මේ වන විට සිදු කර ඇති මෙම සාකච්ඡාව ළඟදීම විකාශය වීමට නියමිතය. තතුදත් ආරංචිමාර්ග පවසා සිටින්නේ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල් ජසීරා මාධ්‍යවේදී මෙහ්දි හසන් (Mehdi Hasan) සමඟ පැවැත්වූ හෙඩ්-ටු-හෙඩ් සම්මුඛ සාකච්ඡාව තුළදී සුපුරුදු පරිදි කේන්තියට පත් ව සිටි බවය.
ලන්ඩනයේ රූගත කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී, හසන් තියුණු හා දුෂ්කර ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර ඇති අතර වික්‍රමසිංහ මහතා සන්සුන්ව සිටීමට දැඩි උත්සාහයක් දරණ ආකාරය දක්නට ලැබ තිබේ. එක් අවස්ථාවක දී, හිටපු ජනාධිපතිවරයා හසන්ගෙන් විමසීම්වල සෘජුභාවයට විරෝධය පළ කරමින් ස්ථානයෙන් පිටව යාමට උත්සාහ කර ඇත.
.
මාධ්‍යවේදියාගේ සෘජු ප්‍රශ්න කිරීම් හමුවේ වික්‍රමසිංහ මහතා එක් වරක් නොව දෙවරක් තම අප්‍රසාදය පළ කළ බවත් දැන ගැනීමට තිබේ. කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා අපහසුතා මධ්‍යයේ වුව සම්මුඛ සාකච්ඡාව තුළ දිගටම රැඳි සිට ඇත.
රූගත කරන ලද මෙම වැඩසටහන තවමත් විකාශනය කර නොමැති අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය කෙරෙහි ගෝලීය අවධානය ඉහළ ගොස් ඇති හෙයින්, මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර අවධානය යොමු වනු ඇති බවත් බලාපොරොත්තු වේ.