ඉහුම් පිහුම් සඳහා පොල් තෙල් නැවත භාවිතය නුසුදුසුයි.

Published in Gossip
Tuesday, 23 September 2014 11:54


ඉහුම් පිහුම් කටයුතු සඳහා පොල්තෙල් නැවත භාවිතයට ගැනීම බොහෝ දෙනෙක් සිදු කරයි. ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ ඉහුම් පිහුම් කටයුතු සඳහා පොල්තෙල් නැවත භාවිතයට ගැනීම නුසුදුසු බවයි යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඇතැම් පොල්තෙල් වර්ග ඉහුම් පිහුම් කටයුතු සඳහා නැවත භාවිතයට සුදුසු බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රචාරණය වේ. ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් පත්කළ විශේෂඥ කමිටුව අදාල නිර්දේශ ලබාදී ඇති බවද සෞඛ්‍ය අමත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කිසියම් පොල්තෙල් නිෂ්පාදනයක් නැවත භාවිතය සඳහා සුදුසු බවට ප‍්‍රචාරණය කිරීම යෝග්‍ය නොවන බවත් එවැනි ප‍්‍රකාශ මහජනතාව නොමඟ යවන සුළු සාවද්‍ය තොරතුරු බවත් ආහාර උපදේශන කමිටුව මඟින් පෙන්වාදී ඇත.

එම නිර්දේශවලට අනුව ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් ආහාර උපදේශන කමිටුව වෙත නියෝග නිකුත් කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

Leave a comment

 

ld add copy

Latest News

අද තද වැසි

අද තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිග...

Connet With Us