යහපාලනය නැත්නම් ශ්‍රීලනිපයේ 18 ක් ස්වාධිනයි. සිරාට අවසන් තීන්දුව දැනුම් දෙයි.

Published in පුවත්
Saturday, 24 November 2018 16:32

සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ දේශපාලන අර්බුධය වහාම ඔහු විසින්ම විසඳිය යුතු බවත් එසේ නොවුණ හොත් අද රට පත්ව තිබෙන බරපතල ආර්ථික අර්බුධය සහ ඒ නිසාම ඇති වෙන සාමාජීය අර්බුධ සියල්ලටම ජනාධිපතිවරයා මුළුමනින්ම වගකිව යුතු බව ශ්‍රී ලනීපයේ මෛත්‍රී පාර්ශ්වයේම පිරිසක් ඊයේ (23) සවස ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.

මෙහිදී ඉතිහාසයේ නොවු විරූ බරපතල අර්බුධයකට රට පත්වෙමින් තිබෙන බවත් මහින්ද අගමැතිධුරයේ තබා ගෙන මෙම ගැටලු කිසිවක් නිරාකරණය කරගත නොහැකි බවත් පෙන්වා දී තිබේ. මේ වන විට ආර්ථික ක්ෂෙත්‍රයේ උද්ගතව තිබෙන ගැටලුව පෙර තිබු යහපාලන රජය පිහි‍ටුවත් විසඳා ගැනීම පහසු නොවන බව ගනන් හිලව් ඇතිව පෙන්වා දී තිබේ. මහින්ද පාර්ශ්වය විසින් පසුගිය සති කිහිපයේදි ගන්නා ලද තීන්දු තීරණ සහ ඉදිරියේදී ගෙන එමට නියමිත බව කියන අතුරු සම්මත ගිණුම හරහාද ආර්ථිකය බංකොලොත් වෙනවා මිසක් වැටි ඇති අර්බුධයෙන් ගොඩ එමට නොහැකි බවත් මෙහිදි පවසා තිබේ.

පැවැති යහපාලන ආණ්ඩුව යළි පිහි‍ටුවා මේ ප්‍රශ්න සඳහා සාමුහිකව විසැඳුම් සෙවීමට අපොහොසත් වුවහොත් රට විනාශ කළ ජනතා ද්‍රෝහීන් ලෙස ඉතිහාසයේ ලියැවෙනු ඇති බවත් ඒ අපවාදයෙන් මිදෙන්නට හැකි හොඳම ක්‍රමය යළි යහපාලනය පිහි‍ටුවීම බව අවධාරණය කර ඇත.

එසේ සාධනිය පියවරකට ජනාධිපතිවරයා අකමැති නම් මේ 18 කණ්ඩායමට පාර්ලිමේන්තුව තුල ස්වාධීන වනවා හැර වෙන විකල්පයක් නැති බවට මේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම තමන්ගේ අවසන් තීන්දුව එය බව අවධාරණය කර තිබේ.මෙම 18 කණ්ඩායම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ සමීප ගනු දෙනුවක් පවත්වමින් සිටින බවද දැන ගැනිමට තිබේ. ශ්‍රී ලනීපය තව දුරටත් කඩා වැටීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම සඳහා තමන් මැදිහත් වෙන බව පසුගියදා බණ්ඩාරනායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියාය.

ඒ කෙසේ නමුත් සිරිසේන ජනාධිපතිවරයා මේ සියල්ලටම ඇහුම්කන් දී ඇති අතර වත්මන් අර්බුධය පිළිගෙනද තිබේ. එහෙත් ඔහු පවසා ඇත්තේ එජාපය අගමැතිධුරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංග හැර ඉදිරිපත් කරන ඕනැම කෙනෙකුට එය ලබා දෙන බවය.

ඒ සම්බන්ධයෙන් එජාපය හා සාකච්ඡා කිරීමට මෙම මන්ත්‍රී කණ්ඩායම පියවර ගෙනද තිබේ. එහෙත් එජාප ආරංචි මාර්ග පවසන්නේ පිටස්තර පක්ෂයක නායකයකුට ඕනෑ විදිහට එජාපයේ නායකත්වය තීන්දු කිරීමට තරම් එජාපය බංකොළොත් නැති බවය. එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය පවසා සිටින්නෙ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස තව දුරටත් සිටිය යුතු බවය. ඔවුන් පවසා සිටින්නේ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව, අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් ඒකරාශි කරගෙන වැඩ කිරීමේ හැකියාව සහ ඔහුගේ නූතනවාදී ප්‍රජාතාන්ත්‍රික දර්ශනය මේ මොහොතේ පක්ෂයටත් රටටත් අවශ්‍ය බවය. එළඹෙන මහ මැතිවරණයකදී පක්ෂයේ අගමැති අපෙක්ෂකයා ලෙස වෙනත් අයෙකු නම් කිරීම ගැන ගැටලුවක් නැති බවත් මෙම පිරිස පෙන්වා දී ඇත.

Last modified on Saturday, 24 November 2018 16:36

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us