ඔහු කටයුතු කළේය.
රනිල් වික්‍රමසිංහලා වරද්දා ගත්තේද මෙන්න මෙතැනදීය. කටූස්සා දඟලන දැඟලිල්ලට ඉඩ දී බලා සිටීම ඔවුන් කළ වැරැද්දයි. සිරිසේන තමන් සතුව ඉතුරිව තිබූ බලතල පාවිච්චි කර තමන්ගේ විදිහට ගැළපෙන කෙනා අවසානයේ තෝර ගත්තේය. ඒ මහින්ද රාජපක්ෂය. ඔහු තමන්ගේ මාරාන්තික සතුර මිතුරා බවට පත් කර ගත්තේය. මේ ඔහුගේ ඇති රාජ්‍යතාන්ත්‍රික භාවය නිසා සිදු වූවක් නොවේ. ගමේ ගොඩේ නෑදෑ හිතවතුන් මෙහෙම තරහා වී ආයේ වාසි තකා යාලු වීමේ ඇවැතුම් පැවැතුම් තිබේ. මේ සිදු වූයේ එයය. සිරිසේන මහින්ද මිත්‍රත්වයට කිසිදු දේශපාලනික හේතුවක් නැත. දේශපාලනික වශයෙන් ගන්නා සෑම පියවරක්ම රටේ ජනතාවගේ හෝ අඩු තරමේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හෝ ඉදිරිගාමී පියවරක් විය යුතුය. එහෙත් මෙතැන එහෙම එකක්ද නැත. සිරිසේනත් මහින්දත් අඩිය තැබුවේ ආපස්සටය. ඒකෙන් කම් නැත. එහෙත් එය රටක ජාතියක ජනතාවගේ අනාගතය ආපස්සට ඇද දැමීමක් වීම බරපතල කාරණයකි. ඊට කිසිසේත් ඉඩ දිය යුතු නැත. එහෙනම් සිරිසේන මහින්ද මේ රැවටිලිකාර සංධානය එකවිට හැකි ඉක්මනින් පරාජය කළ යුතු වීම දැන් රට ඉදිරියේ ඇති අලුත් අභියෝගයයි.