සියල්ලට වඩා නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව උත්තරීතර අධිකරණ බලය හොබවන බවත් අධිකරණය හමුවට මෙම ගැටලුව යොමු කළද එය නැවතත් පාර්ලිමේන්තුවට යොමු වන බවත් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන සමඟ වැඩ කිරීමට තමන් තවමත් සූදානම් බවත් පුද්ගලික ප්‍රශ්න ව්‍යවස්ථාවට අදාළ නොවන බවත් වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කර තිබේ.