මහින්ද රාජපක්ෂ අවුරුදු 46 ක දේශපාලන පළපුරුද්දක් ඇති, මෙවැනි දේශපාලන මංකොල්ල කෑම් පිළිබඳව 1993 දී දකුණු පළාත් සභා මැතිවරණයේදී තමා විසින්ම ලත් අත්දැකීම් ඇති අයෙක් බවත්, තමාට නීති විරෝධිව අගමැතිධූරය භාරදුන් අවස්ථාවේ එය භාරගැනීමට සදාචාරාත්මක අයිතියක් ඔහුට නැති බවත් එජාපයෙන් සොරකම් කළ අගමැතිධූරය තමාට හිතුමතේ වෙනෙකෙකුට පැවරීමට සිරිසේන ජනාධිපතිවරයාට කිසිසේත්ම නොහැකි බවත් අබේවර්ධන මහතා පැවසීය.
තවදුරටත් අදහස් පළ කළ අබේවර්ධන මහතා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රට පාලනය කළ යුතුයි. පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව සතු බලය කිසිසේත්ම අත් නොහළ යුතුයි. එම බලය අන්සතු නොකළ යුතුයි. අර්බුදකාරී අවස්ථාවත් පැනනැගුනහොත් 37:2 යටතේ කතානායකවරයා හට බලතල පවරා තිබෙනවා. එතුමාට ඒ ගැන ප්‍රශ්නයක් පවතිනම් අග්‍රවිනිශ්චයකාරවරයා හට බලතල පවරා තිබෙනවා. එහෙම නැතුව මාධ්‍යයට හෝ ආගමික හා දේශපාලන නායකයන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය අවශ්‍ය කණ්ඩායම් ආණ්ඩු හැටියට පත්කර ගැනීමට කිසිම ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි තැනක සදහන් වන්නේ නැහැ. නීති විශාරද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ ගැන අදහස් පළකොට තිබුණා. මම එතුමාගේ දැනුම ගැන කණගාටු වෙනවා. 37:2 වගන්තිය නැවත කියවන හැටියට එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කිරීම නිසා රට අරාජිකව අදට මාසයක් වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ප්‍රශ්නය දිහා බලන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන් නොවෙයි. එතුමා මේ ප්‍රශ්නය සාමකාමීව විසදාගැනීමට අවංකවම උත්සාහ කරනවා. මෙවැනි ආවේගශීලිව, කටයුතු කරන අවස්ථාවක අපේ ආගමට අනුව ආගමික නායකයන් ප්‍රකාශ කළ යුත්තේ නැවත මැතිවරණ පැවැත්වීම ගැන නොව රට කරවන ඊනියා නායකයන් ශ්‍රද්ධාව, බුද්ධිය, විනය, සදාචාරය, යුක්තිය නීතිය සාධාරණත්වය ඇති කරවන ආකාරයේ අනුශාසනා ලබාදීමයි.