පොහොට්‍ටුවෙන් ධම්මික එන්නේ නෑ. බිලි බෝයි කෙනෙකු සොයයි. Featured

Published in Gossip
Tuesday, 30 July 2024 11:22

පොදු ජන පෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණත් ඒ සඳහා සූදානමින් සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නෙ පොහොට්‍ටු පක්ෂයෙ පුර්ණ සහයෝගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවේ නම් පමණක් බව මීට පෙර එම පක්ෂයට අවධාරණය කර තිබිණි. එමෙන්මම එම ජනාධිපතිවරණ සටන සඳහා අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල්ගේ සහයෝගය ලැබිය යුතු බවත් සිය හිතවතුන් වෙත පවසා තිබිණි.

මේ වන විට පොහොට්‍ටුවේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයකට වඩා වැඩි පිරිසක් ජනාධිපති රනිල්ට සහය පළ කර තිබීම මත කිසිසේත්ම ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දරුණු පාරාජයක් උරුම කර ගැනීමට සූදානම් නැති බවත් ඔහුට සමීප තොරතුරු මාර්ග පවසයි.

මේ තත්වය මත නාමල් රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ පවුලෙ හිතවතකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනු ඇත. කෙසේ නමුත් පක්ෂය දැවැන්ත නාය යාමකට ලක්ව ඇති මොහොතක නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමත් විය නොහැකි තත්වය තුළ රාජපක්ෂ පවුල වෙනුවෙන් බිලි වීමට වෙනත් අයකු සොයා ගැනීමේ ගැටළුවක්ද මේ වන විට ඇති තිබෙන බව එම කණ්ඩයමට සමීප තොරතුරු මාර්ග පවසයි.

Leave a comment

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us