පූජිත, සිරිසේනව පාවලා දෙයි. නිශාන්තව මාරු කිරීමේ ඇත්ත හේතුව හෙළිකරයි

Published in පුවත්
Thursday, 22 November 2018 13:25

පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇත්ත හේතුව හෙළිකරම්න් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා LTTE සංවිධානයට සම්බන්ධ බවට 2018 නොවැම්බර් 13 වන දින පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී සිදු කරන ලද සාකච්ඡාව සම්බන්ධයෙන් 2018 නොවැම්බර් 16 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න විසින් දුරකථනයෙන් දැනුම් දුන් බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව යමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් ඒ සම්බන්ධ වාර්තාවක් කැඳවීමට තමන් ක්‍රියා කළ බව එම ලිපියේ සඳහන්.

ඒ අනුව පසුගිය නොවැම්බර් 18 වැනිදා S/DIG/CID/IGP/3303/2018 දරණ ලිපිය මගින් නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් නිර්දේශ හා නිරීක්ෂණ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් පොලිස්පතිවරයාට යොමු කර තිබෙනවා.

එම ලිපියෙන් දක්වා ඇති කරුණු 3ක් සඳහන් කර තිබෙනවා.

1. පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා LTTE සංවිධානයට සම්බන්ධ බවට කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් වාර්තා වී නොමැත. වෙනත් නීති විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවට ද කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් අනාවරණය වී නොමැත.

2. මෙම නිළධාරියා උනන්දුවෙන් හා කැපවීමෙන් රාජකාරි සිදු කරන බව හා විමර්ශන බොහොමයකට අදාළ නඩු කටයුතු පවත්වාගෙන යමින් චූදිතයන්ට දඬුවම් ලබා දී ඇති නිළදාරියෙක් බව.

3. පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා LTTE සංවිධානයට සම්බන්ධ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විහිත ද්වේෂ සහගත චෝදනාවක් බවට පැහැදිලි වන අතර ඔහුට විරුද්ධව කිසිදු විමර්ශන හෝ බුද්ධි අංශයකින් මෙවැනි චෝදනාවන් ඉදිරිපත් වී නොමැති බව.

පොලිස්පතිවරයා මෙම කරුණු තුන සඳහන් කරමින් පවසා ඇත්තේ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේනගේ නියෝග හා උපදේශ මත සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයට නිශාන්ත සිල්වා මහතා මාරු කර යැවීමට කටයුතු කළ බවයි.

2015 ජනවාරි 08 වනදා යහපාලනයේ නාමයෙන් මෙරට හැට දෙලක්ෂයකගේ කඳුළු මතින් බලයට පත් වූ සිරිසේන ජනපති දැන් මහින්ද රාජපක්ෂගේ මිනීමරු කල්ලියේ රෙදි අපුල්ලන රාජකාරිය සිදු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් රාජපක්ෂ සහෝදරයන්ගේ ලේ වැකුණු දෑත් පිරිසිදු කිරීමට රටේ අවංක පොලිස් නිළධාරින්ට මෙලෙස ත්‍රස්තවාදී ලේබලය අලවා ස්ථාන මාරු ලබා දීමේ මජර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තරම් පහත් තත්වයට දැන් සිරිසේන වැටී තිබෙනවා. කෙසේ වෙතත් මෙම මාරු කර යැවීම සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ද ජනාධිපති සිරිසේනට ලිපියක් මගින් අදහස් දක්වා තිබුණා.

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාගේ නායකත්වයෙන් පරීක්ෂණ කටයුතු කරන ලද අපරාධ අතරට, එල්ටීටීඊ සංවිධානය සිදු කළ අපරාධ 60ක්, යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම, කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය, ගල්ගමුවේදී දරුවකු පැහැර ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම ඇතුළත් වනවා.

unnamed

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us