ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !   Featured

Published in Gossip
Sunday, 03 March 2024 11:05

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම බවද පැවසේ.

නිමල් ලංසා කණ්ඩායම ප්‍රමුඛ සුළු පක්ෂ ගණනාවක් සමඟ ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ ද තමන්ට සහාය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය දැනට සැලසුම් කරමින් සිටී.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදීන් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව දේශපාලන කටයුතු කරන පොහොට්ටු ප්‍රධානීහු වෙති.

-දේශය

Leave a comment

 

ld add copy

Connet With Us