ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නීතිවිරෝධී ලෙස සිදුකරන ලද ව්‍යවස්ථා කුමණ්ත්‍රණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මහත් අනතුරකට පත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල විශාල කඩාවැටීමකට ලක්ව ඇති මොහොතක, ජනපති විසින් ඇතිකරන ලද මෙම අවිනිශ්චිත තත්ත්වය නිසා රටට අහිතකර බලපෑම් ඇතිව තිබේ.
මෙහි පළමු අහිතකර බලපෑම ඇතිවූයේ කොළඹ කොටස් වෙළඳපොළටය. කොළඹ කොටස් වෙළඳපොළේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දින හතරක් වැනි කෙටි කලක් තුළ රු බිලියන 4 ක මුදලක් රටින් බැහැරව ගෙන ගොස් තිබේ. 2018 ජනවාරියේ සිට සැප්තැම්බර් දක්වා වූ මාස 9 ක් තුළම (දින 270 ක්) සමස්ථයක් වශයෙන් රටින් බැහැරව ගෙන ගොස් ඇත්තේ රු බිලියන 6.1 කි.
ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව විශ්වාසය පළුදුවීම හේතුවෙන් විදේශිකයන් තම කොටස් සීඝ්‍රයෙන් අලෙවි කරමින් සිටිති. මෙසේ විදේශිකයන් තම ආයෝජන මුදල් රටින් බැහැරව ගෙනයාම ජාත්‍යන්තර මුල්‍ය අර්බූදය මධ්‍යයේ අප රටේ ආර්ථිකයට මහත් බලපෑම් ඇති කරයි. 2019 ජනවාරි මස කල් පිරෙන ඇ.ඩො. බිලියනයක ස්වෛරී බැදුම්කරයේ ඉපැයීම කිසිදා නොවූ විරූ අයුරින් 5.6% සිට 9.9 % දක්වා දෙගුණයකින් පමණ වැඩි විය. ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් මෑතදී ඇතිවූ වැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් විදේශීය ආයෝජකයන්, ජාත්‍යන්තර ආයෝජකයන් වැඩි පොළියක් ඉල්ලා සිටින නිසා මෙම තත්වය උද්ගතව ඇත. මෙය වනාහී ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැනීමේ පිරිවැය දෙගුණයක් වනු ඇත.
ශ්‍රී ලංකාව එහි විදේශ ණය ගෙවීමට අපොහොසත් වූවහොත් රට මෙවැනිම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ආර්ජන්ටිනාවේ තත්ත්වයට නැතහොත් වෙනිසියුවේලාවටත් වඩා අන්ත තත්ත්වයට පත්වීම නොඅනුමානයි. මෙවැනි සහසික හා අවස්ථාවාදී ක්‍රියා නිසා පීඩාවට පත්වනුයේ අප රටේ පුරවැසියන් ය . ශ්‍රී ලංකාව වැනි අභියෝගවලට මුහුණ දෙන ආර්ජන්ටිනාවේදී ද, මෙම සතිය තුළ අප රටේ සිදු කරන ලද්දක් මෙන් ප්‍රතිපත්තිමය වෙනස් කිරීම හේතුවෙන් එහි පොළී අනුපාතය 74% ට වැඩිවිය. උද්දමනය 22% ක් වූ අතර එහි මුදල වන පෙසො හි අගය 115% ප්‍රතිශතයකින් අවප්‍රමාණය විය.
ශ්‍රී ලංකාවේ ණය සහ කොටස් වල සිදුවන්නාවු සීඝ්‍ර විදේශ අලෙවිකරණයෙහි ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ රුපියලේ අගය හා දේශීය පොළී අනුපාතය කෙරෙහි සැලකිය යුතු පීඩනයක් ඇතිවනු ඇත. රුපියල් 175 ට අඩුවෙන් ස්ථාවර වී තිබූ රුපියලේ අගය සිව් දිනක් තුළ රුපියල් 174 සිට 177.3 දක්වා අවප්‍රමාණය විය. රුපියල ආරක්ෂා කිරීම සඳහා ඉතා අමාරුවෙන් ගොඩ නැගූ විදේශ සංචිතයේ මුදල් විකිණීමේ පැරණි රාජපක්ෂ උපාය මාර්ගය දැනටමත් ක්‍රියාවට නංවා තිබේ. මෙය නැවත වාරයක් අසාර්ථක උපාය මාර්ගයක් ලෙස ඔප්පු වනු ඇත. සංචිතය ට ඇතිවන්නාවූ පාඩුව ඉදිරියේදී තිබෙන විදේශ ණය සේවාකරණය ගෙවීම සඳහා තිබෙන දුෂ්කරතාවය තවත් තීව්‍ර කරනු ඇත.
ද්‍රවශීලිතාවය තියුණු ලෙස දැඩිව ඇති බැවින් දේශීය පොළී අනුපාතය කෙරෙහි සැලකිය යුතු අයුරින් බලපෑම් දැනටමත් එල්ලවී තිබේ. මෙම සතිය තුළ ඇතිවූ පීඩණය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොළී අනුපාතය වැඩි කිරීමේ දැඩි සම්භාවිතාවයක් පවතියි. මෙය නිසා ණය ගැනීමේ පිරිවැය වැඩි වන අතර ආයෝජන හා ආර්ථික ක්‍රියාවන් අඩපණ කරනු ඇත.
පිරිහෙමින් පැවති අපනයනය සහ එක තැන පල්වෙමින් පැවති සෘජු විදේශ ආයෝජන ආපස්සට කැරකවීමට හරවන්න ශ්‍රී ලංකාව යාන්තමින් සමත්වූවා පමණි. 2017 වසර තුළ අපනයනය හා සෘජු විදේශ ආයෝජනය විශිෂ්ඨ තත්ත්වයේ පැවති අතර එය 2018 මුල් මාස හය තුල අඛණ්ඩව වර්ධනය විය. අවාසනාවකට මෙන්, මෙම නීති විරෝධී ආණ්ඩුවේ නිර්ලැජ්ජිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සහ ව්‍යවස්ථානුකූල නොවන ක්‍රියා නිසා අප විසින් ඉතා වෙහස වී යුරෝපීය වෙළඳපොල පිවිසුම හා ජී එස් පී + (GSP+) වැඩසටහන අවදානම් තත්ත්වයට තල්ලුකර ඇත. මෙම වෙළඳපොළ අවස්ථා අපට අහිමි වුවහොත් , ලොව විශාලම වෙළඳපොළ අවස්ථාව අහිමිවී, අපගේ ධීවර හා මුහුදු ආහාර ක්ෂේත්‍රය මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයටද බෙහෙවින් අහිතකර බලපෑම් ඇතිවනු ඇත. සංවෘත ආර්ථික ක්‍රමය, ආරක්ෂණවාදය සහ ප්‍රතිගාමී ප්‍රතිපත්ති කෙරෙහි නැඹෘවන්නේ නම් අප රට යළි ආර්ථික අර්බුධ කරා තල්ලුවීම වැළැක්විය නොහැක.
මෙම සෘණාත්මක ප්‍රවණතාවය ජාත්‍යාන්තර ඇගැයුම් ආයතනවල (International Rating Agencies) ක්ෂණික අවධානය ට ලක්ව තිබේ. නිරතුරුව වෙනස්වන ප්‍රතිපත්ති සමගින් වූ දික්ගැස්සුණු දේශපාලන කැළඹීම ආයෝජකයන්ගේ විශ්වාසය නැතිකරන අතර 2019- 2022 කාලය අතර විශාල වශයෙන් ගෙවිය යුතු විදේශ ණය සේවාකරනය ඉටුකිරීම ද රජයට විශාල අභියෝගයක් වේ. තවත් ඇගයීම් ආයතනයක් වූ මූඩි ආයතනය (Moody’s) පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ දරුණු තත්ත්වයක පවතිද්දී, අනාගත ප්‍රතිපත්තිය කෙරෙහි අවිනිශ්චිත තත්ත්වයක් පැවතීම ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමේ දී සෘණ බලපෑමක් ඇති වනු ඇත.
මූල්‍ය ආයතනයන් ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ ඇගයීම් තත්ත්වය පහත හෙළීමේ බරපතල අවදානමක් පවතියි. මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරී ණය සඳහා පොළී අනුපාතය වැඩිවීමට සහ ශ්‍රී ලංකාවට ණය දෙන්නන් අතිශයින් පසුබසින්නට ඉඩ ඇත. ඒ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ව්‍යාකූල දේශපාලන තත්ත්වය හමුවේ ඇරඹි මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙනි. ඉදිරි වසර තුන ඇතුළත ශ්‍රී ලංකාව විසින් විදේශයන්ට ගෙවිය යුතු ඇ.ඩො. බිලියන 15 ක ණය සේවාකරණය සඳහා ණය ලබා ගැනීම අති දුෂ්කර කරුණක් වේ. අප රජය විසින් ඉතා කල්පනාකාරීව ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්තිවලට යළි මෙම රට යොමු කරමින් ආර්ථිකය යළි ප්‍රතිෂ්ඨාපනය නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය නොගෙවීමේ බරපතල අවධානමට මුහුණ දීමට සිදුවනු ඇත.
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය හා සාර්ව ආර්ථික ස්ථායිතාවය ඇති කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව ඉතා අමාරුවෙන් කටයුතු කළේය. 2019 - 2022 කාලය තුළ අපට විශාල ප්‍රමාණයෙන් විදේශීය ණය සේවාකරණ බන්ධනයන් තිබෙන බැවින් ජගත් මූල්‍ය වෙළඳපොළ තුළ විශ්වසනීයත්ව දිනාගැනීම සඳහා කැපකිරීම් කරන ලදී. මෙම විශ්වසනීයත්වය වගකීම් රහිත ආකාරයට මෙම නීති විරෝධී ආණ්ඩුව විසින් සතියක කාලය තුළ කෙලසා දමා තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා සිදු කරන ලද විවිධ බදු කපාහැරීම් රාජ්‍ය ආදායමට පීඩා පමුණුවනු ඇත. 2019 වසර තුළ රුපියල් ට්‍රිලියන 2 ක ණය සේවාකරණයක් කිරීමට සහ අපගේ රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන දෙකකට ආසන්නව තිබෙන සංදර්භය තුළ අදායමේ කිසිදූ අඩුවීමක් සිදුවීම යනු මූල්‍ය බන්ධනයන් හා රාජ්‍ය සේවයට ප්‍රතිපාදන ලබාදීමට තිබෙන රජයේ හැකියාවන් වෙත අතිශයින් විනාශ දායක වේ.
වත්මන් පාලනය විසින් අනාවරණය කරන ලද බදු අඩුකිරීමේ යෝජනා 15 න් තුනක් වන විදුලි සංදේශ බදු අඩුකිරීම, වැට් සඳහා ආදායම් සීමාවන් වැඩිකිරීම සහ පොළී ආදායම් මත වූ රඳවාගැනීමේ බද්ද අඩුකිරීම ආදීය පමණක් ගතහොත් එයින් රු බිලියන 75ක ආදායම් අඩුවීමක් සිදු වනු ඇත. (මෙය සමෘදිය ලබාදීම සඳහා වසරකට වැය කරන මුදල මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකි). සැබවින්ම 5% ක අවසන් රඳවාගැනීමේ බද්ද ඉවත් කරන්නේ නම්, පොළී ආදායම, ආදායම් ලෙස ප්‍රකාශයට පත් කොට දැනට වලංගු 5% වෙනුවට 24% ආදායම් බද්දක් අය කිරීමට ඔවුන් බලාපොරුත්තු වෙනවා විය හැක.
මෙම නීති විරෝධී රජය විසින් විසින් ඔවුන්ගේ අස්ථිර, වගකීම් විරහිත එහෙත් ජනප්‍රිය බදු අඩුකිරීම් තුළ රජයේ වියදම් අඩුකරනුයේ කෙසේදැයි තවමත් පැහැදිලි නැත. 2018 වසරේ මුල් මාස 6 තුළ සමස්ත රාජ්‍ය ආදායම රු බිලියන 925 කි. රාජ්‍ය වැටුප් සඳහා රු බිලියන 316 ක්, පොලි ගෙවීම් සඳහා රු බිලියන 391 ක් සහ සුභ සාධන වියදම සඳහා රු බිලියන 223 ක් වන අතර මෙම වියදම් තුනේ එකතුව පමණක් රු බිලියන 930 කි. මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවක ප්‍රමාණය අඩු කරයි ද ? රාජ්‍ය වැටුප් අඩු කරයි ද ? සමහරවිට ඔහු විශ්‍රාම වැටුප අඩු කරාවි ද ?
සැබැවින්ම මෙම කුමණ්ත්‍රණය හේතුවෙන් භාණ්ඩාගාර බිල්පත්වල පොළී අනුපාතය පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩිවනු ඇත. ඔහුට ඇති එකම විකල්පය සංවර්ධන කටයුතු සඳහා තිබෙන වියදම් කපාහැරීමය. එසේ කිරීමට අප රජය කිසිදු ආකාරයකින් කටයුතු කළේ නැත. ආදායම් අඩුවීම් ආවරණය කිරීම සඳහා "අමාත්‍ය මණ්ඩලය අඩු කරනවා" සහ "ප්‍රාග්ධන වියදම් නැවත සමාලෝචනය කරනවා" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම යනු ජනතා අවධානය වෙනත් මගට යොමු කර ඔවුන් රැවටීමට ගනු ලබන හුදු ප්‍රයත්නයන් පමණි.
ඉන්ධන මිල සූත්‍රය ඉවත් කිරීමෙන්, මෙම නීති විරෝධී පාලකයන් උත්සහ කරනුයේ ඉන්ධන මිල තීරණය කිරීමේදී විනිවිද නොපෙනෙන, දේශපාලනීකරණය වූ මිල ක්‍රමයක් අනුගමනය කිරීමටය. එයින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රු බිලියන 350 ට අධික පාඩුවක් සිදු වනු ඇති අතර එම බර අවසානයේ බදු ගෙවන ජනතාව මත පටවනු ඇත. ඔක්තෝම්බර් 10 වන දිනට පසුව සිංගපූරු ප්ලැට්ස් තෙල් මිලෙහි 12 % ක අඩුවීමක් වාර්තා වූ අතර ඉන්ධන මිල සූත්‍රය අනුව ද තෙල් මිල අඩු කිරීමට හැකිව තිබිණි.
පසුගිය සතිය තුළ ගනු ලැබූ වගකීම් රහිත ක්‍රියාවන් ආර්ථික කළමනාකරණ මූලික සිද්ධාන්තවලට පවා පටහැනි ඒවාය. මෙම කෙටි කාලීන, පහත් මජර ක්‍රමයන්, බලය ඩැහැ ගැනීම සඳහා ජනතාව රැවටීමට කරනු ලබන උත්සාහයන් වන අතර ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ, මේ වන විට උසාවියේ පවත්නා නඩුවලින් නිදහස්වීමය. මෙවැනි අඥාන ක්‍රියාමාර්ග තුළින් අපේ රට විශාල ආර්ථික අගාධයකට ඇද දමනු ඇත.
අප රජය විසින් ආර්ථික වර්ධන උත්තේජනය කිරීම හා ජනතාවගේ ජීවන මට්ටම නංවන්නට ඉතා සැලසුම් සහගතව වැඩසටහන් සමූහයක් ක්‍රියාවට නංවන ලදී. සුලු ව්‍යාපාර හා ආයතන බලගැන්වීම සඳහා හඳුන්වාදෙන ලද “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ‘ගම්පෙරලිය‘ වැඩසටහන ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් දිරිමත් කිරීම සඳහා ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්ව ඇත. අපගේ ප්‍රායෝගික සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හරහා උද්ධමනය පාලනය කර තිබෙන අතර ඔක්තෝබර් මාසය තුළ ආහාර මිල ගණන් 2.3 % අඩුවිය. මෙම සතියේදී හඳුන්වා දෙන ලද ආකාරයේ බාල, අදූරදර්ශී සහ වගකීම් විරහිත ක්‍රියාවලට අප රජය පෙළඹ වූයේ නැත.
අසාර්ථක, පවත්වාගෙන යා නොහැකි මෙම වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන ලෙසත් මෙම නීති විරෝධී පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී වංචනික උපායයන් ප්‍රතික්ෂේප කරන ලෙස මේ රටේ සියලු සබුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
08.11.2018