කථානායක වැ‍රැදියි කියන පොල්ලෙලි තකතීරුවන්ගේ දැනගැනීම සඳහා..ස්ථාවර නියෝග Featured

Published in පුවත්
Thursday, 15 November 2018 12:31

2018 නොවැම්බර් 14 වන දින පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ක්‍රියාකාරීත්වය පිළිබදව විවේචන දෙකක් එල්ලවිය එනම්,

1)- ස්ථාවර නියෝග අත්හිටුවීම නීති විරෝධිය 2) - හඩ අනුව ඡන්දය විමසා ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම වැරදිය. මෙම විවේචනයන් දෙක ස්ථාවර නියෝග අනුව අනුව සලකා බැලිය හැකිය

1)- ස්ථාවර නියෝග අත්හිටුවීම නීති විරෝධිද?

ස්ථාවර නියෝග 135 හි ර්‍ණස්ථාවර නියෝග අත් හිටුවීම” පිළිබදව ප්‍රතිපාදන මෙසේ සදහන් වේ.

* ස්ථාවර නියෝග අත්හිටවීම

135.පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් බහුතරයක් විසින් යම් රැස්වීමක දී දැනුම් දීමෙන් අනතුරුව ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් මගින්, යම් විශේෂ කටයුත්තක් තීරණය කිරීමට හෝ සුදුස්සක් කර අවසන් කිරීමට හැකිවනු පිණිස ස්ථාවර නියෝග එකක් හෝ ඊට වැඩි ගණනක් අත්හිටවනු ලැබීමට හැකි ය:

එසේ වුව ද, මෙම ස්ථාවර නියෝගය යටතේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු විසින් ඉදිරිපත් කරනු ලබන්නේ නම් මිස, බෙදීමකින් තීරණය කරනු ලැබිය යුතු අතර, බහුතරයේ මන්ත ්‍රීවරයන් විසි දෙනෙකුට අඩු සංඛ්‍යාවක් යෝජනාවට පක්ෂව ඡන්දය ප ්‍රකාශකොට ඇති බව පෙනී යන්නේ නම් එම යෝජනාව නිශ්ඵල බවට ප ්‍රකාශ කරනු ලැබිය යුත්තේ ය.”

මේ අනුව 2018 නොවැම්බර් 14 වනදින පාර්ලිමේන්තුවේ සිදුවූ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගයන්ට අනුකූල බව පැහැදිලිය. මේ අනුව එදින පාර්ලිම්න්තු මන්ත්‍රිවරයකු විසින් සිදුකරන ලද යෝජනාවක් මත සභාවේ එගකතාවය මත ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගයන්ට එකගය.

2) - හඩ අනුව ඡන්දය විමසා ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම වැරදිද?

ස්ථාවර නියෝග 47 හි ඡන්දය දීම පිළිබද පිළිවෙත පිළිබදව සදහන් වේ. ඒ අනුව එහි සදහන් වන්නේ-

*ඡන්දය දීම

47. (1) කථානායකවරයා විසින් ප්‍රශ්නය විමසනු ලැබිය යුතු අතර, “පක්ෂයි” සහ “විරුද්ධයි” යනුවෙන් කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන කථානායකවරයා විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබිය හැකි ය.

(2) කථානායකවරයාගේ තීරණය සමග යම් මන්ත්‍රීවරයකු එකඟ නොවන්නේ නම්, කථානායකවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මතු සඳහන් කවර හෝ ක්‍රමයකට ඡන්දයක් සඳහා බෙදීමක් ඉල්ලා සිටිනු ලැබිය හැකි ය. එවැනි අවස්ථාවක දී, බෙදුම් සීනු මිනිත්තු පහක් නාද කරනු ලැබිය යුතු අතර, ඉන් අනතුරුව -
(අ) මන්ත්‍රීවරයන් එක් පේළියෙන් පේළිය බැගින් තම ස්ථානවලින් නැගී සිට සභාව ඉදිරියේ තිබෙන යෝජනාවට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය භාවිතා කිරීම, ගණන් කිරීමෙන් කරනු ලැබිය යුතු ය;
(ආ) විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් ඡන්දය ගනු ලැබිය යුත්තේ ය. මෙහිදී මන්ත්‍රිවරයන් කථානායකවරයා විසින් ඉඩදෙනු ලබන කාල සීමාව ඇතුළත ඔවුන්ගේ තීරණය දැක්වීම සඳහා අදාළ බොත්තම එබීමට කටයුතු කරනු ලැබිය යුත්තේ ය;
(ඇ) මහ ලේකම්වරයා විසින් එක් එක් මන්ත්‍රිවරයාගෙන් එම මන්ත්‍රීවරයා ඡන්දය දීමට රිසි කවර ආකාරයෙන් ද යන්න විමසා ඒ අනුව ඡන්ද සටහන් කර ගනු ලැබිය යුත්තේ ය. මහ ලේකම්වරයා විසින් පළමුව අග්‍රාමාත්‍යවරයාගේ ද, ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ ද, ඉන්පසු අනෙකුත් මන්ත්‍රිවරයන්ගේ ද ඡන්දය ඔවුන්ගේ නම්වල අකාරාදී අනුපිළිවෙළට විමසනු ලැබිය යුතු අතර, යම් මන්ත්‍රිවරයකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට අදහස් කරන්නේ නම්, ඒ බව මහ ලේකම්වරයාට ප්‍රකාශ කරනු ලැබිය හැකි ය.

එවැනි අවස්ථාවක මහ ලේකම්වරයා විසින් එම මන්ත්‍රිවරයාගේ නම වාර්තා කරමින් ඔහු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි ලෙස සටහන් කරනු ලැබිය යුත්තේ ය.

(3) කථානායකවරයා විසින්, තීරණයට පක්ෂව හා විරුද්ධව ප්‍රකාශ කරනු ලැබ ඇති ඡන්ද ගණන නිවේදනය කරනු ලැබිය යුතු අතර, ඡන්ද සංඛ්‍යා සමාන නම්, කථානායකවරයාට තීරක ඡන්දය දෙනු ලැබීමට හැකි ය. කථානායකවරයා විසින්, ඉන්පසු ඡන්ද විමසීමෙහි ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබිය යුත්තේ ය.”

මේ අනුව 47(1) ස්ථාවර නියෝගයට අනුව “කටහඩවල්” අනුව ඡන්දය ලබාගෙන කථානායකවරයා විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබිය හැකි ය. මේ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වීම පිළිබදව 2018 නොවැම්බර් 14 වනදින කථානායකවරයාගේ තීරණය නිවැරදි බව පැහැදිලිය.

 

Last modified on Thursday, 15 November 2018 12:35

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us