මේ සම්බන්ධයෙන් කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කොට තිබේ. එය පහත දැක්වේ.
මේ අතර දෙමළ ජාතික සන්ධානයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරඹුණ හා ඒකාබද්ධව ආණ්ඩුවක් පිහිටු වීමට සහය පළ කරන බවය.
දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකරන ලද ලිපියෙන් ජනාධිපතිවරයා නව අගමැතිවරවරයෙක් පත්කොට මාසයක් ගතවීමෙන් අනතුරුවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට ඔහු සමත් වී නොමැති බව පෙන්වාදෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්, පසුගිය නොවැම්බර් 14 සහ 16 දෙදින සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව රටට අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්වයක් නිර්මාණය වූ බව පෙන්වා දෙති.
මේ තත්වය හමුවේ මාසයකට වැඩි කාලයක් තුළ රටෙහි රජයක් නොමැති තත්ත්වයක් මතුව ඇති බව ද එම ලිපියේ සඳහන්වේ.
ආර් සම්බන්දන්
එම් ඒ සුමන්තිරන්
මාවෙයි සේනාධිරාජා
ඩී සිද්ධාර්තන්
එස් ශ්‍රීධරන්
ඊ සරවනපවන්
සෙල්වම් අඩෙයිකලනාදන්
චාර්ල්ස් නිර්මලනාදන්
ශාන්ති ශ්‍රීස්කන්ධරාජා
එස් සිවමෝහන්
සීනිතම්බි යෝගේෂ්වරන්
ජී ශ්‍රීනේෂන්
කේ කොඩීස්වරම්
කේ තුරයිරත්නසිංහම් - යන මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් තබා තිබේ.
මෙම තත්ත්වය තවදුරටත් පැවතිය යුතු නැති බව තමුන් විශ්වාස කරන බවද දෙමළ ජාතික සංධානය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.