විපක්ෂ මන්ත්‍රීවරු ගනනාවක්ම මෙහිදී අය වැය ගැනත් වත්මන් දේශපාලන ආර්ථික තත්වය ගැනත් සුබවාදීව ජනපති සමග කතාබහ කිරීම විශේෂ තත්වයකි.
ජනපති රනිල් ආණ්ඩු පක්ෂ ලොබියේ දී එහි සිටි මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර තුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමඟ සිටි කණ්ඩායම සමඟත් කතා බස් කරන්න ජනපතිට හැකිවිය.
එහිදි ජනපති සමඟ සිටි මන්ත්‍රී වජිර අබේවර්ධන මහින්දට කීවේ ඔබතුමා අයවැයට සහාය දෙනවා කියලා කිව්වාට නාමල් මන්ත්‍රීතුමා බනිනවානේ කියාය. ඒ ක්ෂණයෙන්ම “එයා කාගේ හරි ලණුවක් කාලා” යැයි මහින්ද කීවේය. කොහොම නමුත් මෙවර අයවැයත් ගැටළුවකින් තොරව සම්මත විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා බහෙන් තහවුරුව තිබේ.