මහින්ද, තවත් චීන ණය උගුලක රට හිරකරයි ! Featured

Published in පුවත්
Thursday, 29 November 2018 19:57

කුමන්ත්‍රණ ආණ්ඩුවේ සහ එම කුමන්ත්‍රණ ආණ්ඩුව හා එළඹෙන ගිවිසුම්වල නිත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සැකයක් මතුවන පසුබිමක රාජපක්ෂ සහ චීන සමාගම් අතර තවත් ඩොලර් මිලියන ගණනක ගිවිසුමක් අත්සන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. එම ගිවිසුම ශ්‍රී ලංකා වරාය අධි ශ්‍රේණි ගත කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා අත්සන් කර ඇති බව එම පුවත් සේවය පවසනවා.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වන වරාය අධිකරියේ උසස් නිළධාරියකු පවසන්නේ මෙම ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් මෙය ඩොලර් මිලියන් 50 ක ගිවිසුමක්.

නම සඳහන් කිරීමට අකමැති වූ ඇමැතිවරයෙක් ද පවසා ඇත්තේ මෙය කැබිනට් අනුමැතිය ලැබුණ බවයි. ඔහු රබර් මුද්‍රාව සහිත ගිවිසුමේ පිටපතක්ද පෙන්වා තිබෙනවා.

මෙම ගනු දෙනුවේදී ඩොලර් මිලියන් 32 ක් වැය වන්නේ ජය බහලුම් පර්යන්තය ගැඹුරු කිරීම වෙනුවෙනි. එම කොන්ත්‍රාත්තුව චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගමට ලබා දි තිබෙනවා.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් දොඹකර 3ක් මිලදි ගැනීම සඳහා ඩොලර් මිලියන් 25.7 ක් ශෙංහයි ජෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් නම් චීන සමාගමට දි තිබෙනවා.

මෙම ගනු දෙනුව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා පවසන්නේ මෙය නිත්‍යානු කූල නැති බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි

වත්මන් දේශපාලන අස්ථාවර භාවය හා ආර්ථික අර්බුදය නිසා තව දුරටත් ණය අර්බුදයක ශ්‍රී ලංකාව ගිලෙනු ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. රාජ්‍ය අනුබද්ධ සමාගම් හා බැංකු වාර්තා අනුව මේ වන විට ඩොලර් බිලියන 8 ක ණය බරක් චීනයෙන් මෙරටට පටවා තිබෙනවා..

සිරිසේන ජනාධිපතිවරයා වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කර රාජපක්ෂ ප්‍රමුඛ ඊනියා කැබිනට් මණ්ඩලයක් පත් කළද ජාත්‍යන්තර වශයෙන් කිසිදු රාජ්‍යයක් තවමත් ඔවුන් නීත්‍යානුකූල රජයක් ලෙස පිළිගෙන නැහැ. එවැනි තත්වයක් හමුවේ ඇති තරම් චීන ණය උගුල්වලට හසුව සිටි ශ්‍රී ලංකාව රාජපක්ෂගේ පැමිණීමත් සමඟ තවත් ගිවිසුම් දෙකක් මගින් තවදුරටත් ණයකරුවන් වී තිබෙනවා.

මේ අතර චීනය ශ්‍රී ලංකාවට සිදු කළ දේ පිලිපීනයට සිදු කළ නොහැකි බව ෆෝබ්ස් සඟරාව වාර්තා කරනවා. ලෝකයේ ප්‍රධාන මුහුදු බලකොටු අල්ලා ගැනීමේ “ණය උගුල“ ට පිලිපීනය යොදා ගැනීමට නොහැකි බව එම පුවත් සේවයට ලිපියක් ලියමින් මහාචාර්ය පැනෝස් මෝඩකොවුටස් පවසන්නේ

“ චීනයේ මෙම ණය උගුල් ඇටවීම ශ්‍රී ලංකාවේ වරාය මධ්‍යස්ථාන වැඩි දියුණු කිරිම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට චීන ඉදිකිරීම් සමාගම් සඳහා චීන රජය විසින් ණය ලබා දීමත් සමඟ ආරම්භ වූ බවයි. එසේම චීනයට එම ණය පියවීමට නොහැකි වන විට චීනය එම වරාය මධ්‍යස්ථානයන්හි සමාන අයිතිය ඉල්ලනු ලැබු බවත්. එමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් දෙකක අයිතිය සහ පාලනය චීනයට ලැබීමට පිටිවහලක් වුණ බවයි.

මේ අතර කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා චීනය විසින් ලබා දීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක ණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙන්යාව මේ වන විටත් මුහුණ දී ඇති ආර්ථික අර්බුද හමුවේ චීන ණය ලබා ගැනීමට නොහැකි බව ජනාධිපතිවරයා චීනයට දැනුම් දී තිබෙනවා.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us