සිරිසේන හෙළිකරන්න යන්නේ අලුත් බැඳුම්කර වාර්ථාවක් ! එයාම ලියපු එකක් Featured

Published in පුවත්
Wednesday, 28 November 2018 14:27

මහ බැංකු භාණ්ඩාගාර බැඳුකර මිළදී ගැනීමක දි සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් සොයා ගැනිමට පත් කළ ජනධිපති කොමිසමේ වාර්තාව හෙළි දර්ව් කිරීමට ජනාධිපතිවරයා තීරණ කර ඇති බවත්. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකාරකාදීන් රැසක් දූෂිතයන් බව හෙළිවනු ඇති බවත් කියමින් මේ දින බයි පීපල්ස්ලා අමුතු ආතල් එක්ක ගනිමින් තිබේ.

එහෙත් ඇත්ත කාරණාව නම් මේවන විටත් බැඳුම්කර වාර්තාවේ සම්පුර්ණ ඉංග්‍රීසි පිටපත ප්‍රසිද්ධ කර එය පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර ඇති බවය. ඉංග්‍රීසි නොදන්නා බයි පීපල්ස්ලාට ඒකෙ ඇත්තේ මොනා දැයි තේරුම් ගැනීමේ හැකියාවක් නැති බව පැහැදිලි කරුණකි. ඒ තබා සිරිසේන ජනාධිපතිවරයාට ද එම වාර්ථාවේ මෙලො මළදානයක් නොතෙරෙන බවත් පැහැදිලිය. එම වාර්ථාවේ ඇතැයි කියන කාරනා සම්බන්ධයෙන් එවකට ඔහු මාධ්‍ය හරහා කළ විශේෂ ප්‍රකාශයේද තිබුණේ පට්ට පල් බොරුය. කිසිවකු හෝ විසින් වාර්තාවේ මෙසේ සඳහන් වෙතැයි කියමින් ලියා දුන් ලියුමක් කියවා සිරිසේන පට්ට පජාත විය. සමහර විට ඔහුගේ උපදේශක ගොබ්බයන්ටද ඒ ඉංග්‍රීසි තේරෙන තරමින් ඒම ලියුම සැකසුවාද විය හැකිය.

නිකුත් කර ඇති බැඳුම්කර කොමිසන් වාර්තාව අනුවත් මහ බැංකුවේ මංකොලයක් සිදුව නැත. එය නීත්‍යානු කූල තත්වයන් සමඟ සිදුව ඇති ගනු දෙනුවක් බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ. ඇතැම් නිළධාරීන් හා එම ක්‍රියාවලියේ තුළ සදාචාරාත්මක නොවන දේ සිදුව තිබේ. එහෙත් එය නීතියට පටහැනි නැත. කොහොමින් කොහොම හරි බැඳුම්කර ජනාධිපති කොමිසමක් පිහි‍ටුවා රනිල් වික්‍රමසිංහ සහ එජාපයේ ඇමැතිවරු කිහිප දෙනෙකු බෙල්ල මුලින් අල්ලා ගැනිමට සිරිසෙන දැරූ උත්සාහ කෝටි ගනනක මුදල් නාස්තියකින් කෙළවර වී තිබේ. කොමිසන් වාර්තාවම පුස්සක් විය. මීට පෙර නිකුත් කර පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්තාවද පුස්සක් විය. බැඳුම්කර වංචාවක් සිදුව ඇතැයි කියමින් ඒකෙදි මහා මෙහෙයුමක් කළද ' වංචාව' කියන වචනය හෝ. එය අපරාධමය කරුණක් ලෙස සලකා විමර්ශනය කළ යුතු බවද එම වර්ථාවෙන් හැලී ගියේය.

කොහොම නමුත් දැන් බයි පීපල්ස්ලා බලන් ඉන්නේ සිංහල වාර්තාව කියවා හෝ යූඑන්පී හොරෙක් අල්ලා ගන්නය. සිරිසේනට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ඉංග්‍රීසි පිටපත නොතේරෙන නිසා සිංහල පිටපත අනුව යැයි කියමින් නැති බලයක් ආරූඩ කරගෙන පසුගිය ඔක්තොබර් 26 වෙනිදා සිට කෙළින පිස්සුවට හා පිස්සුවක් දැන් බැඳුම්කර වාර්ථාවේ සිංහල පිටපත අල්ලාගෙන සිරිසේනත් මහින්දගේ බයි පීපල්ස්ලාත් ආසාවෙන් බලන් සිටිනවා ඇතිය.

එහෙත් මූලික වාර්තාවවු ඉංග්‍රීසි පිටපතේ නැති දෙයක් හො නැති අර්ථයන් සිංහල පිටපතේ අඩංගු වීමේ හැකියාවක් නැත. මේ නිසා අමුතුවෙන් හෙළි වීමට ඇති ඉටිගෙඩියකුත් නැත.

මේ අනුව හිතන්නට වෙන්නේ සිරිසේන මහින්ද එකතු වී බැඳුම්කර වාර්ථාව කිය අලුත් යමක් නිර්මණය කිරීමේ සටකටප උපායක ක්‍රියාත්මක වෙමින් සිටින බව පමණය. සිරිසේනට එහෙම දෙයක් කිරීමේ හැකියාව පැහැදිලිවම තිබේ. පසුගිය මාසය පුරා කළ පිස්සුවේ හැටියට ඒවා ඔහුට සිම්පල් වැඩය. ජනතාවගේ හෝ පාර්ලිමේන්තුවේ තීරණය තමන්ට වැඩක් නැති බවත් තමන් කැමති එකාට අගමැතිකම දෙන්නේය යනුවෙන් කි ගොන් කතාව අනුව ඔහුට ඕනෑම දෙයක් කීමට සහ කිරීමට හැකිය.

මේ නිසා අලුත් නාඩගමක් ඉදිරියේදි දැක ගත හැකිය.

ඒ වාගේම මේ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් සමාගමේ ලොක්කා සමඟ දුරකතන සංවාද වල යෙදුන මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් ඇති බව කියැවේ. එසේ තිබිය හැකිය. එය සිරිසේන ජනාධිපතිවරයා විසින්ම සඟවනු ලැබූ බවට ද චෝදනාවක් මහින්ද පාර්ශ්වයෙන් ඉදිරිපත් විය.

දැන් සිරිසේනට කොන්දක් තිබේ නම් තමන් විසින් දෙප‍රැන්දේ ගසාගත් මේ වාර්තාව සහසුද්දෙන්ම හෙළි දරව් කළ යුතුය. වංචාවට දූෂණයට අවංකවම එරෙහි වීමක් සිරිසේනට තිබේ නම් මේ දුරකතන ලැයිස්තුව සම්පූර්ණයෙන්ම හෙළි කළ යුතුය. නමුත් එහි ඇතැම් නමක් ටිපෙක්ස් කිරීමකින් හැර හෙළි කිරීමේ හැකියාවක් ඔහුට නැති බව පැහැදිලිය. මන්ද ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් කියන්නේ රාජපක්ෂ පවුලේ සමිපතම මිතුරෙකි. ඔහුට මේ බැඳුම්කර බිස්නස් එකේ අත්පොත් තැබුවේ රාජපක්ෂගේ මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්ය. ඒ කෑමේ රහ ඔහුට ඉගැන්නුවේ කබ්රාල්ය. මොකද ඉන් කොටසක් කබ්රාල්ගේ සහෝදරිය හරහා ඒ පවුලටද හිමිවූ නිසාය.

එහෙත් ගැටලුව ඇත්තේ. මේ දුරකතන පණිවිඩ හා බැඳුම්කර ගනු දෙනුව හා ඇති සම්බන්ධයක් ඇති බව කිසිවකුට කිව නොහැකි වීමයි. වෙනත් මුදල් ගනු දෙනු වුනාද යන්න ගැන හෝ සොයා ගැනිම කළ හැකි වන්නෙ නැත. දේශපාලනික මඩ ගැසීම් වෙනුවෙන් නිකම්ම නිකම් සැකයන් පමණක් නිර්මාණය කර ගත හැක.

කොහොම නමුත් මේ ප්‍රශ්න ගත බැඳුම්කරය වංචාවක් නොව දේශපාලනික වුවමනාවක් වෙනුවෙන් හෝද හෝදා මඩේ දමන්නට හැකි සිදුවීමක් බව පැහැදිලි කාරණාවකි. සිරිසේනත් මහින්දත් දැන් කරමින් සිටින්නෙ එයයි.

බැඳුම්කරයෙන් වංචාවක් සිදුව ඇත්නම් කළ යුතු වනේ ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනිමයි..එහෙත් එය මේ කපේදී සිදුවන්නෙ නැති බව ටක්කෙටම කිව හැක. මන්ද එසේ වුවහොත් රෙදි ගැලවෙන්නේ සිරිසේනගේ හා මහින්දලාගේ නිසාය. ඇලෝසියස්ට රට උගස්කර හෝ මහ වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. (උදාහරණය ඇවන්ගාඩ් වෝදනාව)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us