ශ්‍රී ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිළධාරියෙකු වන දේවනේසන් නේසයියා 1959 සිට 2017 දක්වා කළ සේවය වෙනුවෙන් ඔහුට මෙම පදක්කම ජනාධිපති සිරිසේන විසින් පිරි නමා තිබුණි.
2017 මාර්තු මාසයේ පිරි නමන ලද මේ ශ්‍රේෂ්ට පදක්කම, වසර 70ක ප්රජාතන්ත්රවාදය ඉතාම අමනෝඥ ලෙස බිඳ දැමීම හේතුකොටගෙන තමා තුළ හට ගත් අප්‍රසාදය නිසා තවදුරටත් එම පදක්කම තබා ගැනීමට අකමැත්ත පළ කර තිබේ.
මේ වන විට විදේශගතව සිටින තමා ශ්‍රී ලංකාවට පැමිණි විගස සිය පදක්කම හා සහතිකය ජනාධිපති සිරිසේනට ලබා දීමට කටයුතු කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.